නික්කි රණසිංහ
E-Passport හෙවත් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.
ඊට අදාලව අධිකරණය විසින් පනවා තිබුණු වාරණ නියෝගය මේ වන විටත් ඉවත් කර ඇති බැවින් එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසුවේය.
ඒ අනුව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු තවත් මාස 8කින් පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාල සමාගම් සමඟ ගිවිසුම් ගතවීමද මේ වන විට සිදු කර ඇත. මේ වන විට විදෙස් ගමන් බලපත්‍ර ලබා දීම සාමාන්‍ය ක්‍රමවේදය යටතේ සිදුවෙයි.
ඊට අදාල වන පරිදි නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 10ක් මෙරටට ගෙන්වීමටද අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර යෝජිත පැය 24 පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයට අදාලව ආගමන විගමන නිලධාරීන් 186 දෙනෙකු බඳවාගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඒ සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාල විභාගය පැවැත්වීම වෙනුවෙන් දිනයක් ලබා දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති අතර එම දිනය ලබා දීමෙන් අනතුරුව ඒ සඳහා අදාල ගැසට් නිවේදනය නිකුත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.
