රට වටා

දස වියැති පාසල් සිසුවියගේ කම්මුලට             පහරදුන්නැයි  පාසලේ ගුරුවරයෙක් රිමාන්ඩ්

    අජිත්ලාල් ශාන්තඋදය අවුරුදු දහයක් වයසැති පාසල් දැරියකගේ කම්මුලට අතින් පහරදුන් බව කියන එම පාසලේම උගන්වන ගුරුවරයෙකු මේ මස 04දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් සමන් පරණලියනගේ මහතා 02දා නියම කළේය. මෙම සිද්ධියේ වින්දිතයා බවට පත්ව ඇත්තේ රත්නපුර නගරයේ පාසලක ඉගෙනුම ලබන රත්නපුර නගරයට ආසන්න ගමක පදිංචි පාසල් ශිෂ්‍යාවකි. සැකකරු වන්නේ ද […]

දස වියැති පාසල් සිසුවියගේ කම්මුලට             පහරදුන්නැයි  පාසලේ ගුරුවරයෙක් රිමාන්ඩ් Read More »

ඇහැලියගොඩ විදුලිය බිඳවැටීම් යථාවත් කිරීම අකාර්යක්ෂමයි

රංජන් මඩගම්මන-  ඇහැලියගොඩ විදුලි ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ වරින් වර සිදුවන විදුලි බිඳ වැටීම හේතුවෙන් මහජනයා දැඩි ලෙස අසීරුතාවයට පත්ව සිටිති. ඇදහැලෙන වර්ෂාවත් සුළඟත් හේතුවෙන් ඇහැලියගොඩ ප්‍රදේශයේ ගම්මාන රැසක ගස් කඩා වැටීම් විදුලි බිඳ වැටීම්  නිතර  නිතර සිදුවීම හේතුවෙන් ජනතාවට සතිගණන් විදුලිය නොමැතිව අසීරුතාවයට පත්ව සිටිති. පනාවල,අම්බලම්පිටිය,මඩගම්මන ,මින්නාන,එල්ලාවල ,කරදන,තලපිටිය ,ඉද්දමල්ගොඩ,බෝපැත්ත,අම්බලන් පිටිය, ප්‍රදේශ ඒ අතර වේ.ඇතැම්

ඇහැලියගොඩ විදුලිය බිඳවැටීම් යථාවත් කිරීම අකාර්යක්ෂමයි Read More »

ටිපර්රියක් යතුරුපැදියක ගැටීම් යතුරුපැදිකරු මියයයි

(සමන් පෙරේරා)   ගල්කුලම සිවලාකුලම මාර්ගයේ ගල්කුලම  දෙස සිට සිවලාකුලම දෙසට ධාවනය කළ ටිපර් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇතැයි තිරප්පනේ පොලිසීය කියයි. අද (02) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් පමණ වයසැති විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු බව  පොලිසීය කියයි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුර සම්බන්ධයෙන් 

ටිපර්රියක් යතුරුපැදියක ගැටීම් යතුරුපැදිකරු මියයයි Read More »

මහනුවර මහ නගර සභාවේ 16වන පුරපති  ජාතික ජන බලවේගයේ චන්ද්‍රසිරි විජේනායක

  නිමල් කොළඹිස්ස – මහනුවර   මහනුවර මහ නගර සභාවේ 16 වන පුරපති ලෙස ජාතික ජන බලවේගයේ චන්ද්‍රසිරි විජේනායක මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා හමුවේ අද (02) දිවුරුම් දුන්නේය.   ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර මහ නගර සභාවේ අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ ඒ මහතා කලක් එම මහ

මහනුවර මහ නගර සභාවේ 16වන පුරපති  ජාතික ජන බලවේගයේ චන්ද්‍රසිරි විජේනායක Read More »

ජාතික බදු සතිය අද සිට

(ලක්මිණි නදීෂා)  ජාතික බදු සතිය අද (02) සිට ආරම්භ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එහි සමාරම්භක උත්සවය අද (02)ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. “බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.  මේ අනුව හෙට සිට 07වැනිදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට

ජාතික බදු සතිය අද සිට Read More »

නෙළුම් මල් කැඩීමට ගිය දෙදෙනෙකු ඔරුව පෙරළීමෙන් දියේ ගිලී ජිවිතක්ෂයට.

