සයුරෙන් එහා

ජපානයේ භූමිකම්පාවක්

බුද්ධික වීරසිංහ ජපානයේ හොක්කයිඩෝ දූපතේ භූකම්පනයක් ඇතිව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම භූමි කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයකින් යුත් භූ කම්පන තත්ත්වයක් බව වාර්තා වේ. හොක්කයිඩෝ හී නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මෙම භූ කම්පනය සිදුව තිබේ. කෙසේ නමුත් භූ කම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරක අවදානමක් නොමැති බව කියැවේ.  හානි පිළිබඳවද කිසිවක් වාර්තා වී නොමැත.

ජපානයේ භූමිකම්පාවක් Read More »

වොෂින්ටනයේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

(ලක්මිණි නදීෂා ) වොෂින්ටනයේ යුදෙව් කෞතුකාගාරයක් අසලදී ඊයේ (21) පස්වරුවේ ඊශ්‍රායල තානාපති කාර්’යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් පවසයි. එක්සත් ජනපද අගනුවර FBI හි ක්ෂේත්‍ර කාර්යාලයෙන් තරමක් දුරින් පිහිටි කැපිටල් යුදෙව් කෞතුකාගාරයෙන් පිටත මෙම වෙඩි තැබීම සිදුව ඇත. ඉන්පසු නොයෙම් X ගිණුමේ සටහනක් තබමින්

වොෂින්ටනයේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ Read More »

යොවුන් පාපන්ද තරගාවලියේ ජයය ඉන්දියාවට

(නිපුණ නිර්මාල්) ඉන්දීය සත්කාරකත්වය යටතේ පැවති යොවුන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී බංගලාදේශ අවු.19 පහළ කණ්ඩායම පරාජය කරමින් ඉන්දීය අවු.19 කණ්ඩායමට වයස අවුරුදු 19න් පහළ යොවුන් පාපන්දු ශූරතාවය දිනාගැනීමට හැකි විය. තරගයේ නියමිත කාලයේදී දෙපිලම ගෝල එකට එකක් ලෙස සම තත්ත්වයක පසුවීම හේතුවෙන් ජයග්‍රහකයා තීරණය කිරීමට දඩුවම් පහර යොදාගෙන ඇත. එහිදී ගෝල 4ට 3ක් ලෙස

යොවුන් පාපන්ද තරගාවලියේ ජයය ඉන්දියාවට Read More »

බයිඩ්න්ට මාරාන්තික පිළිකාවක්

නිපුන නිර්මාල් 82 දෙහැවිරිදි හිටපු ඇමරිකා ජානාධිපති ජෝ බයිඩ්න් දරුණු ගණයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර තිබේ. මේ වන විට ජනපති බයිඩ්න්ගේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාව අස්ථි දක්වා පැතිරි ඇති බව වෛද්‍යවරුන් උපුටා දක්වන විදෙස් වාර්තාවල සඳහන් වේ. ජනවාරි මාසයේදී ධූරයෙන් ඉවත් වූ හිටපු ජනාධිපතිවරයා මුත්‍රා ආසාදනයක් පිළිබඳ ප්‍රතිකාර ගැනීමේදි පිළිකාව සම්බන්දයෙන්

බයිඩ්න්ට මාරාන්තික පිළිකාවක් Read More »

olympic උළෙලට ගුවන්කුලීරථ සේවාවක්

නිපුණ නිර්මාල් 2028 දී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ගුවන් කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට ඔලිම්පික් සංවිධානයකයින් සැලසුම් කර තිබේ. එමගින් නරඹන්නන්ට ක්‍රීඩා තරග පැවැත්වෙන ස්ථාන සදහා අපහසුතාවයකින් තොරව ගමන් කළ හැකි අතර,සංවිධායකයන්ටද සිය ගමනාන්තයන් සදහා ඒ හරහා ප්‍රවාහන පහසුකම් සලසා ගතහැකි බවට ක්‍රීඩා වාර්තා සදහන් කර ඇත. මේ සඳහා

olympic උළෙලට ගුවන්කුලීරථ සේවාවක් Read More »

