රට වටා

ගම් වදින අලින්ගෙන් පොල් පැල රැක ගන්න දුක් විඳින රොටවැව වැසියෝ

සමන් පෙරේරා   අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රොටවැව ගම්මානයට වසර ගණනක සිට වන අලි තර්ජන උග්‍ර වී ඇති බව ගම්වාසීහූ පවසති. මේනිසා ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් තම ගෙවතු වගාවන් ආරක්ෂා කරගැනීමට සිදුව ඇතැයි ද රොටවැව වැසියෝ කියති. නිරන්තරයෙන් ගම් වදින වන අලි රංචුවක් ඉකුත් දා ගම්මානයට කඩාවැද ගෙවතුවල වගා කර තිබූ […]

ගම් වදින අලින්ගෙන් පොල් පැල රැක ගන්න දුක් විඳින රොටවැව වැසියෝ Read More »

VAT බද්දෙන්  භාණ්ඩ කිහිපයක් නිදහස්

යසංග මහවිතාන එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

VAT බද්දෙන්  භාණ්ඩ කිහිපයක් නිදහස් Read More »

පෞද්ගලික බැංකු දෙකකට දඩ

බුද්ධික වීරසිංහ මෙරට පෞද්ගලික අංශයේ බැංකු දෙකකට ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  දඩ මුදල්  ගෙවීමට නියම කර ඇත.ඒ මුදල් පනතේ රීති හා රෙගුලාසි කඩකිරීමක් හේතුවෙනි. එක් බැංකුවට රුපියල් ලක්ෂ විස්සක් සහ තවත් බැංකුවකට රුපියල් ලක්ෂ දහයක් ලෙස මෙසේ දඩ මුදල් නියම කර තිබේ. එම දඩ මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන ලෙසද දන්වා තිබේ. 2006

පෞද්ගලික බැංකු දෙකකට දඩ Read More »

දළදා දැක්ම වෙනුවෙන් වැසෙන පාසල්

යසංග මහවිතාන අප්‍රේල් 18 වෙනිදායින් ඇරඹෙන‘සිරි දළදා දැක්ම’ ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරය සහ ඒ අවට පිහිටි තෝරාගත් පාසල් 49ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කළාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර තිබේ. දින පහක කාලයක් මෙම නිවාඩු ලබාදීම සිදුවේ. ඒ  අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින පහ බව මහනුවර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ මාදුපානි පියසේන මහත්මිය පැවසුවාය. වසාතැබෙන පාසල්

දළදා දැක්ම වෙනුවෙන් වැසෙන පාසල් Read More »

රනිල්ගෙන් අනතුරු හැඟවීමක්

යසංග මහවිතාන අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා

රනිල්ගෙන් අනතුරු හැඟවීමක් Read More »

අපොස උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් මස අග

  එස්. රත්නායක   අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස ( අප්‍රේල් ) අග වනවිට බොහෝ දුරට නිකුත් කළ හැකි වේ යැයි Truth news කළ විමසීමකට පිළිතුරු දෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය. නිශ්චිත දිනයක් සඳහන් කළ නොහැකි නමුත් මේ මස අගදී එම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් මේ දිනවල කඩිනමින් එම කටයුතු සිදු කරගෙන

අපොස උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් මස අග Read More »

දැඩි හිරු රශ්මිය ගැන කාලගුණ අංශයෙන් අවවාදාත්මක නිවේදනයක් 

ලක්මිණි නදීෂා  හෙට (17)  දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත්, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ නිසා හෙට

දැඩි හිරු රශ්මිය ගැන කාලගුණ අංශයෙන් අවවාදාත්මක නිවේදනයක්  Read More »

ගම්පහදී මරණ තැතක් වරදී

යසාංග මහවිතාන ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළක් අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදුකර තිබේ.ඒ ධාවනය වෙමින් තිබු කුඩා ප්‍රමාණයේ ලොරි රථයකටයි. වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇති බව කියැවේ. වෙඩි තැබීමෙන් ඔවුනට තුවාල සිදු වී නොමැති අතර වෙඩි තැබීමට හේතුව

ගම්පහදී මරණ තැතක් වරදී Read More »

අභ්‍යවකාශයට චාරිකාවක්

යසාංග මහවිතාන ඉතිහාසගත අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව යළි පෘථිවිය කරා පැමිණ තිබේ . මෙසේ ඔවුන් සංචාරයේ නිරත වූයේ ජෙෆ් බෙසෝස්ගේ  බ්ලූ ඔරිජින් ( Blue Origin ) සමාගමේ රොකට්ටුවකිනි . “පෘථිවිය හරිම නිහඬව පෙනුණා” යනුවෙන් කේට් සිය අත්දැකීම ප්‍රකාශ කළාය.. ගුවන් ගමන මිනිත්තු 11 ක්

අභ්‍යවකාශයට චාරිකාවක් Read More »

රටින් පැනයාමට ආ සැකකරු අත් අඩංගුවට

යසාංග මහවිතාන බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට පසුගියදා සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අද(15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම අත් අඩංගුවට ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති

රටින් පැනයාමට ආ සැකකරු අත් අඩංගුවට Read More »