රට වටා

අසීරුම අවස්ථාවන්හිදීත් ජනතා සේවයට කැප වූ හෙද හෙදියන්ට අගමැතිනිය ස්තුතිය පළ කරයි

(චම්පිකා මුතුකුඩ, නිමල් කොළඹිස්ස,මහනුවර) මැයි දොළොස්වැනිදාට යෙදුණු ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන්  සංවිධානය කරන ලද හෙද සැමරුම් උත්සවයක් අද ( 15) මහනුවර කරළිය ශාලාවේදී පැවැත්විණි. සමස්ත ලංකා හෙද සංගමය විසින් සංවිධානය කරන ලද මෙම සැමරුම් උත්සවය ශ්‍රී ලංකා  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය, සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය […]

අසීරුම අවස්ථාවන්හිදීත් ජනතා සේවයට කැප වූ හෙද හෙදියන්ට අගමැතිනිය ස්තුතිය පළ කරයි Read More »

ජන සංහාරයට විරුද්ධ නම් කැනඩාවෙන් යන්න. බ්‍රැම්ප්ස්ටන් නගරාධිපති.

(යසංග මහවිතාන) යුද සමයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රාජ්‍ය විසින්  ජන සංහාරයක් සිදුවූ බවට සංකේතවත් කරමින් හා  එහි වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය සංකේතවත් කෙරෙන  ස්මාරකරක් පසුගිය  10 දින කැනඩාවේදී විවෘත විය.ඒ එරට ප්‍රධාන උද්‍යානයක් වූ චින්ග්කෝසි  උද්‍යානයේය.එම ස්මාරකය ඉදි කිරීම  එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් විසින් ඇගයීමට ලක්කර තිබේ . ජන සංහාරක 

ජන සංහාරයට විරුද්ධ නම් කැනඩාවෙන් යන්න. බ්‍රැම්ප්ස්ටන් නගරාධිපති. Read More »

කොළඹ පුරපති සටනට  දින නියම වෙයි.

(චම්පිකා මුතුකුඩ) කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙම ඡන්ද විමසීම පවත්වනු  ලබන්නේ පාලන කොමසාරිස්වරයා විසිනි. පළාත් පාලන මැතිවරණයේදී කිසිදු තනි පක්ෂයකට 50% ට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම  මෙම ඡන්ද විමසීම පැවැත්වීමට හේතුවයි. මෙම ඡන්ද විමසීමේදී  සියයට 50 කට වැඩි

කොළඹ පුරපති සටනට  දින නියම වෙයි. Read More »

ධීවරයන් තිස් අටක්  අත් අඩංගුවට

(ලක්මිණි නදීෂා ) නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 38 දෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඒ අප්‍රේල් මස 21 වනදා සිට 28 වනදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදීය.  ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව කඩෙයිකාඩු, පුදුමාතලන්, ත්‍රීකුණාමලය, කෝකිලායි, ‍චැපල් දුපත සහ බැක් බේ

ධීවරයන් තිස් අටක්  අත් අඩංගුවට Read More »

අලුත්ගමගේගෙන්  පෙත්සමක්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  ඊයේ (14) අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළේය. තමන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.පෙත්සම ගොනු කරන ලද්දේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේය . ඉකුත්  සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ  විසින් මෙම

අලුත්ගමගේගෙන්  පෙත්සමක් Read More »

දුර ගමන් සේවා වලට බස් රථ දෙකක්

වර්ෂා අමරජිත් _එරත්න  පැය හයකට (6)වඩා වැඩි කාලයක් ගතවන දුර ගමන් සේවා සදහා ඩිපෝ දෙකකින් බස් රථ දෙකක් යෙදවීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කොට ඇත. එක් ගමන් වාරයකට මෙසේ බස් රථ දෙකක් යෙදවීම සිදුකිරීමට ඊයේ(13) පැවැති සාකච්ඡාවලදී තීරණයකට පැමිණි බව එහි සභාපති ජීවක ප්‍රසන්න මහතා ප්‍රකාශ කෙළේය.   දුර ගමන් සේවා ධාවනයේදී  ආරක්ෂිත

දුර ගමන් සේවා වලට බස් රථ දෙකක් Read More »

පාර පුරා තෙල්

සංජීවනී පද්මසේන කොලොන්නාව සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33 600ක් පමණ රැගෙන යමින් තිබූ බවුසරයක් තලවකැළේ, නුවරඑළිය, කිරිමැටිය ප්‍රදේශයේ දී පෙරළීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. මෙම අනතුර සිදු වී ඇත්තේ අද හවස 04 ට පමණ වන අතර බවුසරයේ ටැංකි කොටස මාර්ගය හරහා පෙරලී ඇත. එනිසා ඉන් ඩීසල් සහ පෙට්‍රල් කාන්දු වීමක්

පාර පුරා තෙල් Read More »

කසිප්පු ජාවාරම  නවත්වන්නැයි ගම්වැසියෝ වීදි බසිති.

(ලසන්ත නිරෝෂණ පෙරේරා ) සංවිධානාත්මක ලෙස සිදු කෙරෙන  රක්වාන බාර් වත්ත ප්‍රාදේශයේ  කසිප්පු ජාවරම නවත්වන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසින් පිරිසක් දෙණියාය රතනපුර ප්‍රධාන මාර්ගය රක්වාන බාර් වත්ත ප්‍රදේශයේදි හරස් කරමින්  අද (14) උදැසන කාලයේදී උද්ඝෝෂණයක නිරත වුහ. මෙම කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු පොලිසියටද චෝදනා කළහ. වතුකරයේ කසිප්පු ජාවාරම මැඩලිමට පොලිසිය ක්‍රියා නොකරන බවත් සමහර පොලිස් නිළධාරින්

කසිප්පු ජාවාරම  නවත්වන්නැයි ගම්වැසියෝ වීදි බසිති. Read More »

රත්තරන් ගණන් බසී

සමන් පෙරේරා   දේශීය වෙළඳපළේ රත්‍රං මිල අඩු වී ඇතැයි රන් ආශ්‍රිත නිෂ්පාදනකරුවන් පවසයි. ඉකුත් සතියේ පැවති මිලට සාපේක්ෂව රත්‍රං පවුමක් රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත අනාවරණය කරයි. පසුගිය සෙනසුරාදා දින කැරට් 22 රත්‍රං පවුමක මිල රු. 246,000ක් ලෙස සඳහන්ව තිබූ රත්‍රං මිල අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රු. 240,500ක් දක්වා

රත්තරන් ගණන් බසී Read More »

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවකට

(ලක්මිණි නදීෂා ) පසුගිය දින කිහිපයේ සිදුවූ බස්රථ අනතුරු හේතුවෙන් දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුරගමන් සේවා බස් රථ අනතුරට ලක්වීමේ සිදුවීම් දිනෙන් දින ඉහළයාම නිරීක්ෂණය වීම හේතුවෙන් මෙලෙස බස්රථ විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි. මෙහිදී බීමත්ව

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවකට Read More »