News

රත්නපුර නව දිස්ත්‍රික් ලේකම් ලෙස කේ.ජී.එස්. නිශාන්ත මහතා රාජකාරී අරඹයි.

බෙලිහුල්ඔය එස් රත්නායක රත්නපුර නව දිස්ත්‍රික් ලේකම් ලෙස කේ.ජී.එස්. නිශාන්ත මහතා (ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිය) 03 වැනිදා පෙරවරුවේ  මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කළේය. පරිපාලන ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් සම්භාරයක් ඇති ඒ මහතා අම්පාර ගලහිටියාගොඩ මහා විද්‍යාලයෙන් සාර්ථකව පාසල් අධ්‍යාපනය නිමකර රුහුණු විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා […]

රත්නපුර නව දිස්ත්‍රික් ලේකම් ලෙස කේ.ජී.එස්. නිශාන්ත මහතා රාජකාරී අරඹයි. Read More »

වැලිගම ප්‍රාදේශීය  සංවර්ධන කමිටු රැස්වීමේදී   ගැටලු යොමු  කිරිමට සහ  ඒ පිළිබඳව ප්‍රශ්න ඇසිමට  ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට අවස්ථාව

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම ප්‍රාදේශීය  සංවර්ධන කමිටු රැස්වීමේදී   ගැටලු යොමු  කිරිමට සහ  ඒ පිළිබඳව ප්‍රශ්න ඇසිමට  ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදීමට  සංවර්ධන කමිටුවේ සභාපති සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්කමි ඉල්ලයාස් මහතා පියවර  ගත්තේය. වැලිගම ප්‍රදේශයේ සිදු කරන සංවර්ධන. ව්‍යාපෘති සහ  ජනතාවට බලපා ඇති ගැටලු   අදාළ නිලධාරීන් වෙත යොමු කිරීමටත්,   ඒ සඳහා   කඩිනමින් විසඳුම්  ලබා ගැනීමටත්   ප්‍රාදේශීය  සංවර්ධන

වැලිගම ප්‍රාදේශීය  සංවර්ධන කමිටු රැස්වීමේදී   ගැටලු යොමු  කිරිමට සහ  ඒ පිළිබඳව ප්‍රශ්න ඇසිමට  ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට අවස්ථාව Read More »

මෙරට ආයුර්’වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය නියාමනයකට සූදානම්

ආයුර්’වේද ඖෂධ මෙන් ම ආයුර්’වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට රජය සූදානම් වෙයි. මෙරට සෞඛ්‍යාරක්‍ෂිත ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුර්’වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ නව සාමාජිකයන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය

මෙරට ආයුර්’වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය නියාමනයකට සූදානම් Read More »

කඳුකර දමිළ ජනයා මින් ඉදිරියට ”වතු දෙමළ” නොව ”මලෛගම්” ලෙස රජය පිළිගනී

අජිත්ලාල් ශාන්තඋදය මින් ඉදිරියට කඳුකරයේ ”වතු” දෙමළ ජනතාව, ”මලෛගම්” දෙමළ ජනතාව ලෙස පිළිගැනීමට රජය තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම්     ප්‍රදීප් මහතා අවධාරණය කළේය. ඒ අනුව කඳුකරයේ වෙසෙන දෙමළ භාෂාව කතාකරන ජනතාව පදිංචි ප්‍රදේශ ආශ්‍රිතව තිබු ‘වතු පාසල්, වතු රෝහල්, වතු ගම්මාන, වතු මාර්ග’ ආදිය මලෛගම් රෝහල්, මලෛගම් ගම්මාන, මලෛගම් මාර්ග ලෙස හැඳින්වීමට ද නියමිතය.  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම්    ප්‍රදීප් මහතා රත්නපුර කපිංච දෙමළ මහා විද්‍යාලයේ පැවති සබරගමු පළාත්

කඳුකර දමිළ ජනයා මින් ඉදිරියට ”වතු දෙමළ” නොව ”මලෛගම්” ලෙස රජය පිළිගනී Read More »

මධ්‍යම පළාතේ පාසැල්වලට සිසුන් ඇතුලත් කර ගැනීමේදී මුදල් එකතු කිරීම ගැන පරික්ෂණ ඇරඹෙයි

මොහොමඩ් ආසික් – රජයේ පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අනුමත ගාස්තු හැර දෙමව්පියන් ගෙන මුදල් ලබා ගැනීම නොකළ යුුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛණ මගින් දැනුම් දී තිබිය දී අදාළ චක්‍රලේඛණ උල්ලංඝණය කරමින් මධ්‍යම පළාතේ  ඇතැම්  ප්‍රධාන පෙළේ පාසල් ගණනාවකම මුදල් එකතු කිරීම් සිදු කරන බවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. නිවාසාන්තර ක්‍රීඩා උත්සව සංවිධාන

