රට වටා

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයෙන් දුර ගමන් දුම්රිය සේවා නවතී.

චම්පිකා මුතුකුඩ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ නොවිසඳුනු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කරන ලද හදිසි  එක්දින සංකේත වැඩ වර්ජනයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ  ආරම්භ විය දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවාගැනීමේ ක්‍රියාවලිය යථාවත් කිරීම, ශ්‍රේණි උසස් කිරීම සහ වරප්‍රසාද ලබාදීමේදී පවතින ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් අරඹයා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව අද දිනයේ සියලුම දුර ගමන් […]

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයෙන් දුර ගමන් දුම්රිය සේවා නවතී. Read More »

වාරිමාර්ග කළමනාකරණ ඒකකයේ කැබ් රථයක්   මඩුවක් තුළ නිකරුණේ දිරායයි . 

(හේවාහැට-චම්පික දසනායක) වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ  කළමනාකරණ ඒකකයට අයත් ධාවන තත්වයේ පවතින කැබ් රථයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පාතහේවාහැට  පොත්ගොඩ වැඩිහිටි නිවාස භූමියේ තාවකාලික මඩුවක් තුළ නවතා දමා ඇති බව එම ප්‍රදේශයේ ගොවි ජනතාව සඳහන් කරති  මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පිහිටි වාරි ජල යෝජනා ක්‍රම අතරින් දෙවන විශාලතම වාරි ජල යෝජනා ක්‍රමය වන පාතහේවාහැට මුරපොළ වාරි ජල යෝජනා ක්‍රමයේ නීලවල

වාරිමාර්ග කළමනාකරණ ඒකකයේ කැබ් රථයක්   මඩුවක් තුළ නිකරුණේ දිරායයි .  Read More »

ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි  තේරී පත්වෙයි

(මොහොමඩ් ආසික් ) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය. දසවැනි පාර්ලිමේන්තුව සඳහා සංගමය පිහිටුවීමේ රැස්වීම පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි.එම්. කලීල් මහතා

ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි  තේරී පත්වෙයි Read More »

වාහන විකුණන ලෙසින් මුදල් වංචා කළ යුවළක් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි

ලක්මිණි නදීෂා  ලංකා කාර් වර්ල්ඩ් නැමැති ආයතනයක් නමින් විවිධ බැංකු වල ගිණුම් පවත්වා ගෙන යමින් වෙබ් අඩවි සහ පුවත්පත් වල ලංකා කාර් වර්ල්ඩ් නමින් වාහන විකුණුම් දැන්වීම් පල කර ඒ හරහා දිවයිනේ විවිධ ප්‍රදේශ වල පුද්ගලයින්ගෙන් අදාළ ගිණුම් වෙත මුදල් තැන්පත් කරවාගෙන වංචා කිරීමට සම්බන්ධ සැකකරුවකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්

වාහන විකුණන ලෙසින් මුදල් වංචා කළ යුවළක් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි Read More »

ලැප්ටොප් හොරෙක් අල්ලයි

සංජීවනී පද්මසේන ලක්ෂ ගණනක වටිනාකමින් යුක්ත ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට යක්කල පොලිසියේ නිලධාරීන්ට හැකිවී තිබේ. මෙම සැකකරු අවුරුදු 27ක් පමණ වන පුද්ගලයෙකු වන අතර කඩවත යක්කල සහ ගම්පහ යන ප්‍රදේශ වලදී වසර ගණනාවක් තිස්සේ මෙම සොරකමෙහි යෙදී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. ඔහු යක්කල වරපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  මොහු සොරාගන්නා ලද

ලැප්ටොප් හොරෙක් අල්ලයි Read More »

බන්ධනාගාර බස් රථය shopping ගිහින්

(වැලිගම  තරංග ගුණරත්න ) බන්ධනාගාර බස් රථයක්  සැකකරුවන් සමග වැලිගම  නගරයට   පැමිණ  එහි සිටි බන්ධනාගාර නිලධාරීත්   විසින් ඔවුන්ගේ  අවශ්‍යතා සඳහා නගරයේ සැරිසරමින් සිටි බවට තොරතුරු වාර්තාවේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට⁣ අයත් බස් රථයක්  රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සමග  ( 16 ) දින පස්වරුවේදී  වැලිගම  නගරය⁣ට පැමිණ තිබිණි.එම බස් රථය  වැලිගම දුම්රියපොළට ආසන්නව නවතා අනතුරුව  මෙම බන්ධනාගාර බස්

බන්ධනාගාර බස් රථය shopping ගිහින් Read More »

එළවළු මිල යළි නගී

(නිපුණ නිර්මාල්) පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලගණන් අද (16) දින ඉහළ ගොස් තිබේ. ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රු.565කටත්,කැරට් කිලෝවක් රු.865කටත්,අමුමිරිස් කිලෝවක් රු.265කටත් හා තක්කාලි කිලෝවත් රු.525කටත් අලෙවි වී තිබේ. තවද,නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රු.1000කටත්,වම්බටු කිලෝවක් රු.700කටත්,අමුමිරිස් කිලෝවක් රු.600කටත්,බෝංචි කිලෝවක් රු.660කටත් අලෙවි වී ඇති බව සදහන්

එළවළු මිල යළි නගී Read More »

සූර්ය පැනල මෙරට ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් බවට පත්වේ.

(සමන් පෙරේරා)   මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් දිවයින පුරා ස්ථාපිත වහල මත වූ සූර්ය බලශක්ති ධාරිතාව  මෙගාවොට් 1,700 සීමාවට ළඟා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පවසයි. වහලමත ස්ථාපිත කර ඇති සූර්ය පැනල හරහා ලබාගන්නා මෙම සූර්ය බලශක්ති ධාරිතාව මැයි මස 1වනදා වනවිට මෙම සීමාවට ළඟා වී තිබේ. ඒ අනුව මෙරට ප්‍රධාන පුනර්ජනනීය

සූර්ය පැනල මෙරට ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් බවට පත්වේ. Read More »

අංක තහඩු හිඟයක් – නව වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට බාධා

ලක්මිණි නදීෂා   අංක තහඩු හිඟයක් හේතුවෙන්  ශ්‍රී ලංකාවේ නව වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාදයකට මුහුණ දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ. නව වාහන හිමිකරුවන්ට නිකුත් කළ ලිපියක එම හිඟය හේතුවෙන් අංක තහඩු ප්‍රමාද වන බව දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර ඇත. අතුරු විසඳුමක් ලෙස  වාහන අංකය ඇතුළත් සහ ලියාපදිංචිය වලංගු බව තහවුරු

අංක තහඩු හිඟයක් – නව වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට බාධා Read More »

ජනමාධ්‍ය ඇමති මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන 21 ක නියෝජිතයන් හමුවෙයි 

(ලක්මිණි නදීෂා)  ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් එම ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේම ඉල්ලීම පරිදි පිහිටුවීමට යෝජිත වරලත් ආයතනයක් ස්ථාපිත කිරී‍මේ මුලික කටයුතු සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 25 ක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.   ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන 21 ක

ජනමාධ්‍ය ඇමති මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන 21 ක නියෝජිතයන් හමුවෙයි  Read More »