Truth News

වසර 1900 ක් පැරණි චෛත්‍යයක නටබුන් නාඋලින් මතුවෙයි.

නාඋල, ඉන්දික අරුණ කුමාර සොබාදහම විසින්ම සගවා තැබු ඉතිහාසගත කරුණු යළි හමුවීම යනු මානව ශිෂ්ඨාචාරයේ යළි නැගීටිමකි. අතීත ශ්‍රී විභුතිය වනාහි වර්තමාන මානව සංහතියේ නව නැග්මකට අක්මුල් සොයා යෑමක් යැයි කෙනෙකුට සදහන් කල හැකිය. එකි කතිකාවකට මුලාරම්භයක් සපයනු වස් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඹබරගහවත්ත ප්‍රදේශයෙන් අනාදිමත් ඉතිහාසයකට නෑකම් කියන සුවිශේෂි නෂ්ඨාවශේෂ රැසක් […]

වසර 1900 ක් පැරණි චෛත්‍යයක නටබුන් නාඋලින් මතුවෙයි. Read More »

කිමිදුම්කරුවෝ සින්නපාඩුව මුහුදු පතුළ පිරිසිදු කරති.

            පුත්තලම  හිරාන් ප්‍රියංකර ජයසිංහ  මුහුදු පතුලේ කොරල්පර තුළ රැදි ඇති මත්ස්‍ය දැල් ඇතුළු විවිධ දෑ මගින් මුහුදු පතුලට සිදුව ඇති හානිය වලකා ගැනිමේ අරමුණින් එය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමිව සංවිධානය කර තිබුණි. මෙම වැසමස්තය යටතේ සමස්තලංකා කිමිදුම් කරුවන්ගේ සංගමය සමග එක්වි සින්නපාඩුව කිමිදුම්කරුවන් 50 කට ආසන්න පිරිසක් යාත්‍රා වලින් මහ

කිමිදුම්කරුවෝ සින්නපාඩුව මුහුදු පතුළ පිරිසිදු කරති. Read More »

ත්‍රිරෝද රියක් පෙරළී හැට හැවිරිදි පුද්ගලයෙක් මරුට

  අජිත්ලාල් ශාන්තඋදය ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් හැට හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වෙයි. කුරුගංමෝදර බදුවත්ත මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේදි 09දා රාත්‍රී 07.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව කිරිඇල්ල පොලිසිය කියයි. අනතුරින් රියදුරු ද බරපතල තුවාල ලබා ඇත. ඔහු රත්නපුර ශික්ෂණ මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර බව පොලිසිය පැවසුවේය. මියගිය අයගේ මෘත දේහයද

ත්‍රිරෝද රියක් පෙරළී හැට හැවිරිදි පුද්ගලයෙක් මරුට Read More »

කාලගුණය වෙනස් වේ.

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද උදෑසන නිකුත් කරන ලද  කාලගුණ වාර්තාවට අනුව, උතුරු, උතුරු-මැද, නැහෙනහිර  සහ  ඌව පළාත් වලත් මාතලේ, නුවරඑළිය  සහ  හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත  වැසි  ඇතිවේ.සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.    නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ

කාලගුණය වෙනස් වේ. Read More »

“බළධාරීන් ඇස් පියා සිටියදී ලයිලා සුරුක්කු මුවාවෙන් හැඹිලි දැල්  වයඹ මුහුදු තිරය වනසයි,,                   පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ වයඹ මුහුදු තිරය සුවිශේෂී මුහුදු කලාපයකි. මෙම මුහුදු කලාපය  ජෛව විවිධත්ව සුන්දරත්වය මනා ලෙස පිළිඹුවන අපුර්වතම නිර්මාණයක් ද වෙයි.නමුත් මෙවන් සුන්දර පරිසර පද්ධතියකින් හෙබි මෙම කලාපයේ සිදුවන නීති විරෝධී මසුන් මැරීමේ පන්න ක්‍රම හේතුවෙන් දශක හතරකට

Read More »

