රට වටා

රජයෙන් සහන මිලට “රජ ලුණු” ඉදිරියේදී නික්කි රණසිංහ  “රජ ලුණු” සන්නාමයෙන් සහන මිලට මේස ලුණු වෙළඳපලට නිකුත් කිරීමට ඉදිරියේදී  බලාපොරොත්තු වන බව ජාතික ලුණු සමාගම පවසයි. අප්‍රේල් මස 29 වන දා විවෘත කිරීමට නියමිත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව හරහා මෙම මේස ලුණු වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත වේ .

Read More »

අදත් වැසි

ය් බස්නාහිර, සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන  වැසී ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් පනහට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.     නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති

අදත් වැසි Read More »

වාහන ආනයන නීතියේ වෙනසක් ලක්මිණි නදීෂා – කොළඹ  මින් ඉදිරියට සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය කර තිබේ. මේ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ(19) නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්’ථික සංවර්’ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන

Read More »

ආහාර සුරක්‍ෂිතතාවය ඇතිකිරීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය

ලක්මිණි නදීෂා – කොළඹ  ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්‍ෂිතතාවය ඇතිකිරීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්‍ෂිතතාවය ඇති කිරීම උදෙසා කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රට තුළ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබයි. සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් පසුගිය වර්ෂයේ මහ කන්නයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට අයත් අක්කර

ආහාර සුරක්‍ෂිතතාවය ඇතිකිරීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය Read More »

ලෝක මූයි තායි ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකා පදක්කම් රැසක්

ලක්මිණි නදීෂා – කොළඹ  තායිලන්තයේ පැවති 20 වන ලෝක මූයි තායි ශූරතා තරගාවලියේ දී රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලංකා මූයි තායි ක්‍රීඩකයන් ඊයේ(19) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .             ලෝක මූයි තායි සම්මේලනය විසින් සංවිධානය

ලෝක මූයි තායි ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකා පදක්කම් රැසක් Read More »

ශිෂ්‍යත්ව විභාගයේ නැවත පරීක්ෂණ ප්‍රතිඵල සමඟ පාසල් අයදුම් කිරීම ගැන දැනුම්දීමක්

නික්කි රණසිංහ 2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිටත් නිකුත් කර ඇති බවත් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීමට දැන් හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. අයදුම්පත් මේ වනවිටත් අයදුම්පත්‍ර පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති අතර 5 ශ්‍රේණිය ඉගනුම ලැබූ පාසලේ විදුහල්පතිගෙන් එම

ශිෂ්‍යත්ව විභාගයේ නැවත පරීක්ෂණ ප්‍රතිඵල සමඟ පාසල් අයදුම් කිරීම ගැන දැනුම්දීමක් Read More »

වැසි වැඩි වේ

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් වලත්, ගාල්ල මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක වලත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත.බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක මද වැසි ඇති විය හැක.   නැගෙනහිර

වැසි වැඩි වේ Read More »

මාර්ගය වසා දැමූ බියර් කන්ටේනරය

නික්කි රණසිංහ,රන්ජන් මඩගම්මන කන්ටේනර් රථයකින් විසිවුණු  බියර් තොගයක් නිසා අද දින (19) කෙටි වේලාවකට රත්නපුර අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය අවහිර විය රත්නපුර  අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ ඇහැලියගොඩ මීන්නාන ප්‍රදේශයේදී බියර් තොගයක් රැගත් ප්‍රයිම් මුවර් රථයක් අනතුරට ලක්වීමෙන්  බියර්   තොගය සම්පුරිණයෙන්ම ප්‍රධාන මාර්ගය  අවහිර වන සේ විසිරි යාමට ලක් විය.මෙහි දී ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක් රොක් වී බියර් 

මාර්ගය වසා දැමූ බියර් කන්ටේනරය Read More »

අක්කර  15-20 ඉක්මවන වැලිගම කුණු කන්ද

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම  කප්පරතොට ප්‍රදේශයේ  පිහිටි  කසල අංගනය හේතුවෙන්  පාරිසරික ,සෞඛ්‍ය  හා තවත් නොයෙකුත් ගැටලු රැසක් පැන නැගී ඇති බවත් ඒ සඳහා විසඳුමක් ලෙස  මෙම  කසල අංගනය හුදෙකලා ප්‍රදේශයකට රැගෙන යන ලෙස  ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. වැලිගම නගර සභාව මගින්  පවත්වාගෙන යන  මෙම කැලි කසල අංගනය  ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ  වැලිගම  කප්පරතොට   ප්‍රදේශයේ  පිහිටා

අක්කර  15-20 ඉක්මවන වැලිගම කුණු කන්ද Read More »

සියළු මුස්ලිම් දේවස්ථාන වෙත දැනුම් දීමක්

මොහොමඩ් ආසික්  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය  පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දිවයිනේ සියළු මුස්ලිම් දේවස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතාව සීමා කරන ලෙසත් සිකුරාදා දිනවල ජුම්මා යාඥාව පස්වරු 1.00 ට අවසන් කරන ලෙසත් දිවයිනේ සියළුම මුස්ලිම් දේවස්ථාන වෙත මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දන්වා තිබේ. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්.නවාස් මහතාගේ අත්සනින් මෙම දැනුම් දීම යවා

සියළු මුස්ලිම් දේවස්ථාන වෙත දැනුම් දීමක් Read More »