රට වටා

අළුත්දිවුල්වැව  වැව් බැම්ම ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයක

තිරප්පනේ සමන් පෙරේරා   අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුත් දිවුල්වැව පසුගිය ජනවාරි මස 09 දින වැවෙහි දකුණු  සොරොව්ව අසළ ඇති වූ උමයක්  හේතුවෙන් එම වැවෙහි ජල කාන්දුවක් මතුව තිබුණි. මේ නිසා සොරොව්ව අසළ  වැව් බැම්ම ගිලා බැසීම හේතුවෙන් එම වැව් බැම්ම දැඩිලෙස අවදානම් තත්වයක් මතුව තිබුණා.  එම නිසා මෙම අවදානම් තත්වය මගහැරගැනීම සදහා යුධ […]

අළුත්දිවුල්වැව  වැව් බැම්ම ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයක Read More »

නයාරු මුහුදේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු දියේ ගිලී ජිවිතක්ෂයට.

වවුනියාව මාධව කුලසූරිය. මුලතිව්,නයාරු මුහුදු සීමාවේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ඊයේ(31) සවස ජීවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව්,කෝකිලායි පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ මුලතිව් ප්‍රදේශයේ මැහුම් පාඨමාලාවක් හදාරණ තරුණියන් පිරිසක් සිය ගුරුවරිය සමඟ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ එලෙස දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මුලතිව්,වල්ලිපුනම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු

නයාරු මුහුදේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු දියේ ගිලී ජිවිතක්ෂයට. Read More »

කේතයෙන් ප්‍රකාශකයා සොයා ගැනීමේ ක්‍රමවේදයකට වෙරිටෙරිසර්ච්  මුල් පියවර තබයි

ඩිජිටල් අන්තර්ගතයන්හි ප්‍රකාශකයා තහවුරුකර ගැනීමට “Trace-it”  චම්පිකා මුතුකුඩ .සුප්‍රසිද්ධ වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය අංශය විසින් අද දින ( 31) නිර්මාණයක මුල් ප්‍රකාශකයා හඳුනා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රමවේදය Trace-it නමින් හැඳින්වේ. විකෘති කරන ලද තොරතුරු හඳුනාගැනීමටත්, ,ප්‍රකාශනයේ අයිතිය තහවුරු කිරීමටත්, වඩා විශ්වසනීය තොරතුරු ලබා ගැනීමටත් මෙම ක්‍රමවේදය තුළින් පිටුවහලක් ලැබෙන බව  වෙරිටෙරිසර්ච්

කේතයෙන් ප්‍රකාශකයා සොයා ගැනීමේ ක්‍රමවේදයකට වෙරිටෙරිසර්ච්  මුල් පියවර තබයි Read More »

ලාෆ්ස් ගෑස් මිල ඉහළ නගියි.

සංජීවනී පද්මසේන අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය රු.420කින් ඉහළ යන අතර එහි නව මිල රු.4100.00ක් වනු ඇත. කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රු.168කින් ඉහළ දමනු ලබන අතර එහි නව මිල රු.1645.00ක් වනු ලැබේ.

ලාෆ්ස් ගෑස් මිල ඉහළ නගියි. Read More »

සමූපකාර වත්තේ දිරූ අත්ත කපන්නැයි උපදෙස් දුන් විට  ගස් සියල්ලම කපා දාලා.

                       පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ ආණමඩුව විවිධ සේවා සමුපකාරයේ ප්‍රධාන කාර්යාලය කලින් පවත්වාගෙන ගිය පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක්  නිත්‍යානුකුල නොවන අයුරීන් කැපිම සම්බන්ධව  ආණමඩුව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් කළ පැමිණිල්ලකට ආණමඩුව  පොලිසිය  විසින් විශේෂ පරික්ෂණයක් පවත්විමට කටයුතු කර ඇත. මෙලෙස පරික්ෂණයක් ආරම්භ කර ඇත්තේ නිත්‍යානුකුල නොවන අයුරීන් අදාල භුමියේ පිහිටි  දැවැන්ත

සමූපකාර වත්තේ දිරූ අත්ත කපන්නැයි උපදෙස් දුන් විට  ගස් සියල්ලම කපා දාලා. Read More »

