උණුසුම් පුවත්

අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන දීමනාව මෙම මස 20 වන දා සිට ගෙවීමට පියවර

නික්කි රණසිංහ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රු.3000ක දීමනාව මෙම මස 20 වනදා සිට ගෙවීම සඳහා පියවර ගන්නා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය දැනුම් දෙයි. මීට පෙර එම දීමනාව සෑම මාසයකම 15 වැනිදා ගෙවීමට පියවර ගත් බවත්, ඒ කෙසේ වෙතත් විවිධ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් පසුගිය කාල සීමාවේ දී නිශ්චිත දිනයක් තුළ එම දීමනාව ගෙවීමට නොහැකි […]

අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන දීමනාව මෙම මස 20 වන දා සිට ගෙවීමට පියවර Read More »

නිකරුණේ විනාශ වී යන කනංකේ සතිපොළ ගොඩනැගිල්ල…

වැලිගම තරංග ගුණරත්න වගකිවයුතු ආයතනවල නොසැලකිලිමත් බව හේතුවෙන් වසර කීපයකට ඉහතදී වැසී යාමට ලක්වූ කනංකේ සතිපොළ මෙවන විට විනාශ වෙමින් පවතින බව ජනතාව පවසති . කනංකේ සති පොළ වසර ගණනාවකට ඉහතදී ,  ප්‍රදේශයේ ගොවි ජනතාවගේ  එළවළු, පලතුරු නිෂ්පාදන   සහ නොයෙකුත් නිෂ්පාදන  අලෙවි මධ්‍යස්ථානයක් ලෙස, ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ  දෙපස, සතියේ බදාදා දිනයන්හි පස්වරුවේදී   පවත්වාගෙන යන ලදී . 

නිකරුණේ විනාශ වී යන කනංකේ සතිපොළ ගොඩනැගිල්ල… Read More »

මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ  අඹුසැමි යුවළ දැලේ…

නාඋල – ඉන්දික අරුණ කුමාර) මාතලේ – නාඋල – කරවිලහේන ප්‍රදේශයේ දී නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා එහි තිබු ගෝඩා මිලි ලීටර් ලක්ෂ අටක්(බැරැල් 04 ක්) සහ කසිප්පු මිලි ලීටර් 7500 ක් සිය භාරයට ගෙන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගවට ගත්බව නාඋල පොලිසිය කියයි. නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස්

මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ  අඹුසැමි යුවළ දැලේ… Read More »

‘චන්කි ‘ නාඋල දී අධි බල පුපුරන ද්‍රව්‍ය තොගයක්ම අල්ලයි.

 නාඋල- ඉන්දික අරුණ කුමාර) බලපත්‍ර නොමැතිව ප්‍රවාහන කිරිමේ චෝදනාව යටතේ අධි බල ජෙලට්නයිට් කූරු 50 ක් හා සේවා වයර් රෝල් 04 ක්.( මීටර් 160 ක්) සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායක මහතාගේ උපදෙස් හා නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක මහතාගේ අධීක්ෂණය

‘චන්කි ‘ නාඋල දී අධි බල පුපුරන ද්‍රව්‍ය තොගයක්ම අල්ලයි. Read More »

ස්පාඤ්ඤ  තරුණිය දූෂණයට ලක් කළ නෝර්වේ තරුණයා අත් අඩංගුවට

වැලිගම තරංග ගුණරත්න සංචාරය සඳහා  ලංකාවට පැමිණ වැලිගම පැලෑන ප්‍රදේශයේ  ලැගුම් ගෙන සිටි ස්පාඤ්ඤ ජාතික තරුණියක් දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන්  නෝර්වේ ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගත් බව වැලිගම  පොලිසිය පවසයි වයස (29 ) පමන වන  ස්පාඤ්ඤ ජාතික තරුණිය වැලිගම පොලිස් වසමේ  පැළෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර  එම හෝටලයේම නවාතැන් ගෙන සිටි නෝර්වේ

ස්පාඤ්ඤ  තරුණිය දූෂණයට ලක් කළ නෝර්වේ තරුණයා අත් අඩංගුවට Read More »

රජරට විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක්

සංජීවනී පද්මසේන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර සඳහා ආචාර්යය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත් කර තිබේ. ආචාර්යය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ හරන්කහව, මොළගොඩ රජමහා විහාරයේ විහාරාධිපති තනතුර ද හොබවයි.  රජරට විශ්වවිද්‍යාලයේ කුලපතිධූරයට අදාල පත්වීම ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා විසින් පෙබරවාරි 14 වන දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.

