Truth News

පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය සේවා

එළඹෙන මාර්’තු මාසයේ පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය සේවාවක් හෙට(12) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්’තමේන්තුව පියවර ගෙන තිබේ. එම දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වනු ඇත.

පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය සේවා Read More »

අමරපුර මහානිකායේ අභිනව මහානායක ධූරයට අති පූජ්‍ය කරගොඩ  උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියෝ පත්වෙති.

  අජිත්ලාල් ශාන්තඋදය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධූරය සදහා , බලංගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති, දර්ශනපති, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත කථිකාචාර්ය, විශාමලත් සබරගමු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක, ආනන්ද මෛත්‍රිය වංශාවතංස මහා විහාරවංශික අතිපූජනීය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මාහිමිපාණන් වහන්සේ පත්වෙති. බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවති සුවිශේෂී උත්සවයකදී ශ්‍රීලංකා අමරපුර මහා

අමරපුර මහානිකායේ අභිනව මහානායක ධූරයට අති පූජ්‍ය කරගොඩ  උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියෝ පත්වෙති. Read More »

කවිය අවියක් කරගත් රාවණ පරපුරේ ලග්ගල මිනිස්සු

  නාඋල , ඉන්දික අරුණ කුමාර ලෝකයේ බිහිවීම සම්බන්ධයෙන් බොහෝ මතවාද ඉදිරිපත් කරන විද්වතුන් විසින් යොදාගන්නා ලද උපමා උපමේයන් පිළිබදව සොයා බලද්දි අපට හමුවන සාක්ෂි බොාහෝය. මිනිසා විසින් ආහාර සොයා යෑමේ කාල පරිච්ඡේදය පිළිබදව සොයා බලද්දී ඔවුන් මුහුණ දෙන ගැටළු හා ජනාවාස බිහිවීම ආදී කරුණු අපට ඉතිහාසය තුළින් සොයා ගත හැකිය. ශිෂ්ඨාචාරයක බිහිවීම, ආරම්භ වීම ආදී

කවිය අවියක් කරගත් රාවණ පරපුරේ ලග්ගල මිනිස්සු Read More »

කච්චතිව් මංගල්‍යයට සියල්ල සූදානම්. ඉන්දීය බැතිමතුන්ද  සහභාගී වන  ලකුණු

       වන්නි, රොමේෂ් මදුෂංක            මෙවර කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මාර්තුමස 14 සහ 15 යන දිනයන්හි පැවත්වීමට සියල්ල සූදානම් බවට යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ උතුරු නාවික විධානය විසින් දැනුම් දී ඇත. මේ අතර පසුගිය වසරේ (2024) ඉන්දු ලංකා ධීවර ගැටලු හේතුවෙන් කච්චතිව් දේව මෙහෙය සඳහා කිසිදු ඉන්දීය බැතිමතෙකු සහභාගී නොවුණද මෙවර ඉන්දීය

කච්චතිව් මංගල්‍යයට සියල්ල සූදානම්. ඉන්දීය බැතිමතුන්ද  සහභාගී වන  ලකුණු Read More »

අයඩින් මුසු වූ අපේ අපේම ලුණු ළඟදීම

  අජිත්ලාල් ශාන්තඋදය ලුණු නිෂ්පාදනයේදි රජයේ කර්මාන්ත ශාලාවක් තුළදී අයඩින් එක් කිරීමේ තාක්ෂණ පහසුකම් සහිතව නවීකරණය කරන ලද, උතුරු පළාතේ අලිමංකඩ ලුණු කම්හලේ නිෂ්පාදන මේ මස අග සිට වෙළදෙපාළට නිකුත් කිරිමට නියමිතය. අක්‍රීයව පැවති අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විතය.  කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පසුගියදා ඒහි  මෙහයුම්

අයඩින් මුසු වූ අපේ අපේම ලුණු ළඟදීම Read More »

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම -වැලිපිටිය මහජන පුස්තකාලයේ පවත්වාගෙන ගිය “නැණසල”  පරිගණක මධ්‍යස්ථානයට  පුහුණුකරුවෙකු  නොමැති වීමෙන් වසර (6) සිට  පරිගණක යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක්  විනාශයට පත් වෙමින් තිබෙන බවට ජනතාව  පවසති . වැලිගම ප්‍රාදේශීය සභාව යටතේ වැලිපිටිය ප්‍රදේශයේ පිහිටි  වැලිපිටිය මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ  මෙම නැණසල පරිගණක මධ්‍යස්ථානය පිහිටා තිබේ.එය  2015   වර්ෂයේ  එවකට  වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී

Read More »

යසංග මහවිතාන අද උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්  වලත් මාතලේ නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසිි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Read More »

පාසලේ උත්සවය දා සේවය පැහැර හැරලා

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම නගරයේ ප්‍රධාන පාසලක   පැවැති  ත්‍යාග සහ සහතික පත්   උත්සවයක් පැවති දිනය  වර්ජනය කරමින්  අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයන් හතර දෙනෙකු නොදන්වා නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ගුරුවරුන් සහ දරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ආරංචි මාර්ග පවසයි . සිද්ධිය සිදුව ඇත්තේ වැලිගම අධ්‍යාපන කොට්ඨාසයට අයත්  වැලිගම නගරයේ ප්‍රධාන ජාතික පාසලකය. මෙම විද්‍යාලයේ  ක්‍රීඩා උත්සවය වසර

පාසලේ උත්සවය දා සේවය පැහැර හැරලා Read More »

නාච්චදුව ජලාශයේ අටේ සොරොව්වේ  දොරටුවල ජලකාන්දුවක්.

කිත්සිරි  වනසිංහ අනුරාධපුර  නාච්චදූව ජලාශයේ අටේ සොරොව්වේ දොරවල් අටෙහිම ජල කාන්දුවක් සිදු වෙමින් පවතී. කලක සිට සිදුවන මෙම ජල නාස්තිය නවතා දැමීමට වාරිමාර්ග බලධාරීන් කටයුතු කර නොමැත. වසර ගණනාවක් මෙම තත්ත්වය පැවතියද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණයේ ඇති අපොහොසත් භාවය හා නිලධාරීන් තුළ පවතින නොසැලකිලිමත් භාවය මීට තදින්ම බලපා තිබේ. අක්කර අඩි 45,149 ජල ධාරිතාවක් ඇති

නාච්චදුව ජලාශයේ අටේ සොරොව්වේ  දොරටුවල ජලකාන්දුවක්. Read More »