එල් ටි ටි ඊ සංවිධානය වළ දැමු රත්රන් සෙවු 10 දෙනෙකු අත්අඩංගුවට.
මාධව කුලසූරිය, වවුනියාව – කිලිනොච්චිය, තිරුනගර ප්‍රදේශයේදී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වලදමා ඇති රත්රන් සොයා කැනීම් කල දස දෙනකු ඊයේ (25) භූමිය පරීක්ෂා කරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත්බව කිලිනොච්චිය පොලිසිය පවසයි. කිලිනොච්චිය යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත කිලිනොච්චිය පොලිසිය හා එක්ව සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස සහ කැනීම් කළ උපකරණ අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය. […]
එල් ටි ටි ඊ සංවිධානය වළ දැමු රත්රන් සෙවු 10 දෙනෙකු අත්අඩංගුවට. Read More »