උණුසුම් පුවත්

බෙලිහුල්ඔය පඹහින්න කුළුබඩු වෙළඳසැල ඈවරයි

    බෙලිහුල්ඔය එස්. රත්නායක   අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ රටපුරා ඇතිකළ කුළුබඩු වෙළඳසැල් අතරින් බෙලිහුල්ඔය පඹහින්නේ පවත්වාගෙන ගිය අලෙවි සැළ මේ වන විට වසා දමා ඇත. ඉකුත් 25 වැනිදා සිට  මෙම වෙළඳ සැළ පාඩු ලබන්නේ යැයි පවසමින් වසා දැමීමට පියවර ගෙන ඇතත්, මාස දෙකක සිට ආයතනය වසා දැමීමේ චේතනාවෙන් ආයතනයට වෙළඳ ද්‍රව්‍ය එවීමට කටයුතු කර නොමැති  බව පැවසේ. එම වෙළඳ ආයතනයේ සේවකයින් තිදෙනෙකු සේවය කළ අතර ඔවුන් හිටිහැටියේ ක්ෂණිකව ප්‍රධාන කාර්‍යාලයට මාරුකර යවා […]

බෙලිහුල්ඔය පඹහින්න කුළුබඩු වෙළඳසැල ඈවරයි Read More »

ආදාහනාගාරයකට අත්තිවාරම් කපද්දි මිනිස් අස්ථි කොටස් මතුවෙලා

     වන්නි රොමේෂ් මධූෂංක                         යාපනය චෙම්මිණි සුසාණ භූමිය ආසන්නයේ ආදාහනාගරයක් සඳහා අත්තිවාරම් කපමින් සිටි සේවකයින් පිරිසකට වලදමා තිබූ මිනිස් අස්ථිකොටස් කිහිපයක් හමුවීම හේතුවෙන් එහි සංවර්ධන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බවට කෝපායි පොලීසිය පැවසීය. චෙම්මිණි සුසාන භූමිය අසලින් මීට පෙරදීද සමූහ මිනීවලක් හමු වූ අතර 1995 සහ 96 වසර වල  මෙම ස්ථානය පිළිබඳව වැඩි

ආදාහනාගාරයකට අත්තිවාරම් කපද්දි මිනිස් අස්ථි කොටස් මතුවෙලා Read More »

සහකාර ප්‍රාදේශීය ලේකම් සිරුරට ගිනි ඇවිලීමෙන් ජිවිතක්ෂයට.

වවුනියාව මාධව කුලසූරිය. යාපනය,චාවකච්චේරි සහකාර ප්‍රාදේශීය ලේකම් සිරුරට ගිනි ඇවිලීමෙන් තුවාල ලබා යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 16 දින ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ පසුගිය 14 වැනිදා සිය නිදන කාමරයේ සිටියදී ඉටි පන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේ ගින්නක් හටගෙන ඇති බවත්,එහිදි සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සිරුරට ගිනි ඇවිලි ඇති

සහකාර ප්‍රාදේශීය ලේකම් සිරුරට ගිනි ඇවිලීමෙන් ජිවිතක්ෂයට. Read More »

විදුලිසර වැදීමෙන් දරුවකු මරුට

වවුනියාව මාධව කුලසූරිය. යාපනය,වේලනෙයි,සෙට්ටිපුලම් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් 09 හැවිරිදි පාසල් දරුවෙකු ඊයේ(16) ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය,කයිට්ස් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ යාපනය,වේලනෙයි,සෙට්ටිපුලව්,01 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි චන්ද්‍රකාසන් කැනිස්ටන් නමැති දරුවෙකු එලෙස විදුලිසැර වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. දරුවා සිය මව සමඟ අසල්වැසි නිවසකට ගිය අවස්ථාවක දරුවා විසින් දුරකථනය චාර්ජ් කිරීමට විදුලි පේනුවකට

විදුලිසර වැදීමෙන් දරුවකු මරුට Read More »