ලස්සන කුරුවිට අවලස්සන කරන්නන් අල්ලා ගන්නට ආරක්ෂිත කැමරා

  අජිත්ලාල් ශාන්තඋදය දිනකට දහස් ගණනක් යනඑන කුරුවිට නගරයේ අවිධිමත් කසළ බැහැර කරන්නන් අල්ලාගන්නට නගරය පුරා ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකළ බව කුරුවිට නගරය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් සිල්වා මහතා පැවසුවේය. මේ වනවිට කුරුවිට නගරයේ දිරණ සහ නොදිරණ කසළ බැහැර කිරීම ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය මගින් රාත්‍රී කාලයේ විධිමත්ව සිදුකරයි. එහෙත් ඇතැම් දිනවල අලුයම වනවිට

ලස්සන කුරුවිට අවලස්සන කරන්නන් අල්ලා ගන්නට ආරක්ෂිත කැමරා Read More »

ජේතවන,රුවන්වැලි සෑ පුදබිම් කේන්ද්‍ර කළ විශේෂ රුක්රෝපණ වැඩසටහනක්

තිරප්පනේ සමන් පෙරේරා   ජාත්‍යන්තර වනාන්තර දිනයට සමගාමීව “වනාන්තර හා ආහාර” යන තේමාව මුල්කර ගනිමින් අනුරාධපුර ජේතවන පූජා භූමිය සහ රුවන්වැලිසෑය පූජා භූමිය කේන්ද්‍ර කර විශේෂ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විණි.. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපාර්යාස පිළිබඳ ශ්‍රී ලංකාව ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්ව  අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතාවය පෝෂණය හා ජීවනෝපාය කෙරෙහි වනාන්තර මගින් ලැබෙන

ජේතවන,රුවන්වැලි සෑ පුදබිම් කේන්ද්‍ර කළ විශේෂ රුක්රෝපණ වැඩසටහනක් Read More »

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

රංජන් මඩගම්මන-  පළාත් පාලන මැතිවරණ යට අදාළ තැපැල්  ඡන්ද දැන්වීම් පත්‍රිකාවල  මුද්‍රණ කටයුතු මේ වන විටත් අවසන් අදියරට පැමිණ ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.ඡන්ද දැන්වීම් පත්‍රිකා අප්‍රේල් පහ (5)වන  විට මැතිවරණ කොමිෂම වෙත භාරදීමට නියමිතය.       රජයේ  මුද්‍රණලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා ඒ බව පැවසීය.අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් Read More »

පූජ්‍ය හුරී ගස් වැවේ චන්දරතන හිමියන් ද්විතීයික ක සංඝනායක ධුරයට පත් වෙති

   මොහොමඩ් ආසික් මහනුවර කටුගස්තොට රණවණ ශ්‍රී බෝධිමළු විහාරාධිපති,  අලවතුගොඩ දෙල්ගස්ගොඩ ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ පරිවෙනාධිපති, ශාස්ත්‍රපති  පූජ්‍ය හුරීගස්වැවේ චන්දරතන හිමියන් වෙත ශ්‍යාමෝපාලි මහ නිකාය  මගින් ප්‍රදානය කරන ලද ධර්මකීර්ති ශ්‍රී පුඤ්ඤානන්ද යන ගෞරව නාමය  සහිත හාරිස්පත්තුවේ ද්විතීයික සංඝනායක ධූරයේ  අක්තපත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යෝතසවය පසුගිය 30 වනදා සවස රණවන ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේදී පැවැත්විණ‍. අක්තපත්‍රය අභිනව  සංඝනායක ධූරයෙන් පිදුම් ලද පූජ්‍ය හුරීගස්වැවේ චන්දරතන

පූජ්‍ය හුරී ගස් වැවේ චන්දරතන හිමියන් ද්විතීයික ක සංඝනායක ධුරයට පත් වෙති Read More »

දින අටක් තුළ මැතිවරණ පැමිණිලි  180ක්

රංජන් මඩගම්මන-  පළාත් පාලන මැතිවරණයට අදාළව ගත වූ දිනය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි හතක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධව පැමිණිලි 6ක්,සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් ඒ අතර වේ.නිකවැරටිය,මීගලෑව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් මීගලෑව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.එම සිද්ධියට අමතරව මාතලේ ,කළුතර ,ගල්කිස්ස,

දින අටක් තුළ මැතිවරණ පැමිණිලි  180ක් Read More »