මධ්‍යම පළාතේ පාසැල්වලට සිසුන් ඇතුලත් කර ගැනීමේදී මුදල් එකතු කිරීම ගැන පරික්ෂණ ඇරඹෙයි Read More »

සංචාරක හෝටලයක් මගින් ඉන්ධන ( ඩීසල් )  මුහුදට මුදා හැරීම

තරංග ගුණරත්න, වැලිගම – වැලිගම  කප්පරතොට  කළු කන්ද ප්‍රදේශයේ  පවත්වාගෙන යන  සංචාරක හෝටලයක් මගින් ඉන්ධන ( ඩීසල් )  මුහුදට මුදා හැරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි . වැලිගම කප්පරතොට ප්‍රදේශයේ  පවත්වාගෙන යන සංචාරක හෝටලයක ජෙනරේටරයක් සදහා   ගබඩාකොට තිබූ  ඉන්ධන (ඩීසල් )  කිසියම් ප්‍රමාණයක් කාන්දු වීමක් සමඟ  හෝටලය අසල තිබූ කානුවක්

සංචාරක හෝටලයක් මගින් ඉන්ධන ( ඩීසල් )  මුහුදට මුදා හැරීම Read More »

අයහපත් කාලගුණයෙන් උතුරේ අක්කර 37,000ට අධික ප්‍රමාණයක් විනාශවීමේ අවදානමක

– කතෘ – ප්‍රසන්න ප්‍රදීප් කුමාර –    උතුරු පළාතට පසුගිය දින වල බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් උතුරේ වී ගොවීන්ට දැඩි බලපෑම් එල්ලාව පවතී. ඒ අනුව උතුරු පළාත තුල බහුල වශයෙන් වී වගා කරනු ලබන වවුනියාව, කිලිනොච්චිය , මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්ක වල කිබුරු විශාල ප්‍රමාණයක් විනාශවී පවතී. මෙම තොරතුරු මේ වන විට නිලධාරින්

අයහපත් කාලගුණයෙන් උතුරේ අක්කර 37,000ට අධික ප්‍රමාණයක් විනාශවීමේ අවදානමක Read More »

සතුන් පිළිබඳ කටයුතු කරන ආයතනයක පහත් ක්‍රියාකාරකම්

 – කතෘ –  බුද්ධික වීරසිංහ, හික්කඩුව – මනසින් උසස් යයි කියනු ලබන මිනිසුන්  විසින් පාලනය වන වන සතුන් පිළිබඳ කටයුතු කරන ආයතනයක පහත් ක්‍රියාකාරකම්  මිනිස් බුද්ධිය වඩා උසස් යයි කියවෙන පිළිගැනීම පිළිබඳව සැක පහළ කරවයි..               රජයේ ආයතනයක වාහනයක් අනතුරට පත් වුවහොත් ඒ පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් දින හතක් තුළ ඉදිරිපත් කළ

සතුන් පිළිබඳ කටයුතු කරන ආයතනයක පහත් ක්‍රියාකාරකම් Read More »

ණය මුදලින් තුනෙන් දෙකක් ගිල දැමූ  සංවර්ධන ව්‍යාපෘතිය

– කතෘ – චම්පිකා මුතුකුඩ –  ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ තෝරා ගත් ජාතික මාර්ගවල කිලෝමීටර් විසි හතක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක  වෙමින් පවතී. එම  හඳුනා ගත් මාර්ග වැඩිදියුණු කිරීම, සංවර්ධනය කිරීම, හා පුළුල්  කිරීම  එම ව්‍යාපෘතියේ අරමුණු වේ.එහි මුළු ඇස්තමේන්තු ගත පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියන 24.87 කි.  එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන  3,232.5 ක්

ණය මුදලින් තුනෙන් දෙකක් ගිල දැමූ  සංවර්ධන ව්‍යාපෘතිය Read More »

ත්‍රීකුණාමලයේ ජනප්‍රියතම ඡන්ද පොරොන්දුව

– කතෘ – මංගලනාත් ලියනආරච්චි, ත්‍රීකුණාමලය – මෑත ඉතිහාසයේ ත්‍රීකුණාමලයේ ජනප්‍රියතම ඡන්ද පොරොන්දුව කන්තලේ සීනි කම්හලයි. 1994 සිට මේ දක්වා වු සෑම ජනාධිපතිවරණයකදී මෙන්ම  මහමැතිවරණවලදීත්,අනෙකුත් ඡන්ද විමසීම් වලදිත්   කන්තලේ සීනි කම්හල නැවත අරඹන බව කියමින්  සිදුකල මුල්ගල තැබීම් සහ උත්සව ගණන හතරකි. ඒ වෙනුවෙන් වැය කල මුදල් සම්භාරය අතිමහත්ය. නමුත්, අද වන තුරුත් එකදු සීනි ඇටයක් හෝ

ත්‍රීකුණාමලයේ ජනප්‍රියතම ඡන්ද පොරොන්දුව Read More »