උණුසුම් පුවත්

වෛද්‍ය පරිපාලකයන්ගේ  විද්වත් සංගමයේ මුල් පුටුව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට

විමුක්ති එස් රුද්‍රිගු ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ 2025 වසර සඳහා නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, පසුගිය සතියේ හිල්ටන් හෝටලයේ පැවැති එම සංගමයේ මහා සභා රැස්වීමේදී ඒකමතිකව තෝරා පත් කරගන්නා ලදි. මෙම සංගමය රජයේ රෝහල් පමණක් නොව පුද්ගලික රෝහල්වල වෛද්‍ය පරිපාලකයන්ගෙන් සමන්විතය. වසර 31 ක් පැරණි මෙම […]

වෛද්‍ය පරිපාලකයන්ගේ  විද්වත් සංගමයේ මුල් පුටුව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට Read More »

මහනුවර රිළවුන් දූපත්වලට කොටු කිරීමේ සැලසුමක්

මොහොමඩ් ආසික් මහනුවර දිස්ත්‍රික්කයේ වගාවන්ට සහ සාමාන්‍ය ජනතාවට රිළවුන්ගෙන් සිදු වන හානිය වැළැක්වීම සඳහා එම රිළවුන් වන්ද්‍යාභාවයට පත් කර දූපත් වෙත මුදා හැරීමට  දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අවධානය යොමු වී තිබේ. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මෙන්ම කෘෂිකර්ම කමිටුවේද දැඩි අවධානයට යොමුව ඇති මෙම ගැටළුව විසඳීම සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අදාල රාජ්‍ය

මහනුවර රිළවුන් දූපත්වලට කොටු කිරීමේ සැලසුමක් Read More »

නාය යෑම් නිසා වසර ගණනක් අනාථ කදවුරුවල සිටින ජනතතාවට අලුතින් නිවාස

ලක්මිණී නදීෂා පසුගිය කාලය තුළ නාය යෑම්වලට ලක් වී තවමත් අනාථ කඳවුරුවල සිටින පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමටත්, ඒ අනුව එම නිවාස ඉදිකිරීම මාර්’තු  මුල් සතිය තුළ ආරම්භ කිරීමටත් කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යය සමන්ත විහරත්න මහතා පවසයි. අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමග වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ

නාය යෑම් නිසා වසර ගණනක් අනාථ කදවුරුවල සිටින ජනතතාවට අලුතින් නිවාස Read More »

නේවාසිකාගාරයේදී මිය ගිය ජර්මන් තරුණියන්ගේ මරණ පරීක්ෂණයට අවසර

විමුක්ති එස් රුද්‍රිගු කොළඹ මිරකල් කලම්බු සිටි නේවාසිකාගාර ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටියදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පසුගිය 1 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බ්‍රිතාන්‍ය ජාතික 24 හැවිරිදි එබනි මැකින්ටොෂ්ගේ සහ ජර්මානු ජාතික 27 හැවිරිදි රගුස් නෙදීන්ගේ මරණ පරීක්ෂණ අද(10) පැවැත්වීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝග කළාය. කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල් 81003 අමිත්

නේවාසිකාගාරයේදී මිය ගිය ජර්මන් තරුණියන්ගේ මරණ පරීක්ෂණයට අවසර Read More »

විශ්‍රාම ගිය විදුහල්පති ඉල්ලා  දෙමාපියන් විරෝධතාවයේ

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම දෙනිපිටිය අස්සෆා මහා විද්‍යාලයේ දෙමව්පියෝ  ආදි ශිෂ්‍ය සංගමය  හා එක්ව විශ්‍රාම ගිය විදුහල්පතිට තවත් සේවා දිගුවක් ඉල්ලා  විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ වැලිගම අස්සෆා  මහා විද්‍යාලයේ  විදුහල්පතිවරයා  වසර අටක් පමණ සේවය කොට ඉකුත්    2024 : 4 : 07  දින විශ්‍රාම ගොස් තිබේ. අනතුරුව  දෙමව්පියන්ගේ ඉල්ලීම මත එම විදුහල්පතිවරයා කොන්ත්‍රාත් පදනම මත මාස