(වවුනියාව මාධව කුලසූරිය). මුලතිව්,උඩුප්පුකුලම වැවේ නෙළුම් මල් කැඩීමට ගිය දෙදෙනෙකු ඔරුව පෙරළීමෙන් දියේ ගිලී ඊයේ(01) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ කෝවිල් පූජාවන් වෙනුවෙන් ලබාදීමට නෙළුම් මල් කැඩීමට ඔරුවක නැඟී ගිය දෙදෙනෙකු ඔරුව පෙරළීමෙන් දියේ ගිලී මියගොස් ඇති බවයි. මුලතිව්,අලම්පිල් දකුණ පදිංචි වයස අවුරුදු 10 ක් වු එස්.පිරනවන්,වයස අවුරුදු 25 ක්

නෙළුම් මල් කැඩීමට ගිය දෙදෙනෙකු ඔරුව පෙරළීමෙන් දියේ ගිලී ජිවිතක්ෂයට. Read More »

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන ආරංචියක් නෑ – ඇමති මුනීර් කියයි

(ලක්මිණි නදීෂා)  අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 25 දක්වා වැඩි කිරීමේ සූදානමක් ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තාවල දැක්වෙන්නේ කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් නියෝජනයක් නැති නිසා නියෝජ්‍ය කතානායක රිස්වි සාලිට හෝ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මුනිර් මුලෆ්ෆර් රාජ්‍ය ඇමතිවරයාට හෝ කැබිනට් අමාත්‍ය පදවියක් ලැබෙනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් අපි ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මුනීර් මුලාෆර්ගෙන්

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන ආරංචියක් නෑ – ඇමති මුනීර් කියයි Read More »

දැරියන් දෙදෙනෙක් කෝවිලේ ළිඳට වැටීමෙන් මියයති

වවුනියාව මාධව කුලසූරිය. මුලතිව්,කුමුලමුනෙයි,කොට්ටුකිනරු කෝවිලේ ළිඳට වැටීමෙන් අද(01) දහවල් දැරිවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ දැරිවියන් දෙදෙනා කෝවිලේ පූජාවකට සහභාගි වි ළිඳ අසළට ගොස් ඇති අතර,එහිදි පය ලිස්සා ගොස් ළිඳට වැටී ඇති බවයි. ළිඳට වැටුණු දැරිවියන් දෙදෙනා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේය. මුලතිව්,මාමුනෙයි ප්‍රදේශයේ පදිංචි

දැරියන් දෙදෙනෙක් කෝවිලේ ළිඳට වැටීමෙන් මියයති Read More »

මහත්මා ගාන්ධි සැමරුම් උළෙලක් මහනුවරදී

සටහන – කොලින් හරිශ්චන්ද්‍ර අද දින (01/06) කඳුරට සංස්කෘතික හා කලා සංගමය (රත්න දීප)  මගින් මහත්මා ගාන්ධි සැමරුම් උළෙලක් මහනුවර සමූපාකාර ගොඩනැගිල්ලේ දී උත්කර්ෂවත් ආකාරයෙන් සංවිධානය කොට තිබුණි. එහිදී සේවයට, සහජ දක්ෂතාවයට, ප්‍රවීණතාවයට, සාධු චර්යාවට උපහාර පිරිනැමීමක්ද සිදු කෙරිණි.  වේදිකා චිත්‍රපට ටෙලිනාට්‍යය අධ්‍යක්ෂක පද්මසිරි කොඩිකාර මහතා ආරාධිත දේශනය සිදු කළ අතර ගෞරවනීය ප්‍රධාන ආරාධිතයාද විය.

මහත්මා ගාන්ධි සැමරුම් උළෙලක් මහනුවරදී Read More »

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ප්‍රකාශ කෙරේ.

බුද්ධික වීරසිංහ පසුගිය පළාත් පාලන මැතිවරණයේ පැහැදිලි බහුතරය ලත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන් හා සභාපතිවරුන්   නම්කර තිබේ.ඒ අනුව දිස්ත්‍රික්ක විසි එකක් සඳහා පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබාගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අතරින්  අදාළ තනතුරු සඳහා පත්වන ජනතා නියෝජිතයන්ගේ නම් ඇතුලත් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කොට තිබේ.  පළාත් පාලන ආයතන

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ප්‍රකාශ කෙරේ. Read More »