රට වටා

කේරළ ගංජා කිලෝග්රැම් හයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට.

වවුනියාව මාධව කුලසූරිය. ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් රැගෙනවිත් තිබූ රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ හයයි ග්‍රෑම් 168 සමඟ පුද්ගලයකු අද(26)  යාපනය මරදන්කේණි, උරුත්තිරෙයි හීදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් වවුනියාව , පුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු […]

කේරළ ගංජා කිලෝග්රැම් හයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට. Read More »

මහින්දානන්දට ඇප

(චම්පිකා මුතුකුඩ) රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්  සැකපිට හිටපු අමාත්‍යවරයා  රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබිණි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය  විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ අල්ලස් කොමිසම

මහින්දානන්දට ඇප Read More »

මහින්දානන්දට හා නලින් ප්‍රනාන්දුට තවත් චෝදනාවක්.

(යසංග මහවිතාන) තවත් හිටපු අමාත්‍යවරුන්  දෙදෙනෙකු ඇතුළු විත්තිකරුවන්  තිදෙනෙකුට  නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබේ. ඒ නලීන් ප්‍රනාන්දු , මහින්දානන්ද අළුත්ගමගේ යන හිටපු ඇමතිවරුන්ට  හා එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජනරාල් නන්ද මල්ලවාරච්චිට එරෙහිවය. නලින් ප්‍රනාන්දු එකල සතොස සභාපතිවරයා වූ අතර මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා විය මෙම චෝදනා ගොනු කර ඇත්තේ සතොසට අයත්

මහින්දානන්දට හා නලින් ප්‍රනාන්දුට තවත් චෝදනාවක්. Read More »

වන අලි ප්‍රහාරයකින් කුඩා දරුවෙකු මරුට

(සංජීවනී පද්මසේන) සදා නොනවතින අරගලයක තවත් එක් අවාසනාවන්ත පුවතක් ගෝමරන්කඩවලින් වාර්තා වේ. ගෝමරන්කඩවල ඉඳිකටුව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට  පත්වීම ඒ දුක්බර පුවතයි. අලුයම රාජකාරියට යන පියා බස් රථයට ඇරලවීම සඳහා පා පැදියකින් ගමන් කරන අතරතුරදී මෙම ප්‍රහාරය සිදුවී තිබේ. මේ දෙදෙනා ගමන් කරන මාර්ගයේ විශාල කුඹුරකට මුවා වී සිටි වන අලියා එකවරම

වන අලි ප්‍රහාරයකින් කුඩා දරුවෙකු මරුට Read More »

ආඩිගම වැසියන් විරෝධතාවයක

(සංජීවනී පද්මසේන) වන අලින් ගම්මානවලට වැද බව බෝග විනාශ කිරීම උග්‍ර බව පවසමින් ඊට විසඳුම් ඉල්ලා ආනමඩුව ආඩිගම ගම්මානයේ ගම්වැසියෝ අද ආඩිගම නගරයේදී විරෝධතාවයක නිරත වූහ.. මේ වසරේ මාර්තු මාසයේදී මෙහි සිටි සියළු අලි තම්බෝව රක්ෂිතයට පළවා හැරිය බව වනජීවී නිලධාරීන් පවසා සිටින මුත් මසක් යාමට පෙර නැවත අලි ගම් වැදීමට පටන් ගත් බව ජනතාව

ආඩිගම වැසියන් විරෝධතාවයක Read More »

යතුරුපැදියක් දුම්රියේ ගැටී දෙදරු පියෙකු ජිවිතක්ෂයට.

(වවුනියාව මාධව කුලසූරිය). කිලිනොච්චිය,භාරතිපුරම් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු අද (25) දහවල්  ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ කොළඹ දෙස සිට යාපනය දෙසට ගමන්ගත් ශීඝ්‍රගාමි දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් 28 හැවිරිදි පි.අනුසන්රාජ් නමැති පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළේය.

යතුරුපැදියක් දුම්රියේ ගැටී දෙදරු පියෙකු ජිවිතක්ෂයට. Read More »

අම්පිටිය තලාතුඔය ප්‍රධාන මාර්ගයේ පදික මංතීරුව අවහිර කිරීමෙන් අනාරක්ෂිත තත්වයක් 

(හේවාහැට-චම්පික දසනායක)  මහනුවර නගරයට පිවිසෙන එක් ප්‍රධාන පිවිසුම් මාර්ගයක් වන අම්පිටිය තලාතුඔය මාර්ගයේ පදික මංතීරුව අවහිර වනසේ නිතර දෙවේලේ වාහන නවතා තැබීම හා වෙළදාවෙළදාම් කටයුතු සිදු කිරීම දැඩි අනාරක්ෂිත තතත්වයක් බව ජනතාව සඳහන් කරති  මහනුවර වැව රවුමෙන් මෙම මාර්ගයට පිවිසෙන රතු බෝක්කුව අසල සිට අම්පිටිය නගරය දක්‌වාත් එතැන් සිට තලාතුඔය නගරය දක්වාම මාර්ගයේ දෙපස ඉඩකඩ

අම්පිටිය තලාතුඔය ප්‍රධාන මාර්ගයේ පදික මංතීරුව අවහිර කිරීමෙන් අනාරක්ෂිත තත්වයක්  Read More »

නවසීලන්ත නියෝජ්‍ය අගමැතිවරයා ශ්‍රී ලංකා සංචාරයක

  (ලක්මිණි නදීෂා)  නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. ඔහු ඊයේ රාත්‍රියේ (24) දිවයිනට පැමිණි අතර ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගනු ලැබුණි. 2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වීමද විශේෂත්වයකි. නියෝජ්‍ය

නවසීලන්ත නියෝජ්‍ය අගමැතිවරයා ශ්‍රී ලංකා සංචාරයක Read More »

අපනයන කර්මාන්ත ශාලාවක දැවැන්ත විරෝධතාවක්

(විශේෂ වාර්තාකරුවෙක්) වැලිගම  මිදිගම ප්‍රදේශයේ පිහිටි  රබර් ආශ්‍රිත  අපනයන කර්මාන්තශාලාවක   සේවකයන් පිරිසක්   එම ආයතනය ඉදිරිපිට ඊයේ (24 ) පස්වරුවේදී  දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ. මෙම ආයතනය  ප්‍රංශ සමාගමකට අයත් වන අතර එය  ඉන්දියන් සමාගමකට  පසුගියදා විකුණා  ඇති බව  කියැවේ.මෙම ආයතනයේ වසර 35,  30 ,25 20 ආදී කාලයක් සේවය කළ බහුතරයක්  සිටින බවත් අනපේක්ෂිත ලෙස මෙම කර්මාන්ත ශාලාව වෙනත්

අපනයන කර්මාන්ත ශාලාවක දැවැන්ත විරෝධතාවක් Read More »

දුමින්ද දිසානායක බන්ධනාගාරයට

(ලක්මිණි නදීෂා) හැව්ලොක් නගරයේ මහල් නිවාස සංකීර්’ණයකින් රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා 2025 මැයි 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්’ණයක සිටියදී හිටපු අමාත්‍යවරයා ඊයේ(23)  අත්අඩංගුවට ගන්නා ලදී. වැල්ලවත්තේ හැව්ලොක් සිටි නිවාස සංකීර්’ණයෙන් රන් ආලේපිත

දුමින්ද දිසානායක බන්ධනාගාරයට Read More »