විශේෂාංග

කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ කාන්තාවන්ගේම දිනය

සංජීවනී පද්මසේන සිය උර මත තබාගෙන මහ සයුර තරණය කරමින් දිවි බේරා දුන් බෝසත් පුතුට මතු බුදු වේවායි කියා පළමු නියත විවරණ දුන්නේ බෝසත් මාතාවයි. ඉනික්බිති උතුම් සම්මා සම්බුද්ධත්වය ලැබීමට පෙරුම් පුරණ බෝසතාණන් කුස දරා සිටියේ පිංවත් මව්තුමිය මහාමායාවයි. එතුමිය කලුරිය කිරීමෙන් පසු සිය ජීවිතයම කැප කොට ළදරු බෝසතාණන් රැක බලාගෙන බුද්ධ මාතා නම් ගෞරවය […]

කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ කාන්තාවන්ගේම දිනය Read More »

සාම සාධක හමුදාවෙන් බෝවුනු පාතීනියම් වෛරසය

           වන්නි රොමේෂ් මධුෂංක                         උතුරු සහ දකුණු ඇමරිකානු කලාපත්, බටහිර ඉන්දීය කලාපයත් නිජ බිම කරගත් පාතීනියම් ශාකය පොදුවේ අඩු වැඩි වශයෙන් ලෝකයේ බොහෝ කලාප තුළ එක සේ වර්ධනය වන ශාකයක් ලෙස හඳුනාගත හැකියි. මෙම ශාකය ඉන්දියාවට සංක්‍රමණය වීම සිදු වූ බවට සැලකෙන්නේ “සාමය සඳහා ආහාර” (Food for Peace) නම් වූ වැඩසටහනක් පෙරදැරි කර

සාම සාධක හමුදාවෙන් බෝවුනු පාතීනියම් වෛරසය Read More »

සිංහල කිරුළ ගැලවූ වසර දෙසීයකට වඩා පැරණි උඩරට ගිවිසුම

සංජීවනී පද්මසේන නිල්වන් දුම්බර කඳුවැටි මීදුම් සේලවලින් වසාගත් අතිසුන්දර ගම්මානයක ,එක්තරා දිනයක මහා බියකරු, ඉතිහාසගත සිදුවීමක් සිදුවේ. හිරු එළිය ද, වාතලය ද විනිවිද රූස්ස ගස් සහ කඳුවැටි අතරින් ගැහැණුන් දෙදෙනෙකුගේ විලාපයන් ද, නොසරුප් බස්, අවලාද අපහාස කිරීම් පිරුණු කලහකාරී හඬවල් ද නින්නාද වේ. ඒ වර්ෂ 1815 පෙබරවාරි 18 වන දිනයේදී දියනිල්ල කඳුවැටියෙන් වට වූ බෝමුරේ

සිංහල කිරුළ ගැලවූ වසර දෙසීයකට වඩා පැරණි උඩරට ගිවිසුම Read More »

දන්නා  කටරොළු ගැන නොදන්නා යමක්

රංජන් මඩගම්මන-  කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. නිල් පාට කටරොළු මලින් වැල පිරෙන කොට ගෙවත්තටම එන්නේ අමුතු එළියක්. මේ කටරොළු ශාකය ගෙවතුවල රෝපණය කළත් මෙහි පවතින ඖෂධීය වටිනාකම හැමෝම දන්නේ නැහැ. ඇත්තටම කටරොළු කියන්නේ දේශීය වෙදකමේ රෝග රැසක් මැඩලන්න ඖෂධ නිපදවන වටිනා ශාකයක්. අද සමාජය නොදන්නවා වුණත් පැරැණි වෙදැදුරන් පැවැසූ

දන්නා  කටරොළු ගැන නොදන්නා යමක් Read More »

මහ පොළොවේ මැණික් හොයන කළුගගේ යකඩ ගැහැණු.

නාඋල  ඉන්දික අරුණ කුමාර රත්න දීප යන විරුදාවිලිය ලත් ශ්‍රී ලංකාවේ මැණික් පිළිබද ඉතිහාසය 70,80 සහ 90 දශක දක්වා ඈතට දිවයයි. ලංකා පොළවේ දී හමුවන මැණික් නිධි ප්‍රධාන කොටස් දෙකකට වෙන් කෙරන අතර ඉන් පළමු වැන්න ප්‍රාථමික නිධි ලෙස ද දෙවැන්න ද්විතික නිධි ලෙස හදුන්වනු ලබයි. ප්‍රාථමික නිධි යනු මව් පාෂාණය සමග මැණික් එකට පිහිටන

මහ පොළොවේ මැණික් හොයන කළුගගේ යකඩ ගැහැණු. Read More »

