උණුසුම් පුවත්

මිහින්තලේ විහාරාධිපති හිමියන්ගෙන් ජනපතිවරයාට ගෞරව නාමයක්.

චම්පිකා මුතුකුඩ මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ගෞරව නාමයක් පිරිනමා තිබේ. මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට මෙම ගෞරව නාමය ප්‍රධානය කර තිබේ. ඒ අනුව අනුව අද දින සිට අනුර කුමාර දිසානායක මහතා “මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි” යන ගෞරව නාමයෙන් පිදුම් ලබයි. ජාතික පොසොන් උත්සවය […]

මිහින්තලේ විහාරාධිපති හිමියන්ගෙන් ජනපතිවරයාට ගෞරව නාමයක්. Read More »

තිරප්පනේ කාර්මික සේවා දන්සල

 සමන් පෙරේරා   පොසොන් වන්දනාවේ ගමන් කරමින් තිබූ කාර්මික දෝෂයන්ට ලක් වූ රථවාහන නොමිලේ අලුත්වැඩියා කරදීමේ “ කාර්මික සේවා” දන්සලක් පොසොන් පෝය දින අද (10) තිරප්පනේ නගරයේ දී පැවැත්විණී. තිරප්පනේ ලක්ෂ්මන් මෝටර්ස්’හි අධිපති ප්‍රසන්න ලක්ෂ්මන් මහතා විසින් සංවිධානය කරනු ලබන මෙම කාර්මික සේවා දන්සැල පවත්වනු ලැබූවේ හයවන වරටය. ප්‍රදේශයේ මෝටර් කාර්මික ශිල්පීන් 15 දෙනෙකුගේ කාර්මික සහය

තිරප්පනේ කාර්මික සේවා දන්සල Read More »

ප්‍රබල වෘත්තිය සමිති නායකයකුගේ වැඩ තහනම්

ලක්මිණි නදීෂා  වෘත්තීය සමිති නායකයකු වූ රසායනාගාර කාර්’මික විද්‍යාඥ රවී කුමුදේශ් වැඩතහනමට ලක් කර තිබේ. වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන රවී කුමුදේශ් වෙත මෙම වැඩතහනමට ලක්කිරීම සම්බන්ධයෙන් ද දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපියකිනි. එම ලිපියේ සඳහන් වන්නේ, ජාතික රෝහලේ වෛද්‍ය රසායනාගාරයේ කාර්මික විද්‍යාඥ වශයෙන් සේවය කරමින් සිටියදී දේශපාලන අයිතිවාසිකම්

ප්‍රබල වෘත්තිය සමිති නායකයකුගේ වැඩ තහනම් Read More »

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී අත්අඩංගුවට

චම්පිකා මුතුකුඩ වෙසක් පොහෝ දින පදනම් විරහිතව අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කර හැරීම පිළිබඳව අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ගරු ජනාධිපතිතුමා වෙත පැවරුණු බලතල අනුව 2025 වර්ෂයේ වෙසක් දිනය නිමිති කොට ගෙන දැනට සිර දඩුවම් විඳින සිරකරුවන් කිහිප දෙනෙකුට පොදු සමාව ලබා දෙනු ලැබිණ. ඒ අනුව පොදු සමාව ලබාදුන්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී අත්අඩංගුවට Read More »

සබරගමු පළාත් සභාවේ කෝටි හතේ වංචාව-  #සැකකරුවන්ට ඇපදිම ප්‍රතික්ෂේප කරයි.                                            #දේශපාලන සහ ඉහළ නිලධාරින්ගේ  බලපෑමක්  තිබුණාදැයි සොයන්නැයි සිඅයිඩියට නියෝගයක්                                                                

  (අජිත්ලාල් ශාන්තඋදය) දේශපාලන අධිකාරියේ  හෝ සබරගමු පලාත් සභාවේ ඉහළ නිලධාරින්ගේ යම් බලපැමක් සබරගමුව පළාත් සභාව මගින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට දුන් සංවර්ධන අරමුදල් වලින් රුපියල් කෝටි හතකට වැඩි ප්‍රමාණයක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුව තිබේදැයි විමර්ශනය කරන්නැයි ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්  තිළිණ මහේෂ් පීරිස් මහතා 04දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ

