රට වටා

යාපනය විශ්ව විද්‍යාල  ආචාර්යවරුන්  දේශන වර්ජනයේ

වවුනියාව මාධව කුලසූරිය – යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඊයේ (28) සිට නැවත දැනුම්දෙන තුරු දේශන වර්ජනය කිරීමක් ආරම්භ කොට ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි. ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් විශ්ව විද්‍යාලයේ සියළුම පීඨයන්හි ආචාර්යවරුන් දේශන වර්ජනයට එක්ව සිටින බවද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නිවේදනය කොට ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පෙරේදා […]

යාපනය විශ්ව විද්‍යාල  ආචාර්යවරුන්  දේශන වර්ජනයේ Read More »

යාපනය සිට කොළඹ බලා ධාවනය වු ශිඝ්‍රගාමි දුම්රිය ඕමන්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පනියි.

වවුනියාව මාධව කුලසූරිය – යාපනය සිට කොළඹ බලා ධාවනය වු ශිඝ්‍රගාමි දුම්රිය වවුනියාව, ඕමන්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26) සවස පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසූවේ දුම්රිය පීලි පැනීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, දුම්රිය පීලි ගත කිරීම මේ වන විට සිදුකරමින් පවතින බවයි. දුම්රිය පීලිපැනීම හේතුවෙන් කොළඹ සිට

යාපනය සිට කොළඹ බලා ධාවනය වු ශිඝ්‍රගාමි දුම්රිය ඕමන්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පනියි. Read More »

සමථ මණ්ඩලයේ දී සිදුකල පහර දීමකදී එක් අයෙක් මරුට

තිහගොඩ සමථ මණ්ඩලයේ සමථ කරමින් තිබු ආරවුලක් අතරතුර ඇතිවු ආරවුලකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වෙති. තිහගොඩ පෙතංගහාවත්ත ශ්‍රී සුධර්මාරාම පුරාණ රාජ මහා විහාරයේ දි     තිහගොඩ  සමථ මණ්ඩලය (25 ) දින පවත්වා තිබු බව සදහන් වෙි . එම සමථ මණ්ඩලයේදී  පහරදිමක් සම්බන්ධ ආරවුලක් සමථ කරමින් සිටින අවස්ථාවේදි එම පාර්ශ්ව දෙක අතර ඇතිවු බහින්බස් විමක් දුරදිග යැමෙන් 

සමථ මණ්ඩලයේ දී සිදුකල පහර දීමකදී එක් අයෙක් මරුට Read More »

ශිෂ්‍යත්ව කඩඉම ජයගත් දිරිය දියණිය

කිත්සිරි වනසිංහ, අනුරාධපුර අම්මා පාරෙ බඩ ඉරිඟු තම්බලා විකුණනවා.තාත්ත කුලී වැඩට යනවා. අගහිගකම් රාශියයි. සර් ගෙදර ඇවිත් බලන්න අපි ඉන්න විදිය. ඒත් මම ඒ සියල්ල සතුටින් දරාගෙන මගේ ඉලක්කය ජය ගත්තා යැයි අ/වන්නම්මඩුව විදුහලේ ඉගෙනුම ලබන ඉඳුමිණි කෞශල්‍යා ප්‍රකාශ කළාය. පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 158 ලබා ගනිමින් ඉදුමිණී එම පාසලේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූවන් අතරින්

ශිෂ්‍යත්ව කඩඉම ජයගත් දිරිය දියණිය Read More »

එල් ටි ටි ඊ සංවිධානය වළ දැමු රත්රන් සෙවු 10 දෙනෙකු අත්අඩංගුවට.

මාධව කුලසූරිය, වවුනියාව – කිලිනොච්චිය, තිරුනගර ප්‍රදේශයේදී  එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වලදමා ඇති රත්රන් සොයා කැනීම් කල දස දෙනකු ඊයේ (25) භූමිය පරීක්ෂා කරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත්බව කිලිනොච්චිය පොලිසිය පවසයි. කිලිනොච්චිය යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත කිලිනොච්චිය පොලිසිය හා එක්ව සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස සහ කැනීම් කළ උපකරණ අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.

එල් ටි ටි ඊ සංවිධානය වළ දැමු රත්රන් සෙවු 10 දෙනෙකු අත්අඩංගුවට. Read More »

අධික ව(ර්)ෂාවෙන් විපතට පත් වුවන්ට සහන සපයන්න නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

කතෘ – ප්‍රසන්න ප්‍රදීප් කුමාර –    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ විපතට පත් ජනතාව සදහා සහන සැපයීමට නාවික හමුදාව විසින් අපදා සහන කණ්ඩායම් යොමු කර තිබේ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශය වෙතත් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් යොමු කිරීමට නාවික හමුදාව කටයුතු

අධික ව(ර්)ෂාවෙන් විපතට පත් වුවන්ට සහන සපයන්න නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම් Read More »

කේරළ ගංජා කිලෝග්රැම් 111 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කතෘ – මාධව කුලසූරිය,වවුනියාව – යාපනය,පලාලි වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්රැම් 111 යි ග්රැම් 975 ක් සමඟ සැකකරුවෙකු අද(24) අත්අඩංගුවට ගත් බව පලාලි පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ යුධ හමුදා බුද්ධි තොරතුරක් මත යාපනය විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදී සැකකරු හා කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි. ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනා ගංජා තොගයක්

කේරළ ගංජා කිලෝග්රැම් 111 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට Read More »

නීති විරෝධී ලෙස මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

– කතෘ – ප්‍රසන්න  ප්‍රදීප් කුමාර –  නාවික හමුදාව විසින් යාපනය, වෙන්පුරවිනගර් වෙරළ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී වංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු මුහුදු කුඩැල්ලන් 130 ක පමණ ප්‍රමාණයක් ඩිංගි බෝට්ටුවක් සමග අත්අඩංගුවට ගත බව නාවික හමුදාව සදහන් කරයි. උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය කුඩා යාත්‍රා

නීති විරෝධී ලෙස මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට Read More »