රජරට විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක් Read More »

‘අධ්‍යාපනයේ වැදගත්ම සාධකය තමයි ගුරුවරයා’….අගමැතිනිය කියයි.

රංජන් මඩගම්මන  *මේ රටේ අධ්‍යාපනය ප්ලාස්ටරයක් ගසා වෙනස් කළ නොහැකි දෙයක් බවත් 2026 සිට මේ රටේ අධ්‍යාපනය පරිවර්තනයකට ලක්කොට මේ රටේ අධ්‍යාපනයේ වෙනසක් ඇති කරන බව අග්‍රාමත්‍ය හරිනි අමරසූරිය පවසයි* අග්‍රාමාත්‍යවරිය ඒ අදහස් පළකර සිටියේ පොළොන්නරුව පුලතිසිපුර  ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 25 වෙනි සංවත්වරය නිමිත්තෙන්  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්   පුලතිසිපුර ජාතික අධ්‍යාපන  විද්‍යාපීඨයේදි අද උදෑසන පැවති විශේෂ උත්සවයකට

‘අධ්‍යාපනයේ වැදගත්ම සාධකය තමයි ගුරුවරයා’….අගමැතිනිය කියයි. Read More »

මහනුවර ජාතික රෝහලේ බෙහෙත් වර්ග 94 ක් හිඟ වූයේ කෙසේද?

සොයා බලන්නැයි නියෝජ්‍ය ඇමති කියයි මොහොමඩ් ආසික්  දිවයිනේ අනෙකුත් රෝහල්වල බෙහෙත් වර්ග 42 ක් පමණක් හිඟව තිබියදී මහනුවර ජාතික රෝහලේ  බෙහෙත් වර්ග 94 ක් හිඟ වූයේ කෙසේ දැයි සොයා බලන ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය  හංසක විජේමුණි මහතා රෝහල් බලධාරින්ට  උපදෙස් ලබා දුන්නේය. මහනුවර දිස්ත්‍රික් ලේකම්  කාර්යාලයේදී අද 14 වනදා සවස පැවැති දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීමේදී සෞඛ්‍ය සම්බන්ධ විෂය ගැන

මහනුවර ජාතික රෝහලේ බෙහෙත් වර්ග 94 ක් හිඟ වූයේ කෙසේද? Read More »

අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කෙරේ.

නික්කි රණසිංහ අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග) සී.ජේ.ප්‍රේමතිලක මහතා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක් අමතමින් මේ බව සඳහන් කළේ ය. මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස අවිස්සාවේල්ල දක්වා රත්නපුර දක්වාත්, දෙවන අදියර ලෙස රත්නපුර සිට කහවත්ත දක්වාත්, තෙවන

අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කෙරේ. Read More »

නව රජයේ ප්‍රතිපත්තිය වනුයේ ජාතීන් අතර සහයෝගීතාවය, ඒකාබද්ධතාවය සහ සමානාත්මතාවය සාක්ෂාත් කිරීම…        සබරගමු පළාත් ආණ්ඩුකාර—

ඇහැලියගොඩ – රංජන් මඩගම්මන  නව රජයේ ප්‍රතිපත්තිය වනුයේ ජාතීන් අතර සහයෝගීතාවය, ඒකාබද්ධතාවය සහ සමානාත්මතාවය සාක්ෂාත් කිරීම යැයි සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (14) සඳහන් කළාය.  සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය මේ බව සදහන් කළේ මෙදින (14) රත්නපුර කහංගම රජයේ බෞද්ධ විද්‍යාලයේ පැවති වාර්ෂික තෛපොංගල් උත්සවයට එක් වෙමිණි.  මෙහිදී වැඩිදුරටත් සබරගමු

නව රජයේ ප්‍රතිපත්තිය වනුයේ ජාතීන් අතර සහයෝගීතාවය, ඒකාබද්ධතාවය සහ සමානාත්මතාවය සාක්ෂාත් කිරීම…        සබරගමු පළාත් ආණ්ඩුකාර— Read More »