ලංකාවේ අවසන් රහතන් වහන්සේ වැඩ සිටි මැණික් දෙන

  නාඋල ඉන්දික අරුණ කුමාර ලෝකයේ බොහෝ ප‍්‍රදේශ මානව සංහතියේ පැවැත්ම උදෙසා අපූරු පිටිවහලක් සපයන බව සත්‍යය කරුණකි. ස්වාභාවික පරිසරය තරම් මිනිසාට සුවය ගෙන දෙන තවත් ස්ථානයක් මිහිපිට ඇත්නම් එය ද පුදුම සහගත කරුණක් වනු ඇත. මේ ලිපියේ අරමුණ වී ඇත්තේ මධ්‍යම පළාතේ  පිහිටි අගනා තුරුලතා පද්ධතියක් මැද අපේ ඉපැරණි උරුමයක් සඟවාගත් තවත් භූමී ප‍්‍රදේශයක්

ලංකාවේ අවසන් රහතන් වහන්සේ වැඩ සිටි මැණික් දෙන Read More »

සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනය කළ බවට චෝදනා

කොලින් හරිස්චන්ද්‍ර සිරියාවේ වෙරළ තීරයේ ලටාකියාවේ ආරක්ෂක හමුදා මුරපොළවල් පිහිටුවා ඇත. වෙරළ තීරයේ ආගමික සුළුතරයට අයත් සිවිල් වැසියන් සිය ගණනක් සිරියානු ආරක්ෂක හමුදා විසින් ඝාතනය කර ඇති බවට යුධ නිරීක්ෂණ කණ්ඩායමක් විසින් චෝදනා එල්ල කර තිබේ. බ්‍රිතාන්‍යය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය (SOHR) පැවසුවේ සිකුරාදා සහ සෙනසුරාදා “සමූලඝාතන” 30 කින් පමණ සිවිල්

සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනය කළ බවට චෝදනා Read More »

අධ්‍යාපන සමූපකාර සමිතියේ බලය ජාතික ජන බලවේගයට

කිත්සිරි වනසිංහ  අනුරාධපුර  අධ්‍යාපන  සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම් ණය දෙන සමිතියේ (EDCS) ඊයේ (08) පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය විශිෂ්ඨ ජයක්  අත්පත් කරගෙන තිබේ. දිවයින පුරා නියෝජිතයින් 384 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවති  නිලවරණයෙන් නියෝජිතයින් 370 දෙනකු ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ නාම යෝජනා අතුරෙන් තේරී පත්ව ඇත. ජාතික ජන බලවේගය කණ්ඩායම ඉදිරිපත් කළ නාම

අධ්‍යාපන සමූපකාර සමිතියේ බලය ජාතික ජන බලවේගයට Read More »

කාන්තා දින සැමරුම- සබරගමුව

ඇහැලියගොඩ  රංජන් මඩගම්මන  ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සබරගමුව පළාත් සභාව මඟින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම කෑගල්ල බස්නාගල මහා විද්‍යාලයේදී  පසුගියදා (07) සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සබරගමුව පළාත් සභාව, දැරණියගල ප්‍රාදේශීය සභාව සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධානය කර තිබිණි. “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ

කාන්තා දින සැමරුම- සබරගමුව Read More »

මාතලේට දැඩි ශීත කාලගුණික තත්ත්වයක්- වගා රැසකට බලපෑm

නාඋල – ඉන්දික අරුණ කුමාර දින කිහිපයක සිට මාතලේ දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණයත් සමග මේ දින වල දැඩි සීත කාලගුණික තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ගොවි සංවිධාන රැසක් කියා සිටිති. අළුයම් කාලයේ මෙන්ම දහවල් කාලය දක්වා පවත්නා මෙම ශිත කාලගුණික තත්ත්වය දහවල් වන විට දැඩි උණුසුම් කාරි තත්ත්වයක් දක්වා වර්ධනය වෙයි. මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ගොවි

මාතලේට දැඩි ශීත කාලගුණික තත්ත්වයක්- වගා රැසකට බලපෑm Read More »