විශේෂාංග

ශිව දෙවියන් නර්ථනයේ යෙදෙන – මහා ශිව රාත්‍රිය

නික්කි රණසිංහ  හින්දු සංස්කෘතියට අනුව ප්‍රධාන දෙවිවරුන් තිදෙනෙකි. ලෝකය මවන්නා බ්‍රහ්ම දෙවියන් වන අතර පාලනය කරන්නා විෂ්ණු දෙවියාය. ශිව දෙවියන් යනු ලෝකය විනාශ කරන දෙවියන් වේ. මේ නිසා ශිව දෙවියන්ව “විනාශකරන්නා” යන නමින් ද හැඳින්වෙයි. භාවනාවට, කලාවට, යෝගවලට සහ නර්ථනයට අධිපති ශිව දෙවියන් බෝලෙනාථ, මහාදේව, නීලඝණ්ඨ, චන්ද්‍රශේඛර යන නම් වලින් ද හඳුන්වයි. ශිව දෙවියන්ගේ වාහනය […]

ශිව දෙවියන් නර්ථනයේ යෙදෙන – මහා ශිව රාත්‍රිය Read More »

යුක්තිය වෙනුවෙන් දිළිඳුන්ට සෙවණක්

ජනක බෝකුඹුර ( දිළිඳුබව නීතිය ඉදිරියේ බාධාවක් නොවීමට )             ❇️Protection of law should be Equal for all “නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ. “… ප්‍රජාව තම මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් ජීවිත කාලය තුළ පුරාම සටන් වැදීමත් , විවිධ අසාධාරණයන්ට හා අභියෝගයන්ට  මුහුණ දීමත් සුලභ කාරණයකී. බාල , තරුණ ,  වැඩිහිටි , මහළු ආදී කුමන ජීවන

යුක්තිය වෙනුවෙන් දිළිඳුන්ට සෙවණක් Read More »

සිරුරේ බෝම්බ කැබැලි සමඟ දිවි ගෙවන උතුරේ වැසියෝ

     වන්නි රොමේෂ් මධුෂංඛ යුද්ධයේ කුරිරු වේදනාවන් උතුරු නැගෙනහිරට වැඩියෙන් දැනෙන විට ලංකාවේ අනෙක් කාටත් යන්තමින් හෝ දැනුණු බව අප දන්නා කරුණකි. එහෙත් යුද්ධය අවසන් වුවත්,, එහි වේදනාවන් තවමත් අඩුවක් නොවෙන්නට රිදුම් දෙන පිරිසක් තවමත් උතුරේ සිටින බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. අවසන් යුද්ධයේදී කාලතුවක්කු, මෝටාර්, බෝම්බ හා වෙඩි උණ්ඩ වල කැබැලි තවමත් ශරීරයේ තබාගෙන

සිරුරේ බෝම්බ කැබැලි සමඟ දිවි ගෙවන උතුරේ වැසියෝ Read More »

මහවැලි බඳ තුරුලේ -නැලවෙමු තුරු වදුලේ   ජල ගැලුම් නිම්න ජාතික  වනෝද්‍යානය

ඇහැලියගොඩ සංජීවනි පද්මසේන කොළඹ, මඩකළපු ප්‍රධාන මාර්ගයේ පොලොන්නරුව පසු කර මනම්පිටිය ආසන්න වෙත්ම ජීවිතය වසා පැතිර පවත්නා සියළු දුක් දෝමනස්සයින් උඩු සුළඟට මුසු කර සීතල තෙත් සිසිලසකින් හදවත නහවා ගන්නට ඔබත් කැමති ද? එසේ නම් ඔබ ඒ සුර විමනට ඇතුළු විය යුතුමය. ඇතුළු නොවූවද ඒ පිළිබඳ තතු සොයා බලන්නන්, විමසන්නන් තුළ වුවද ඇති වන්නේ හදවත

මහවැලි බඳ තුරුලේ -නැලවෙමු තුරු වදුලේ   ජල ගැලුම් නිම්න ජාතික  වනෝද්‍යානය Read More »

ලංකාවේ උසම දුම්රිය ස්ථානය – පට්ටිපොල

මොහොමඩ් ආසික් ශ්‍රී ලංකාව ඉංග්‍රීසින් විසින් සිය  පාලනය යටතට ගැනීමෙන් පසුව රට තුළින් ආර්ථීක වාසි ලබා ගැනීමේ ක්‍රියාදාමය ඔවුහු ආරම්භ කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තේ, රබර් , ඇතුළු  වැවිලි ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මගින් විශාල  ආර්ථිකමය වාසියක් ඔවුන් විසින් ලබා ගනු ලැබීය. මෙම වාණිජ ක්‍රමයන් මගින් ලබා ගන්නා ආදායම ඔවුන් තම මව් රටට ගෙන ගියද ,එම ආදායම ලබා ගැනීම