අනුන්ගේ දුකට මහ  වන මැද දිෂ්ටි වන දුම්මල කඩන්නෝ

නාඋල ඉන්දික අරුණ කුමාර විද්‍යාව කෙතරම් දියුණු වුවද  විවිධ ශාන්තිකර්ම ඇතුළු ගුප්ත විද්‍යා ක්‍රම වලට දුම්මල යොදාගැනීම අදටත් සිදුවන්නකි. මේ දුම්මල හැදෙන්නේ කොහෙද? කොහොමද ? යන්න සම්බන්ධයෙන් බොහෝ පිරිසකට අවබෝධයක් ලබාදීම වෙනුවෙන් මේ ලිපිය සැකසෙයි. උසින් අඩි සීයයක් පමණ වන මේ දුම්මල හටගන්නා ශාකය ‘හල් ‘ ගස ලෙස හදුන්වයි. හල් ශාකය පිළිබදව බොහෝ කතා ඇතත් 

අනුන්ගේ දුකට මහ  වන මැද දිෂ්ටි වන දුම්මල කඩන්නෝ Read More »

මැදියම් රැයේ ඇසෙන උලමාගේ විලාපය

සංජීවනී පද්මසේන මේ තුනී මීදුම් සළුව මිහිමත වැතිරෙන්නට ඉඩ සොයන කාලයයි. නිවි නිවී දැල්වෙන තරු පවා සිය කිරණයන් අහස මතට ඇද ගන්නට සැරසෙයි. අඳුරු සළු පොරවාගත් මහා වනස්පතීන් නිහඬය. ලඳු කැළෑ සිල් ගත් උවැසියන් සේ භාවනාවකට සම වැදී සිටියත් ඉදහිට දඟලා වන ලැහැබට වැදෙන නිශාචර සතෙකුගෙන් සමාධිය බිඳ ගනියි. මේ නිහඬ නිශ්චලත්වය බිදිමින් මහා බියජනක

මැදියම් රැයේ ඇසෙන උලමාගේ විලාපය Read More »

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ත්ව අහිංසා ස්මාරකය

සංජීවනී පද්මසේන මේ අහස ද මේ පොළොව ද මිනිසුන් වන අපට පමණක් උරුමකම් කීමට හැක්කක් නොවේ. මේ සිසිල් වාතය ද ,නැවුම් සුළඟ ද ,සූර්යයාලෝකය සහ සිසිලැති සඳ එළිය ද ,තරු කිරණ ද මිහිමත වෙසෙන සියලුම සතුන් සතු සම්පත් බව මිනිසා අමතක කර බොහෝ කල් ය. මිනිස් ක්‍රියාකාරකම් හමුවේ වැනසී යන බොහෝ පාරිසරික සම්පත් සත්ත්ව ජීවිත,

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ත්ව අහිංසා ස්මාරකය Read More »

හෝර්ටන්තැන්නේ පිපී දිලෙන මධ්‍යම පළාත් නිල පුෂ්පය -මහ රත්මල්

 මොහොමඩ් ආසික් ලෝ දනන්ගේ නෙත් සිත් පුබුදුවන නෙකවිද වර්ණයන්ගෙන් මෙන්ම සුගන්ධයෙන්ද යුත් පුෂ්පයන් වර්ග  සිය ගණනකගේ නිජ භූමිය ලෙස ශ්‍රී ලංකාව හැඳින්වෙයි. එයිනුත්  මධ්‍යම පළාත  එවන් පුෂ්පයන්ගේ තිඹිරි ගෙයද වෙයි. පේරාදෙණිය උද්භිද උද්‍යානය, හග්ගල උද්භිද උද්‍යානය, හෝටන්තැන්න ස්වභාවික පරිසර පද්ධතිය මෙන්ම ,  මධ්‍යම පළාත තුල  පිහිටි  සියලු ස්වභාවික මෙන්ම නිර්මිත උද්‍යානයන්ද  නිරන්තරයෙන් මලින් බර ව තිබෙනු දැකිය හැකිය.  ශ්‍රී ලංකාවේ පළාත් නවය සඳහා

හෝර්ටන්තැන්නේ පිපී දිලෙන මධ්‍යම පළාත් නිල පුෂ්පය -මහ රත්මල් Read More »

වැලිවිට අසරණ සරණ  සරණංකර  සංඝරාජ හිමි සැඟව සිටි ලග්ගල තැන් සොයා ගිය ගමනක්

නාඋල – ඉන්දික අරුණ කුමාර ලොව්තුරු අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලොවපුරා පැතිර යද්දි, එය වැළඳගත් බොහෝ පිරිස් නිරාමිසය සොයා වෙහෙසෙද්දි , ශ්‍රී ලංකාවේ එකි ධර්මය පිරිහෙද්දි එය නගා සිටුවීම සඳහා කැපකිරිම් කළ යථිවරයානන් වහන්සේලා බොහෝ වෙති. මේ අතර වර්ථමාණ ශාසනික පුණරුදයේ පුරෝගාමියෙකු ලෙස වැලිවිට අසරණ සරණ සරණංකර ස්වාමීන් වහන්සේ කැපී පෙනෙන චරිතාපධානයකි.

වැලිවිට අසරණ සරණ  සරණංකර  සංඝරාජ හිමි සැඟව සිටි ලග්ගල තැන් සොයා ගිය ගමනක් Read More »