රට වටා

නීති විරෝධිව වැලි ගෙන ගිය ටිපර් රථයකට වෙඩි.සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

වවුනියාව මාධව කුලසූරිය. නීති විරෝධිව වැලි පටවාගෙන ගිය ටිපර් රථයක රෝදයකට වෙඩි තබා නවත්වා නීති විරෝධි වැලි ජාවාරම සිදුකළ දෙදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව මන්නාරම අඩම්පන් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ නීති විරෝධි වැලි ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි ජාවාරම්කරුවන් නීති විරෝධි වැලි පැටවු ටිපර් රථයකින් වැටලීමට ගිය පොලිස් නිළධාරීන් අනතුරට ලක්කොට […]

නීති විරෝධිව වැලි ගෙන ගිය ටිපර් රථයකට වෙඩි.සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට. Read More »

මම කිව්වේ අපේ නොවෙන ආයතනවලට මුදල් දෙන්නෙ නෑ කියල නෙවෙයි- ජනපති

චම්පිකා මුතුකුඩ පළාත් පාලන ආයතන සඳහා අරමුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් තමා මෑතක දී සිදුකළ ප්‍රකාශය විපක්ෂය විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. තමා ඉන් අදහස් කළේ මධ්‍යම රජය විසින් ප්‍රවේශමෙන් එකතු කරන ලද අරමුදල් දූෂිත පළාත් පාලන ආයතන සඳහා වෙන් නොකරන බව පමණක්ම බව ජනපතිවරයා ප්‍රකාශ කරයි. නුවරඑළිය

මම කිව්වේ අපේ නොවෙන ආයතනවලට මුදල් දෙන්නෙ නෑ කියල නෙවෙයි- ජනපති Read More »

මහනුවර නගරයට පැමිණෙන සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීමට විශේෂ අවධානය

  නිමල් කොළඹිස්ස – මහනුවර   මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවතින සම්පත් සමඟ ප්‍රාදේශීය ලේකම්වරුන් හා එම කාර්යාල මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරන බව ද ඒ

මහනුවර නගරයට පැමිණෙන සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීමට විශේෂ අවධානය Read More »

කිතුණුවෝ උත්කර්ෂවත් ලෙස පාස්කු සමරති

සමන් පෙරේරා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියලු ලෝ වැසි දනන් පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුසය තුළ සිය ජීවිතය පූජා කිරීමෙන් දින 03කට පසු උත්ථානය ලැබීම සිහිපත් කරමින් ලොව පුරා වෙසෙන කිතුණු බැතිමත්හූ අද (20) පාස්කු මංගල්‍යය උත්සවශ්‍රීයෙන්  සමරනු ලබති. මේ අනුව කිතුණු බැතිමතුන් විවිධ වත් පිළිවෙත් සිදු කරමින් ගත කළ දින 40ක චතාරික සමය ද මෙම

කිතුණුවෝ උත්කර්ෂවත් ලෙස පාස්කු සමරති Read More »

පාතහේවාහැට ගම්වැද සිටින රිලවුන් වනගත ප්‍රදේශවලට මුදා හැරීම ආරම්භ කෙරේ 

හේවාහැට-චම්පික දසනායක  මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන ගණනාවක භව භෝග හා පොදු දේපල වලට හානි කරන රිලවුන් අල්ලා ආරක්ෂිතව  වනගත ප්‍රදේශයකට මුදා හැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත මහනුවර දිස්‌ත්‍රික්‌කයේ කෘෂිකාර්මික ප්‍රදේශ අතරින් ප්‍රමුඛතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වන පාතහේවාහැට ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ රිලා උවදුරෙන් දැඩි පීඩාවට පත්ව සිටියහ  මුල්

පාතහේවාහැට ගම්වැද සිටින රිලවුන් වනගත ප්‍රදේශවලට මුදා හැරීම ආරම්භ කෙරේ  Read More »

මෝටර් රියක් මතට ගල්  පෙරළෙයි

චම්පිකා මුතුකුඩ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීමෙන් දැඩි හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. සිදුවීම සිදුව ඇත්තේ ඊයේ(ඊයේ) උදෑසන 7.30ට පමණය.කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මෙම අනතුරට ලක්ව තිබේ. මෙම මෝටර් රථයේ සිව් දෙනකු ගමන් කර ඇතත් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත.

මෝටර් රියක් මතට ගල්  පෙරළෙයි Read More »

දළදා දැක්මට තවත් දුම්රිය දෙකක්

චම්පිකා මුතුකුඩ ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට  මහනුවර දක්වා ගමන් කරන  සැදැහැවතුන්ගේ  ගමනාගමන පහසුව තකා තවත් විශේෂ දුම්රිය දෙකක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව, අද (19) සිට  28 වැනිදා දක්වා මෙම විශේෂ දුම්රිය දෙක ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඉන් එක් දුම්රියක්  සෑම දිනකම පස්වරු 07.55ට කොළඹ

දළදා දැක්මට තවත් දුම්රිය දෙකක් Read More »

ටියුෂන් ගුරුවරියක් පොලිස් ආරක්ෂාව සහිතව ගමන් කරන වීඩියෝව පිළිබඳ විමර්ශනයක්

චම්පිකා මුතුකුඩ  සමාජ මාධ්‍ය ජාලා වල මේ දිනවල සංසරණය වන උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් ආරක්ෂාව සමග ගමන් කිරීමේ ආන්දෝලනාත්මක  වීඩියෝව පිළිබඳව  විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි. ඔහු තවදුරටත් සඳහන් කළේ අදාල ගුරුවරිය විසින් සිසුන් අටදාහක් සහ දෙමව්පියන් තිස්පන්දහසක් පමණ සහභාගීත්වයෙන්  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන

ටියුෂන් ගුරුවරියක් පොලිස් ආරක්ෂාව සහිතව ගමන් කරන වීඩියෝව පිළිබඳ විමර්ශනයක් Read More »

දළදා දැක්මට පෝලිම් කිලෝමීටර් තුනත් ඉක්මවයි

  මොහොමඩ් ආසික් වසර 16 කට පසුව පැවැත්වෙන ඓතිහාසික සිරි දළඳා දැක්මට එක්වී  ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටි අයුරුයි මේ. 2025.04.18 වන ඊයේ දින සිට ලබන 27 වන දින දක්වා  සිරි දළඳා දැක්ම ඓතිහාසික ශ්‍රී දළදා  මාලිගාවේදී පැවැත්වෙයි.  ශ්‍රී දන්ත ධාතුන්

දළදා දැක්මට පෝලිම් කිලෝමීටර් තුනත් ඉක්මවයි Read More »

මීලඟ විගණකාධිපති ?

යසංග මහවිතාන විගණකාධිපති ධූරයට සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන (22) වැනිදා රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. විගණකාධිපති තනතුර රාජ්‍ය සේවයේ ඉහළම  තනතුරකි.රාජ්‍ය අංශයේ ආයතනවල ගිණුම් විගණනය කිරීම සඳහා වූ මූලික අධිකාරී බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවෙන් විගණකාධිපති වරයා වෙත පැවරී ඇත. විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියළුම දෙපාර්තමේන්තුවල ගිණුම්ද, අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ, අධිකරණ සේවා කොමිෂන්

මීලඟ විගණකාධිපති ? Read More »