ලංකාවේ උසම දුම්රිය ස්ථානය – පට්ටිපොල Read More »

කාන්තාවන් අතින් අදටත් මී තෙල් හිඳෙන නාඋල- ඕපල්ගල පැරණි ගමට ගිය ගමනක්

  නාඋල -ඉන්දික  අරුණ කුමාර වස විසෙන් තොර නිරෝගිමත් ජාතියක් පැතතූ පැරැණ්නන්ට අනුව සිය ආහාර රටාවන් හොඳින් හඳුනාගත් අපේ අතීත මිනිසුන්ගේ ක්‍රියාවලීන් පිළිබදව අනාවරණය වන බොහෝ කරුණු අදටත් වලංගු වන්නේය. නිසි පරිදි ආහාර අනුභවය සඳහා අවශ්‍ය ආහාර තමන් විසින්ම සකසා ගැනීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා ලදි. අතීතයේ එසේ සිදුවුවද වත්මන වන විට අධි ධාවන

කාන්තාවන් අතින් අදටත් මී තෙල් හිඳෙන නාඋල- ඕපල්ගල පැරණි ගමට ගිය ගමනක් Read More »

කිරි ඉබ්බෙකු නිසා කිරිමුහුද වූ ඓතිහාසික නුවර වැව

  මොහොමඩ් ආසික් ශ්‍රී ලංකාවේ හදවත වන්නේ මහනුවර නගරය‍ යයි කිවහොත් එය අතිශෝක්තියක්  නොවේ. එවන් ඓතිහාසික මහනුවර නගරය මධ්‍යයේ  පිහිටි නගරයට සිසිලසත් සුවදායී වාතයත්  නිරතුරු ලබා  දෙන  ‌ ඓතිහාසික  මහනුවර වැව මෙරට ඉතිහාසයේ   සුවිශේෂී වැවක් වශයෙන් සටහන්ව තිබේ. ශ්‍රී ලංකාවේ අවසන් රාජධානිය වූ මහනුවර රාජධානියේ අවසන් රජු  වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් 1807 දී

කිරි ඉබ්බෙකු නිසා කිරිමුහුද වූ ඓතිහාසික නුවර වැව Read More »

පවුල් අවුලන ලෝන් බිල්ලා             

     වන්නි, රොමේෂ් මධුෂංඛ                            හදීසියකට ණයක් ගන්න අයෙකුට පොලිය 40% සිට 220 % ක් වැනි ගිනි පොලියක් අයකෙරෙන පිරිස් අපරට තුල සිටිනවා යයි කිවහොත් දැන් දැන් එහි රහසක් නොමැති බවට සාධක මගින් ඔප්පු වී හමාරය. මේ කියන්න හදන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයනයන් ගැනය. එයින්ද ගිනි පොලී, වැල් පොලී යන බස්වහරේ නියම හරයක් අසන්නට දකින්නට

පවුල් අවුලන ලෝන් බිල්ලා              Read More »

ප්‍රවේශම් වන්න -දැඩි හිරු රැස් භයානකයි

සංජීවනී පද්මසේන මේ දිනවල කර්කශ වියළි සුළඟෙන් හා දැඩි රශ්මියෙන් දැවෙන විඩාබර ගතත්, සිතත් දැඩි වෙහෙසකර තත්ත්වයට පත්ව ඇත. හිරු සිනාසෙන වාරයක් පාසා මහපොළොව අසරණව දැවි දැවී යයි. වෙනදා සිනා රැළි කැරළි වස්සන අහස මේ දිනවල දීප්තිමත් රැස් සහිත උජාරු හිරු දරා සිටින්නේ වෙහෙසෙනි. එය අද නිල් පැහැති උරයක් දැමූ කොට්ටයක් පැළී පුළුං කැටිති විසිරුණාක්

ප්‍රවේශම් වන්න -දැඩි හිරු රැස් භයානකයි Read More »

පැරණි සිරිත් රකිමින් ඇරඹෙන ලග්ගල බීජ සංරක්ෂණ ක්‍රියාවලිය

  නාඋල – ඉන්දික අරුණ කුමාර මාතලේ – ලග්ගල වූ කලී ලංකාවේ සුවිශේෂි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකි. උතුරින් නාඋල හා ඇලහැර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන්ද දකුණින් මහනුවර හා නැගෙනහිරින් විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් ද ලග්ගල මායිම් වී තිබේ. බටහිරින් අඹන්ගඟ කෝරලයත් රත්තොටත් මායිම් කරගත් මේ සුවිශේෂි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වනාහි රාවන ඉතිහාසය හා බැදෙන්නේ කරුණු කාරණා ගණනාවක්

පැරණි සිරිත් රකිමින් ඇරඹෙන ලග්ගල බීජ සංරක්ෂණ ක්‍රියාවලිය Read More »