මහනුවර සිට ඇල්ල දක්වා සති අන්ත ඔඩිසි දුම්රියක්

නිමල් කොළඹිස්ස – මහනුවර මහනුවර සිට ඇල්ල දක්වා සති අන්ත නව ඔඩිසි දුම්රියක් ධාවනයට එක්වීම 16 දින පෙරවරුවේ මහනුවර දුම්රිය ස්ථානයේදී ආරම්භ විය. එහි මංගල ගමන් වාරය ඇරඹූ අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද සහභාගී වූ අතර  ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද ඒ සමග

මහනුවර සිට ඇල්ල දක්වා සති අන්ත ඔඩිසි දුම්රියක් Read More »

-රජයේ ප්‍රධාන වතු සමාගම් තුනේ කෝටි පන්සියයකට වැඩි ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්.හිඟයක්

මොහොමඩ් ආසික් ගෙවන්න ප්‍රමාණවත් මුදලක් වෙන් කරන්නැයි ලංකා වතු සේවා සංගමය රජයෙන් ඉල්ලයි රජයේ ප්‍රධාන වතු සමාගම් තුනක් වසර 25 ක් තිස්සේ  සේවකයින්ගෙන් අය කර ගත් අර්ථ සාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ හිඟය රුපියල් කෝටි 500 ඉක්මවන බැවින් එම මුදල් ගෙවීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රමාණවත් මුදල් වෙන් කරන ලෙස ලංකා වතු සේවා සංගමය රජයෙන්

-රජයේ ප්‍රධාන වතු සමාගම් තුනේ කෝටි පන්සියයකට වැඩි ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්.හිඟයක් Read More »

සිනමා තරුව ඝාතනය වී වසර තිස් හතයි

සංජීවනී පද්මසේන එකළ සිංහල සිනමාව බැබලවූ සුපිරි තරුව විජය කුමාරතුංග මහතා ඝාතනයට ලක්ව පෙබරවාරි 16 වන දිනට අවුරුදු 37ක් සපිරේ. ඔහුගේ 37 වන ගුණානුස්මරණය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටුණායකදී සිදු කෙරුණි. 1945 ඔක්තෝබර් 9 වන දින උපත ලැබූ විජය කුමාරතුංග මහතා මුලින්ම සිනමාවට පිවිසියේ “හන්තානේ කතාව” සිනමාපටයෙනි. ඉන් පසුව තුෂාරා, ආදරේ හිතෙනවා

සිනමා තරුව ඝාතනය වී වසර තිස් හතයි Read More »

-Passport ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ වෙයි.

නික්කි රණසිංහ E-Passport හෙවත් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි. ඊට අදාලව අධිකරණය විසින් පනවා තිබුණු වාරණ නියෝගය මේ වන විටත් ඉවත් කර ඇති බැවින් එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල

-Passport ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ වෙයි. Read More »

කලාපොළ 2025

නික්කි රණසිංහ  “කලා පොළ 2025” එළිමහන් කාල ප්‍රදර්ශනයේ 31වන අදියර කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී මෙම මස 16 වනදා පැවැත්විණි. එය ශ්‍රී ලාංකේය චිත්‍ර දින දර්ශනයේ ජනප්‍රියතම වාර්ෂික උත්සවයයි. ජෝර්ජ් කිට් පදනමේ සංකල්පයක් අනුව 1993 වසරේදී කලාකරුවන් 35කගේ සහභාගීත්වයෙන් මෙය ආරම්භ වූ අතර අද වන විට කලාකරුවන් 300ක් පමණ සහභාගී වෙයි. වර්තමානය වන විට කලා

කලාපොළ 2025 Read More »

පාතේගම ලේ දන්දීමේ පින්කම 11 වන වරටත්

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම, බටවල, පාතේගම “සහයෝගීතා පුස්තකාලයේ ” පාඨක සමාජය මගින්   11 වන වරටත් සංවිධානය කළ  ලේ දන් දීමේ කඳවුර  16  වන ඉරිදා  වැලිගම බටවල,  පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී  පැවැත්විණි. මෙම අවස්ථාවට පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි  තනමල්විල සාරද හිමියන්, බටවල පාතේගම ආදර්ශ  ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති පි.කේ  සමරක්කොඩි මහතා  ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.මෙම

පාතේගම ලේ දන්දීමේ පින්කම 11 වන වරටත් Read More »