රට වටා

උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත්

රංජන් මඩගම්මන-  මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුන් 27, 4361 කි.ඉන් 17 7588 දෙනෙකු  විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබේ. විෂයන් තුනම අසමත් සිසුන් 29 ,244ක් ද වන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී.අමිත් ජයසුන්දර මහතා පැවසීය.       උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම් පත් 2025/05/02 දා […]

උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් Read More »

දියේ ගිලීමෙන් 14 හැවිරිදි සිසුවෙකු ජිවිතක්ෂයට.

වවුනියාව මාධව කුලසූරිය. කිලිනොච්චිය,කරියාලෙයි,නාගපඩුවාන් වැවේ ගිලීමෙන් ඊයේ(03) සවස 14 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ කිලිනොච්චිය ජෙයපුරම් ප්‍රදේශයේ පදිංචි මලර්වන්නන් විදූෂන් නමැති දරුවෙකු එලෙස වැවේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. මියගිය සිසුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි පොලිසිය වැඩිදුර පරීක්ෂණ

දියේ ගිලීමෙන් 14 හැවිරිදි සිසුවෙකු ජිවිතක්ෂයට. Read More »

රණවිරුවන්ට පනවන තහනම් වලට එරෙහි පෙත්සමක්

කොලින් හරිස්චන්ද්‍ර කුරිරු යුද්ධයෙන් රට රැකගත් රණවිරුවන් ට එරෙහිව පනවන තහනම හා රටට පනවන සම්බාධක වලට එරෙහි ව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ මෙහෙයවීමෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින්  මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ඉදිරිපිට මහජන පෙත්සමක් අත්සන් කිරීම අද (03) දින සිදුවිය. මෙම ජාත්‍යන්තර ප්‍රශ්නය  ජිනීවා වලට ගොස්  සාකච්ඡා කර විසඳා ගැනීමට මෙම මහජන පෙත්සම

රණවිරුවන්ට පනවන තහනම් වලට එරෙහි පෙත්සමක් Read More »

සබරගමුව සරසවි සිසුන්ට නවක වදය ලබාදීමේ සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ලක්මිණි නදීෂා  සබරගමුව සරසවි සිසුන්ට නවක වදය දීමේ සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පොලීසිය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා සබරගමුව සරසවියේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් පසුගිය 29 වන දින සමනලවැව පොලිස් ස්ථානය වෙතලද පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව ඊයේ(02) දින සමනල වැව පොලිස්

සබරගමුව සරසවි සිසුන්ට නවක වදය ලබාදීමේ සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට Read More »

උපසම්පදා පින්කම සඳහා අනුග්‍රහය දැක්වීමට ආණ්ඩුව ලක්ෂ ගණනක්  ඉල්ලයි.

නා උයනේ අරිධම්ම හිමි උපසපන් වූ සීමා මාලකයේ උපසම්පදා පින්කම සදහා අනුග්‍රහය ඉල්ලු භික්ෂූන්ගෙන් ආණ්ඩුව ලක්ෂ ගණනින් මුදල් ඉල්ලයි. ගලදූව අරණ්‍ය සේනාසනයට ඇරඹි ශ්‍රි කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ශාඛා 300 කට අධික ප්‍රමාණයක භිත්ෂූන් වහන්සේලා දහස් ගණනක් වැඩවාසය කරති. මෙම භික්ෂූන් වහන්සේලා ගල්දූව උදකුක්ඛේප සීමා මාලකයේ උපසම්පදා වූ භික්ෂුන් වහන්සේලා වන අතර සෑම අවුරුද්දකම උපසම්පදා පිංකමක්

උපසම්පදා පින්කම සඳහා අනුග්‍රහය දැක්වීමට ආණ්ඩුව ලක්ෂ ගණනක්  ඉල්ලයි. Read More »

