උණුසුම් පුවත්

වැස්ස දිස්ත්‍රික්ක කිහිපයකට පමණයි

බිනර යසාංග කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකිවැසි ස්වල්පයක් හැරුනු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද, පළාත් වලත් ගාල්ල සහ මාතර  දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල උදෑසන […]

වැස්ස දිස්ත්‍රික්ක කිහිපයකට පමණයි Read More »

අනුන්ගේ දුකට මහ  වන මැද දිෂ්ටි වන දුම්මල කඩන්නෝ

නාඋල ඉන්දික අරුණ කුමාර විද්‍යාව කෙතරම් දියුණු වුවද  විවිධ ශාන්තිකර්ම ඇතුළු ගුප්ත විද්‍යා ක්‍රම වලට දුම්මල යොදාගැනීම අදටත් සිදුවන්නකි. මේ දුම්මල හැදෙන්නේ කොහෙද? කොහොමද ? යන්න සම්බන්ධයෙන් බොහෝ පිරිසකට අවබෝධයක් ලබාදීම වෙනුවෙන් මේ ලිපිය සැකසෙයි. උසින් අඩි සීයයක් පමණ වන මේ දුම්මල හටගන්නා ශාකය ‘හල් ‘ ගස ලෙස හදුන්වයි. හල් ශාකය පිළිබදව බොහෝ කතා ඇතත් 

අනුන්ගේ දුකට මහ  වන මැද දිෂ්ටි වන දුම්මල කඩන්නෝ Read More »

නාඋල – නාලන්ද අමුණ ආසන්නයෙන් අත් බෝම්බයක් හමුවෙයි.

නාඋල – ඉන්දික අරුණ  කුමාර මහනුවර – යාපනය ඒ නවය මාර්ගයේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරින් නාලන්ද ප්‍රදේශයේ දී හමුවන ජල අමුණක් ආසන්නයේ දී ඊයේ (05) අත් බෝම්බයක් හමුවී ඇතැයි පොලිසිය කියයි. ලද බුද්ධි තොරතුරකට අනුව මෙම අත්බෝම්බය සොයාගෙන ඇති අතර, මේ වන විට එම ස්ථානයට නාඋල පොලිසියේ ආරක්ෂාව යොදා ඇත. ජලය කාන්දු නොවන ලෙස

නාඋල – නාලන්ද අමුණ ආසන්නයෙන් අත් බෝම්බයක් හමුවෙයි. Read More »

කෝටි 5කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුවෙන් අල්ලයි.

ලක්මිණි නදීෂා | – රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දිය ජාතික ගුවන් මගියෙකු අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඉන්දියාවේ , බැංගලෝර් නුවර රැකියාවක නිරත 34 හැවිරිදි අයෙකි. ඔහු අද දින අලුයම 01.00 ට තායිලන්තයේ

කෝටි 5කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුවෙන් අල්ලයි. Read More »

මැදියම් රැයේ ඇසෙන උලමාගේ විලාපය

සංජීවනී පද්මසේන මේ තුනී මීදුම් සළුව මිහිමත වැතිරෙන්නට ඉඩ සොයන කාලයයි. නිවි නිවී දැල්වෙන තරු පවා සිය කිරණයන් අහස මතට ඇද ගන්නට සැරසෙයි. අඳුරු සළු පොරවාගත් මහා වනස්පතීන් නිහඬය. ලඳු කැළෑ සිල් ගත් උවැසියන් සේ භාවනාවකට සම වැදී සිටියත් ඉදහිට දඟලා වන ලැහැබට වැදෙන නිශාචර සතෙකුගෙන් සමාධිය බිඳ ගනියි. මේ නිහඬ නිශ්චලත්වය බිදිමින් මහා බියජනක

මැදියම් රැයේ ඇසෙන උලමාගේ විලාපය Read More »

ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය ඝාතනයක්ද?

                                වන්නි රොමේෂ් මධූෂංක යාපනය චාවකච්චේරි ප්‍රදේශීය ලේකම් කාර්යාලය සේවයේ නිරත සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගේ මරණය ඝාතනයක් බවට සැකකරමින් ඇගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් එ පිළිබඳ නැවත පරික්ෂණ කටයුතු ආරම්භ කොට ඇතැයි කෝපායි පොලීසිය පැවසීය. පසුගිය පෙබරවාරි මස 08 වනදා ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් 35 හැවිරිදි තමිලනී සතීස් මහත්මිය දරුණු පිලිස්සුම්

ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය ඝාතනයක්ද? Read More »

පළාත් පාලන ඡන්දයට නාම යෝජනා කැඳවෙයි.

බුද්ධික වීරසිංහ,,හික්කඩුව පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කරන ලද බැව් මැතිවරණ කමිෂන් සභාව විසින්  ප්‍රකාශ කර තිබේ.  ඒ අනුව, මාර්තු 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා බාරගැනීම සිදු කෙරෙන බව කියැවේ. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 341 කි.ඉන් 337ක  ඡන්ද විමසීම ජුනි මස දෙවනදාට

පළාත් පාලන ඡන්දයට නාම යෝජනා කැඳවෙයි. Read More »

පාසල් වෑන් රිය ගසක හැපී සිව් දෙනෙකුට බරපතලයි

  අජිත්ලාල් ශාන්තඋදය කුරුවිට පොලිස් වසමට අයත් එරත්න ලස්සකන්ද ප්‍රදේශයේදී  පාසල් ළමයින් රැගත් වැන් රථයක් අනතුරකට ලක්වීමෙන් දරුවන්  පහළොස් දෙනෙක් තුවාල ලබා එරත්න ප්‍රාදේශීය රෝහලට අද (03) උදෑසන ඇතුළත් කර ඇත. ඉන් සිව් දෙනෙකුගේ  තත්ත්වය බරපතල නිසා ඔවුන් වහාම රත්නපුර ශික්ෂණ මහ  රෝහල වෙත මාරුකළ බව රෝහල් ප්‍රකාශකයෙක්  පැවසීය . වෑන් රථය අනතුරට  පත්වන අවස්ථාවේ

පාසල් වෑන් රිය ගසක හැපී සිව් දෙනෙකුට බරපතලයි Read More »

වැසි තත්ත්වයේ  වර්ධනයක්

යසංග මහවිතාන අද උදෑසන 5.30 ට පමණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව නැහෙනහිර, දකුණු  සහ  ඌව පළාත්  වලත් මාතලේ, නුවරඑළිය සහ  පොළොන්නරුව දිස්ත්‍රික්ක වලත්  විටින් විට වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි

වැසි තත්ත්වයේ  වර්ධනයක් Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපේ දිග පළල

මොහොමඩ් ආසික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලන වේදිකාව තුළ  කතා බහට ලක්වීමට පටත් ගත්තේ  මෙයට වසර ගණනාවකට පෙර සිටය. මෙම කතා බහ තුළින්  බොහෝ අවස්ථාවන්වල ගම්‍ය වුයේ  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා විශ්‍රාම වැටුප් ලබා දිම සිදු වන්නේ ලංකාවේ පමණක්ය යන්නත් ,ලක්ෂ ගණනක විශ්‍රාම වැටුපක්  ඔවුන් ලබන බවත් ය. ඇත්ත වශයෙන්ම මෙය සත්‍යයක්ද? පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුප්  ලබා දෙන්නේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපේ දිග පළල Read More »