රට වටා

කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත නිදහස් කෙරේ

ලක්මිණි නදීෂා  රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැර තිබේ. ඒ ඊයේ(03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවය. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය එම නියෝගය නිකුත් කළාය. කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරයේ කටයුතු […]

කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත නිදහස් කෙරේ Read More »

මාධ්‍ය සංසදයේ සිසුන්ට නිල ලාංඡන පැළඳවීම

.රංජන් මඩගම්මන-  දෙහීඕවිට  අධ්‍යාපන කලාපයට අයත් කෑ/දෙහිඕවිට  කල්‍යාණි මහ විද්‍යාලයේ මාධ්‍ය  සංසදය මගින් සිසු සිසුවියන් සඳහා මාධ්‍ය නිල ලාංඡන පැළඳවීම ප්‍රවීන මාධ්‍යවේදී අසේල බණ්ඩාරනායක, මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.      මාධ්‍ය සංසදයේ සාමාජික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 45 දෙනෙකු  ට මෙහිදී මාධ්‍ය නිල ලාංඡන පැළඳවීම සිදුවිය.සංසදයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නැටුම් ,ගැයුම්, වැයුම්,මෙන්ම මාධ්‍ය තාක්ෂණික ක්‍රියාවලිය සංසදය

මාධ්‍ය සංසදයේ සිසුන්ට නිල ලාංඡන පැළඳවීම Read More »

නවක මන්ත්‍රී විදුලිසර වැදී මිය යයි.

අලුතින්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් පුද්ගලයෙකුවේ ඊට පසු දින අවාසනාවන්ත ලෙස මිය යාමේ සිද්ධියක් කලවාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ මුහුණපා ඇත්තේ කලවාන දෙල්ගොඩ පුබුදුගම ප්‍රදේශයේ පදිංචි සුජීව පුෂ්පකුමාර නැමැති පුද්ගලයෙකි. සුජීව සර්ව ජන බලය පක්ෂයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග වැද ඉන් ජයග්‍රහණය කළේය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුන් දුන්  දිනට

නවක මන්ත්‍රී විදුලිසර වැදී මිය යයි. Read More »

ඩෙංගු චිකන්ගුණ්‍යා මදිවට කොරෝනා

(බුද්ධික වීරසිංහ) ආසියානු කලාපයේ රටවල් රැසක කොවිඩ් ව්‍යාප්තිය යළි තීව්‍ර වී ඇති බව වාර්තා වේ. ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ හොංකොං යන රටවල ආසාදිතයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 685 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පුද්ගල මරණ 4ක් ද

ඩෙංගු චිකන්ගුණ්‍යා මදිවට කොරෝනා Read More »

නිරිත දිග මෝසමේ බලපෑමක් කෙමෙන් පහව යයි.

(චම්පිකා මුතුකුඩ) අද දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවේ සඳහන් වේ.. ඌව පළාතේත්, අම්පාර සහ  මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැකි බව කාලගුණ විද්‍යා

නිරිත දිග මෝසමේ බලපෑමක් කෙමෙන් පහව යයි. Read More »

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දිවයිනට 

(ලක්මිණි නදීෂා)  ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ. ඔහු සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් පැමිණි බව ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසීය. ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දිවයිනට  Read More »

මුහුදු වතුරෙන් පහන් දල්වන මුලතිව් වට්ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්ලය ඇරඹේ.

(වවුනියාව – මාධව කුලසූරිය.) මුලතිව්,වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්ලය ඊයේ (02) සවස විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණ. මුහුදු ජලයෙන් පහන් දල්වා කෝවිලේ උත්සවය ආරම්භ කරනු ලබන අතර,උතුරු නැගෙනහිර ජනතාව මහත් හරසරින් යුතුව කෝවිලේ පූජාවන් වෙනුවෙන් සහභාගි වෙති. මුලතිව්,සිලාවත්ත ප්‍රදේශයේ මුහුදු ජලය ලබාගෙන පැමිණ අදාළ මුහුදු ජලයෙන් පහන් දැල්වීම ආරම්භ කොට කෝවිලේ වාර්ෂික මංගල්ලය

මුහුදු වතුරෙන් පහන් දල්වන මුලතිව් වට්ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්ලය ඇරඹේ. Read More »

දස වියැති පාසල් සිසුවියගේ කම්මුලට             පහරදුන්නැයි  පාසලේ ගුරුවරයෙක් රිමාන්ඩ්

    අජිත්ලාල් ශාන්තඋදය අවුරුදු දහයක් වයසැති පාසල් දැරියකගේ කම්මුලට අතින් පහරදුන් බව කියන එම පාසලේම උගන්වන ගුරුවරයෙකු මේ මස 04දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් සමන් පරණලියනගේ මහතා 02දා නියම කළේය. මෙම සිද්ධියේ වින්දිතයා බවට පත්ව ඇත්තේ රත්නපුර නගරයේ පාසලක ඉගෙනුම ලබන රත්නපුර නගරයට ආසන්න ගමක පදිංචි පාසල් ශිෂ්‍යාවකි. සැකකරු වන්නේ ද

දස වියැති පාසල් සිසුවියගේ කම්මුලට             පහරදුන්නැයි  පාසලේ ගුරුවරයෙක් රිමාන්ඩ් Read More »

ඇහැලියගොඩ විදුලිය බිඳවැටීම් යථාවත් කිරීම අකාර්යක්ෂමයි

රංජන් මඩගම්මන-  ඇහැලියගොඩ විදුලි ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ වරින් වර සිදුවන විදුලි බිඳ වැටීම හේතුවෙන් මහජනයා දැඩි ලෙස අසීරුතාවයට පත්ව සිටිති. ඇදහැලෙන වර්ෂාවත් සුළඟත් හේතුවෙන් ඇහැලියගොඩ ප්‍රදේශයේ ගම්මාන රැසක ගස් කඩා වැටීම් විදුලි බිඳ වැටීම්  නිතර  නිතර සිදුවීම හේතුවෙන් ජනතාවට සතිගණන් විදුලිය නොමැතිව අසීරුතාවයට පත්ව සිටිති. පනාවල,අම්බලම්පිටිය,මඩගම්මන ,මින්නාන,එල්ලාවල ,කරදන,තලපිටිය ,ඉද්දමල්ගොඩ,බෝපැත්ත,අම්බලන් පිටිය, ප්‍රදේශ ඒ අතර වේ.ඇතැම්

ඇහැලියගොඩ විදුලිය බිඳවැටීම් යථාවත් කිරීම අකාර්යක්ෂමයි Read More »

ටිපර්රියක් යතුරුපැදියක ගැටීම් යතුරුපැදිකරු මියයයි

(සමන් පෙරේරා)   ගල්කුලම සිවලාකුලම මාර්ගයේ ගල්කුලම  දෙස සිට සිවලාකුලම දෙසට ධාවනය කළ ටිපර් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇතැයි තිරප්පනේ පොලිසීය කියයි. අද (02) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් පමණ වයසැති විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු බව  පොලිසීය කියයි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුර සම්බන්ධයෙන් 

ටිපර්රියක් යතුරුපැදියක ගැටීම් යතුරුපැදිකරු මියයයි Read More »