CHAIN OF CARE වෙතින් දරුවන්ට ඉගෙනීමට අතහිත

තිරප්පනේ සමන් පෙරේරා  

තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය මූලික කරගනිමින් තෝරාගනු ලැබූ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය සඳහා උනන්දුවක් දක්වන දරුවන් 41 දෙනෙකු සඳහා මාසිකව රුපියල් 3000 බැගින් වසරක් පුරා ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත. එම ශිෂ්‍යත්ව‍ ප්‍රදානය කිරීම හ එම දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අවශ්‍ය ආහාර ලබාදීමේ වැඩසටහනක් පසුගිය දා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි. 

මෙම වැඩසටහන සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වා ඇත්තේ  ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් වන රොෂාන් අබේසිංහ හා රසල් ආනල්ඩ් ඇතුලු  ‘CHAIN OF CARE’ පදනමේ සාමාජිකයින් පිරිසක් විසිනි. 

ප්‍රාදේශීය ලේකම් කේ.එල්.පී.එල් මධුවන්ති මහත්මියගේ අධික්ෂණය මත සිදුකරනු ලබන මෙම වැඩසටහන සඳහා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී පරිපාලන ග්‍රාම නිලධාරී ඇතුළු පිරිසක් හා CHAIN OF CARE පදනම මේ නිලධාරීන් පිරිසක්ද  සහභාගී වූහ .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *