Zam Zam පදනමේ ඉෆ්තාර් උත්සවය මෙවර සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන්

බුද්ධික වීරසිංහ

දෙහිවල Zam Zam පදනම මගින් වාර්ෂිකව පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය පසුගියදා බහු ආගමික නායකයින් , විවිධ ක්ෂේත්‍රවල ක්‍රියා කරන සමාජ ක්‍රියාකාරිකයන් සහ තවත් ආරාධිත පිරිසකගේ සහභාත්වයෙන් කොළඹ, වැල්ලවත්ත මැරයින් ග්‍රෑන්ඩ් හෝටයේදී පවත්වන ලදි.
මෙහිදී විශේෂයෙන්ම සර්ව ආගමික භූමිකාවන් තුල උපවාසය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ආගමික නායකයන් විසින් ධර්ම සාකච්චාවක් පවත්වන ලදි.
මෙම ධර්ම සාකච්චාව සඳහා ඩී, ජී , ශීලනී සීල් මාතාව, විශ්‍රාමික බිෂොප්වර ආසිරි පෙරේරා,
ෂෙයික් සාජිධ් ඛාන් මවුලවිතුමා, ෂෙයික් අබ්දුල් රහ්මාන් මවුලවිතුමා, ශිව ශ්‍රි දර්ශක ෂර්මා කුරුක්කල්තුමා සහ ජෝෂප් සහෝදරතුමා සහභාගී විය.
Zam Zam පදනමේ සභාපති යූසුෆ් හනීෆා මහතා විසින් ස්තුති කතාව සිදුකරන ලදි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *