උණුසුම් පුවත්

ඉන්දියාවට පලාගොස් සිටි සැකකරු අත්අඩංගුවට 

L.නදීෂා මෙරට තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාව වෙත පළා ගොස් සිටි, රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු, කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණි. ඔහු ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ රැඳී සිටියදී , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කර ඇති අතර, ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ(12) රාත්‍රීයේ පැමිණ ඇත. එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් […]

ඉන්දියාවට පලාගොස් සිටි සැකකරු අත්අඩංගුවට  Read More »

වතු කම්කරු වැටුප රුපියල් 2,000 දක්වා ඉහළ නැංවීම පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමට පියවර

  නිමල් කොළඹිස්ස – මහනුවර   වතු කම්කරු දෛනික වැටුප රුපියල් දෙදහසක් දක්වා ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු කොට ඇතැයි ලංකා කම්කරු රතු කොඩි සංගමය පවසයි. ඉදිරි අය වැයේදී මෙම වැටුප් ඉහළ නැංවීම සිදු කිරීම සම්බන්ධයෙන් අදාල ආයතනවල අවධානය යොමු කරන බව එම සංගමයේ උපදේශිකා මේනකා කන්දසාමි මහත්මිය පවසයි. වතු කම්කරු වැටුප් ඉහළ නැංවීම

වතු කම්කරු වැටුප රුපියල් 2,000 දක්වා ඉහළ නැංවීම පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමට පියවර Read More »

“බුද්ධං සරණං ගච්ඡාමි ” ප්‍රදර්ශනය යළිත්…

විමුක්ති එස් රුද්‍රිගු කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ජංගම ප්‍රදර්ශනයේ දෙවැනි අදියර සහ “අමර් චිත්‍රකතා” ප්‍රකාශකයන්ට අයත් ජාතක කතා 5 ක සිංහල පරිවර්තන දොරට වැඩුම ඊයේ(12) කැළණිය රජමහා විහාරයේදී පැවැත්විණි. එම අවස්ථාවට ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ, , කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති  ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින්වහන්සේ,  මෙන්ම

“බුද්ධං සරණං ගච්ඡාමි ” ප්‍රදර්ශනය යළිත්… Read More »

මහ බැංකුවෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

සංජීවනී පද්මසේන ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිතයෙන් සිදු කරන වංචනික ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මහ බැංකුවේ රැකියාවක් ලබා දෙන බව පවසමින් ව්‍යාජ රැකියා දැන්වීම් සමාජ මාධ්‍යවල හා වෙබ් අඩවිවල සංසරණය වන බවත් ඒවාට මුලා නොවන ලෙසත්‍ ය. ශ්‍රී ලංකා මහ බැංකුව

මහ බැංකුවෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් Read More »

අද නම් ලැබූ රිදියගම  සිංහ බබාලා

සංජීවනී පද්මසේන. අම්බලන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ මාස 3ක් වයසැති සිංහ පැටවුන් 6 දෙනා අද නම් ලැබූහ. එම පැටවුන් සඳහා නම් 4000ක් යෝජනා වී තිබිණි. ඒ අතරින් නම් 6ක් තෝරා ගැනුණු අතර සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නම් තැබිම සිදු කෙරිණි.  ඩෝරා සහ ලාරාගේ පැටවුන් වූ මෙම සතුන්ගේ පිරිමි සිංහ පැටියා මේඝ යනුවෙන්

අද නම් ලැබූ රිදියගම  සිංහ බබාලා Read More »

ඉන්දු ලංකා ආරක්ෂක ලේකම්වරුන්ගේ හමුවක්

එල්. නදීෂා – කොළඹ  ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරු හමුවෙති . ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි මේ දිනවල පැවැත්වෙන “Aero India 2025” ගුවන් සංදර්ශනයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වී සිටින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)   11 දින ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං මහතා හමුවිය.

ඉන්දු ලංකා ආරක්ෂක ලේකම්වරුන්ගේ හමුවක් Read More »

තිස්ස විහාරය ඉදිරිපස පිරිසක් විරෝධතාවයක.

වවුනියාව මාධව කුලසූරිය. යාපනය,කන්කසන්තුරය තිස්ස විහාරයේ ගේට්ටුව ඉදිරිපස පිරිසක් ඊයේ(11) හා අද(12) විරෝධතාවයක් පැවැත්විණ. යාපනය තිස්ස විහාරයේ සිදුකරන නව ඉදිකිරීම් නවතා දමන ලෙසත්,බෞද්ධයන් නොමැති ස්ථානයක් විහාරයක් සකස් නොකරන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලීම් කරති. විරෝධතාවය වෙනුවෙන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක්ද එක්ව සිටියහ. යාපනය තිස්ස විහාරයේ සිදුකරන බව

තිස්ස විහාරය ඉදිරිපස පිරිසක් විරෝධතාවයක. Read More »

මන්ත්‍රී අර්ජුනා පහරදුන්නායැයි අයෙක් රෝහල්ගත කරයි.

වවුනියාව මාධව කුලසූරිය. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා පහරදීමෙන් තුවාල ලැබු අයෙක් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසති. ප්‍රදේශවාසීන් පැවසූවේ යාපනය ආපනශාලාවක් තුළදි අර්ජුනා මහතා විසිනි අයෙකුට පහරදීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති බවයි. වීඩියෝ කිරීමක් සම්බන්ධයෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් අදාළ පහරදීම සිදුව ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසති.

මන්ත්‍රී අර්ජුනා පහරදුන්නායැයි අයෙක් රෝහල්ගත කරයි. Read More »

රජයේ විශ්‍රාමිකයින් උද්ඝෝෂණයක

මොහොමඩ් ආසික් රජයේ විශ්‍රාමිකයින්ගේ නොවිසඳුනු ගැටළු ඉතා ඉක්මනින් විසඳන ලෙස රජයට බල කරමින් මහනුවර පාතදුම්බර විශ්‍රාමික සංගමය අද 11 වන දින වත්තේගම නගරයේදී  විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීය.   රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ සංගමයේ  මහනුවර  පාතදුම්බර ශාඛාවේ  24 වන සංවත්සර රැස්වීම  අද (11) වනදා  වත්තේගම නගර සභා ශ්‍රවනාගාරයේදී  පෙරවරු 9.00 ට පැවැත්විණි.  එයට  සමගාමීව ඔවුහු,  රාජ්‍ය විශ්‍රමිකයින්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින්, වත්තේගම නගර සභාව ඉදිරිපිටදී ඉල්ලීම්

රජයේ විශ්‍රාමිකයින් උද්ඝෝෂණයක Read More »

නාමල් කුමාරගේ සහ අසේල නුවන් රක්ෂිත බන්ධනාගාරයට

විමුක්ති එස් රුද්‍රිගු කොළඹ අතිඋතුම් කාදිනල් මැල්කම්  රංජිත් හිමිපාණන්ට අවමානයක් වන පරිද්දෙන් හා කතෝලික ජනතාව කැළඹෙන ආකාරයේ ප්‍රකාශ කළා යැයි චෝදනා එල්ල වී තිබෙන නාමල් කුමාරගේ සහ අසේල නුවන් යන චූදිතයන් එළැඹෙන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(11) නියෝග කළාය. සිදුවීමට අදාළ නඩුකරය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කොළඹ

නාමල් කුමාරගේ සහ අසේල නුවන් රක්ෂිත බන්ධනාගාරයට Read More »