මැතිවරණයේ නිහඬ කාලය අද මැදියම් රැයෙන් ඇරඹෙයි

යසංග මහවිතාන හයවෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. අද මැදියම් රැයේ සිට මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස සැලකෙනු ඇත. අද මැදියම් රැයෙන් පසුව මැතිවරණ දිනය දක්වා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. මැතිවරණ කොමිෂන්

මැතිවරණයේ නිහඬ කාලය අද මැදියම් රැයෙන් ඇරඹෙයි Read More »

රත්නපුර මහ නගර සභා සිමාවේ සියලු  මධ්‍යස්ථාන ඡන්ද විමසිමට පෙර ධූමායනයට

  අජිත්ලාල් ශාන්තඋදය පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනට පෙර මැයි 04දා සවස සහ 05දා උදෑසන රත්නපුර මහ නගර සභා සීමාවේ ඇති සියලුම ඡන්ද මධ්‍යස්ථාන ධූමායනය කරන බව රත්නපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතා පැවසුවේය. මෙ වනවිට රත්නපුර මහ නගර සභා බල ප්‍රදේශය ඩෙංගු අවදානම් ප්‍රදේශයක් ලෙස හඳුන්වයි. ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ අනෝජ් රොඩ්රිගෝ මහතා

රත්නපුර මහ නගර සභා සිමාවේ සියලු  මධ්‍යස්ථාන ඡන්ද විමසිමට පෙර ධූමායනයට Read More »

හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද රන් රිදී ආභරණ  පොලිස්පතිවරයාට භාරදෙයි

යසංග මහවිතාන යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව තිබී හමුදා හාරයට ගන්නා ලද සිවිල් වැසියන්ගේ රන් හා රිදී  ඊයේ (2) වැඩ බලන පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් භාර දී තිබේ. ඒ බත්තරමුල්ලේ පිහිටි යුද හමුදා මූලස්ථානයේදීය. වැඩ බලන පොලිස්පතිවරයා විසින් භාර ගනු ලැබූ එම රන් හා රිදී අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දීමට නියමිත

හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද රන් රිදී ආභරණ  පොලිස්පතිවරයාට භාරදෙයි Read More »

මාතර බන්ධනාගාරයේ විශේෂ සෝදිසියකදීම දුරකථන තිස්පහක් සහ තවත් දේ සොයාගෙන

තරංග ගුණරත්න මාතර බන්ධනාගාරයේ සිදුකළ පරීක්ෂාවකදී ජංගම දුරකථන තිස්පහක් ක්, සහ මුදලින් රුපියල් දස දහසකට ආසන්න මුදලක් හා මාංචු යතුරු විස්සක් සොයා ගත්බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. මාතර බන්ධනාගාරයේ රැදවියන් තිදෙනකු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කිරීමේ සිද්ධියක් මත එයට එරෙහි වෙමින් රැදවියන් පිරිසක් බන්ධනාගාරයේ දේපලට හානි කරමින් නොසන්සුන්කාරී තත්ත්වයක් (22 ) රාත්‍රී හටගෙන තිබුණිඑහිදී බන්ධනාගාර

මාතර බන්ධනාගාරයේ විශේෂ සෝදිසියකදීම දුරකථන තිස්පහක් සහ තවත් දේ සොයාගෙන Read More »

ලක්ෂ පනස් හයක රත්තරන් ලැප්ටොප්  සහ  දුරකථන සමග කතක් ගුවන්තොටුපොළේදී දඅත්අඩංගුවට

ලක්මිණි නදීෂා  රුපියල් ලක්ෂ පනස් හයක් වටිනා ස්වර්’ණාභරණ, ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක්, ඊයේ (01) ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. ඇය මත්තේගොඩ ප්‍රදේශයේ පදිංච් 63 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි. ඇය ඩුබායි සිට

ලක්ෂ පනස් හයක රත්තරන් ලැප්ටොප්  සහ  දුරකථන සමග කතක් ගුවන්තොටුපොළේදී දඅත්අඩංගුවට Read More »