විශ්‍රාම ගිය විදුහල්පති ඉල්ලා  දෙමාපියන් විරෝධතාවයේ Read More »

ඉන්දියානුවන් 14 ක් යාත්‍රා 02 ක් සමග අත්අඩංගුවට

වවුනියාව ප්‍රසන්න ප්‍රදීප් කුමාර     නාවික හමුදාව විසින් මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළුව ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමග ඉන්දියානු ධිවරයින් 14 කු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුළුව, මෙසේ ධීවර කටයුතු වල නිරත වූ

ඉන්දියානුවන් 14 ක් යාත්‍රා 02 ක් සමග අත්අඩංගුවට Read More »

යාපනය විශ්ව විද්‍යාලයේ දෙපිරිසක් අතර ගැටුමකින් සිසුන් දෙදෙනෙකුට තුවාල.

වවුනියාව මාධව කුලසූරිය. යාපනය,විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඊයේ(09) සවස ඇතිවු ගැටුමකින් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසයි. විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ වැඩසටහනකින් අනතුරුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන ඇත. එම ගැටුම  හට ගෙන ඇත්තේ  විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි

යාපනය විශ්ව විද්‍යාලයේ දෙපිරිසක් අතර ගැටුමකින් සිසුන් දෙදෙනෙකුට තුවාල. Read More »

චීන තානාපති ආපදාවන්ට මුහුණ දුන් උතුරේ වැසියන්ට ආහාර ද්‍රව්‍ය බෙදාදෙයි.

වවුනියාව මාධව කුලසූරිය. පසුගිය මාසවල ඇති වු ජල ගැලීමේ හේතුවෙන් පීඩාවට පත් උතුරේ ජනතාව වෙත වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් මෙරට චීන තානාපති ෂු යෑන් වෙයි මහතාගේ ප්‍රධානත්වයෙන් අද(09) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. පසුගිය සමයේ ඇති වු ජල ගැලීම්වලින් පීඩාවට පත් උතුරේ පවුල් 2500 ක් වෙත වියළි ආහාරද්‍රව්‍ය බෙදාදීම සිදුකිරීමට නියමිත බව චීන තානාපති

චීන තානාපති ආපදාවන්ට මුහුණ දුන් උතුරේ වැසියන්ට ආහාර ද්‍රව්‍ය බෙදාදෙයි. Read More »

  මළ සිරුරක් ධර්මශාලාවේ…

නාඋල ඉන්දික අරුණ කුමාර    මාතලේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,මාරාගමුව විහාරස්ථානයේ ධර්මශාලා ගොඩනැඟිල්ලේ ඊයේ රාත්‍රියේදී පුද්ගලයෙකු මියගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි. අද දින (09)විහාරස්ථානයේ ක්‍රියාත්මක දහම් පාසල් සඳහා දරුවන් පැමිණි අවස්ථාවේ ධර්මශාලා ගොඩනැගිල්ලෙහි පුද්ගලයෙකු මිය ගොස් සිටින බව දෙමව්පියන්ට දැන්වීමෙන් අනතුරුව, සිද්ධිය සම්බන්ධයෙන් ආවුල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ ලින්තොට ගෙදර

  මළ සිරුරක් ධර්මශාලාවේ… Read More »

අධ්‍යාපන සාධන මට්ටම් ඉහළ නැංවූ

වත්තේගම කලාපයේ විදුහල්පතිවරුන් ඇගයේ මොහොමඩ් ආසික් මධ්‍යම පළාත  තුළ ජාතික අධ්‍යාපන සාධන මට්ටම් ළගාකර ගනිමින් , ඉගෙනුම් ප්‍රතිඵලය ඉහළට ඔසවා තැබීම සඳහා ක්‍රියා කළ මහනුවර වත්තේගම කලාපයේ   විදුහල්පතිවරුන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද “උත්තම ප්‍රභා” විදුහල්පති ඇගයුම් වැඩසටහන  පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී   පසුගියදා පැවැත්විණ.    මෙම ඇගයීම් වැඩසටහනේදී මධ්‍යම පළාත අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළට

අධ්‍යාපන සාධන මට්ටම් ඉහළ නැංවූ Read More »