ක්‍රිස්ටියානෝ ජූනියර් පියා ගිය මඟ ගනිමින් පාපන්දු පිටියට

(නිපුණ නිර්මාල් ක්‍රිස්ටියානෝ ඩොස් සැන්ටෝස් (ක්‍රිස්ටියානෝ ජූනියර් ) 2025/05/13 දින පළමු වරට පෘතුගාලයේ අවු.15න් පහළ කණ්ඩායමට කැදවා තිබේ. ඔහු ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ වැඩිමහල් පුතුය. අවු.14 පසුවන ක්‍රිස්ටියානෝ ඩොස් සැන්ටෝස් තම පියා මේ වන විට ක්‍රීඩා කරන සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සාමාජයේ යොවුන් පුහුණු ඇකඩමිය සමග පුහුණුවීම් සිදු කරයි. ඔහුට පෘතුගාල අවුරුදු

ක්‍රිස්ටියානෝ ජූනියර් පියා ගිය මඟ ගනිමින් පාපන්දු පිටියට Read More »

කල්දැමූ IPL තරගාවලිය සතියකින්?

යසංග මහවිතාන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය  අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව  ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) නිවේදනය කර සිටියි. ඉන්දු – පාකිස්ථාන යුද උණුසුම ඉහළ යෑමත් සමග IPLතරගාවලිය නවත්වා ක්‍රීඩකයින් තව ආපසු තම රටවලට යැවීමට කටයුතු කරනු ලැබීය. මේවන විට එහිතරග 58ක් පවත්වා අවසන්ය.මූලික වටයේ තරග 12ක් සහ අවසන් මහා තරගය  ඇතුළුව අවසන්

කල්දැමූ IPL තරගාවලිය සතියකින්? Read More »

වතිකානයෙන් කළු දුමාරයක්

චම්පිකා මුතුකුඩ වතිකානයේ  ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවේ චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් වී තිබේ. නව පාප්වරයෙකු තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීමට සහභාගී වන යම් කාදිනල්වරයෙකු 50% වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගතහොත් මෙම දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් කරනු ලබන අතර, කිසිදු කාදිනල්වරයෙකු  50%ක ඡන්ද ප්‍රමාණය සම්පූර්ණ නොකළහොත් කළුදුමාරයක්  නිකුත් කරනු ලැබේ. ඒ අනුව ෆ්‍රැන්සිස් පාප්

වතිකානයෙන් කළු දුමාරයක් Read More »

මිනීමරු කිඹුලන් මැද බිහිසුණු රැයක්

සංජීවනී පද්මසේන ත්‍රාසජනක හොලිවුඩ් සිනමා පටයක කතා මාලාවක් මෙන්වූ අත්දැකීමක් සැබැවින්ම විඳින්නට සිදුවූ පිරිසකගේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පස් දෙනෙකුගෙන් යුතු ගුවන් යානයක් උතුරු බොලීවියාවේ බෝරාස් නුවර සිට ට්‍රිනියාස් නුවර දක්වා පියාසර කිරීමේ දී ඇමසන් වනයේ බොලීවියානු කොටසේ වගුරු බිමකට ගොඩ බස්සවා ඇත්තේ යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසාවෙනි. එහි බිහිසුණුම තත්ත්වය වන්නේ එම වගුරු

මිනීමරු කිඹුලන් මැද බිහිසුණු රැයක් Read More »

කෝවිලක තෙරපීමකින් හයක් මරුට

සංජීවනී පද්මසේන ඉන්දියාවේ ෂිර්ගාමින් කෝවිලේ පැවති උත්සවයක ඇතිවූ තෙරපීමක් නිසා පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් 50කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇත. මෙම උත්සවය සඳහා පැමිණි අධික ජනතාව පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම තෙරපීම් තත්ත්වය ඇතිවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය පොලිසිය හා හදිසි සේවා නිලධාරීන් විසින් විපතට පත් ජනතාව හැකි ඉක්මනින් මුදා ගැනීමේ මෙහෙයුම්

කෝවිලක තෙරපීමකින් හයක් මරුට Read More »