සබරගමු පළාත් සභාවේ කෝටි හතේ වංචාව-  #සැකකරුවන්ට ඇපදිම ප්‍රතික්ෂේප කරයි.                                            #දේශපාලන සහ ඉහළ නිලධාරින්ගේ  බලපෑමක්  තිබුණාදැයි සොයන්නැයි සිඅයිඩියට නියෝගයක්                                                                 Read More »

අද වැසි ඇතිවන ප්‍රදේශ

(චම්පිකා මුතුකුඩ) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.   ඌව සහ  නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැක.   මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්

අද වැසි ඇතිවන ප්‍රදේශ Read More »

නවකවදය නිසා සිසුවියක් වැවකට පනී.

නික්කි රණසිංහ නවකවදය දරා ගැනීමට නොහැකි වූ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියක් වැවකට පැන දිවි හානි කරගැනීමට තැත් කළ පුවතක් කුලියපිටියෙන් වාර්තා වේ.  මෙම පුවත සැලවූ ප්‍රදේශවාසීන් විසින් වහා සිසුවිය බේරාගෙන රෝහල් ගතකර ඇති අතර සිසුවියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.  කාර්මික විදුහලේ දී තමා දරාගැනීමට නොහැකි ලෙස නවකවදයට හා හිංසනයට ලක් වූ

නවකවදය නිසා සිසුවියක් වැවකට පනී. Read More »

වවුනියාවේ පුද්ගලයෙකු  බිරිඳගේ ගෙල කපා පොලිසියට රැගෙන එයි.

(වවුනියාව මාධව කුලසූරිය.) වවුනියාව,ආනන්ද පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සිය බිරිඳගේ ගෙල කපාගෙන පොලිසිය වෙත අද(03) උදැසන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ පෞද්ගලික ආරවුලක් මත ස්වාමිපුරුෂයා විසින් බිරිඳගේ හිස කදින් වෙන්වන ලෙසට කපා දමා හිස රැගෙන පොලිසිය වෙත පැමිණි බවත්,එහිදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු විසින් සුජිදරන් ස්වරණලතා නමැති කාන්තාවක්

වවුනියාවේ පුද්ගලයෙකු  බිරිඳගේ ගෙල කපා පොලිසියට රැගෙන එයි. Read More »

තරුණයින්ට මත්පෙති විකුණු PHI  කොටුවේ.

( ලසන්ත නිරෝෂණ පෙරේරා ) වෛද්‍ය නිර්දේශ නොමැතිව  වේදනා නාශක පෙති වර්ගයක් පාසල් දරුවන්ට සහ තරුණයන්ට අලෙවි කළේ යැයි සැකපිට ගොඩකවෙල  මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු සහ    එම පෙති ළඟ තබාගෙන සිටි තරුණයෙකු සැකපිට  ඊයේ  (01) දින පස්වරුවේදි අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. මෙම වේදනා නාශක පෙති වෙද්‍ය නිර්දේශයට පමණක් ලබාදිය යුතු බවට

තරුණයින්ට මත්පෙති විකුණු PHI  කොටුවේ. Read More »

නව රක්ෂිතයන් පහක් ප්‍රකාශයට පත් කෙරේ

(සංජීවනී පද්මසේන) ජූනි මස 5 වෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර පරිසර දිනය වෙනුවෙන් ඒ හා සමගාමීව රජය විසින් නව රක්ෂිතයන් පහක් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.  ඒ ගාල්ල, කෑගල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිද්දෙනි.  ගාල්ල දිස්ත්‍රික්කයේ කොට්ටව වනය, කෑගල්ල දිස්ත්‍රික්කයේ උඩුලියැද්ද, තුල්හිරිය හා වේරහැංකන්ද වනාන්තර හා මොණරාගල දිස්ත්‍රික්කයේ නිල්ගල වනය ඒ නවතම රක්ෂිත වනාන්තර පද්ධතීන්

නව රක්ෂිතයන් පහක් ප්‍රකාශයට පත් කෙරේ Read More »