Truth News

“පුත්තලමෙන්  දිලිත්ගේ පදක්කම ඇතුළු පක්ෂ 14ක්  ප්‍රතික්ෂේප වෙයි

                 පුත්තලම  හිරාන් ප්‍රියංකර ජයසිංහ මෙවර පළාත් පලාත් පාලන මැතිවරණය සදහා පුත්තලම දිස්ත්‍රික්කයට තරග වැදිමට නාම යෝජනා භාර දුන් පක්ෂ 14ක් අදාල කොන්දෙසි නිසි ලෙස ඉටු නොකිරිම හේතුවෙන් ප්‍රතික්ෂේප වු බව පුත්තලම දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරී එච්.එම්.එස්.පි.හේරත් මහතා 20 දින පැවසිය. දිලිත් ජයවිර මහතාගේ නායකත්වයෙන් යුත් සර්ව ජන බලය පක්ෂයේ නාම යෝජනා පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත […]

“පුත්තලමෙන්  දිලිත්ගේ පදක්කම ඇතුළු පක්ෂ 14ක්  ප්‍රතික්ෂේප වෙයි Read More »

පළමු වරට කාන්තාවක්  IOC හි සභාපති ධූරයට

යසංග මහවිතාන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ. වසර 130ක (1894 සිට) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට තේරීපත් වූ පළමු කාන්තාව ලෙසත් ජනතාවගෙන් ඉල්ලා  කොවෙන්ට්‍රි ඉතිහාසයට එක්වෙයි. 41 හැවිරිදි ඇය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපති, එම

පළමු වරට කාන්තාවක්  IOC හි සභාපති ධූරයට Read More »

ලෝක වනාන්තර දිනය අදයි

නික්කි රණසිංහ ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් වනාන්තරවල වැදගත්කම අවධාරණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වන දින ලෝක වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.  2025 වසරේ ගෝලීය තේමා පාඨය “වනාන්තර සහ ආහාර” යන්න වුණු අතර ආහාර සුරක්ෂිතතාවය, පෝෂණය සහ ජීවනෝපායන් සඳහා වනාන්තරවල වැදගත්කම සමරනු ලැබුණි. මේ වසරේ ජාතික උත්සවය හෝමාගම වටරැක දී

ලෝක වනාන්තර දිනය අදයි Read More »

ආයුධ රැසක් වැලිගමින් හසුවේ.හිමිකරු පළායයි.

තරංග ගුණරත්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත්  තිබූ ආයුධ රාශියක්, සොරකම් කරන ලද යතුරුපැදි අංක තහඩු දෙකක් සහ තවත් මෝටර් රථයක අංක තහඩුවක්,  අවි පුහුණුවට යොදාගන්නා පොත් එකක්  ඇතුළු උපකරණ අද (21 )  පස්වරුවේදී   අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි  පොලිස් විශේෂ විශේෂ කාර්ය බළකායේ  වැලිගම  පුෂ්පාරාම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැලිගම  කොක්මාදුව  හල්පේ

ආයුධ රැසක් වැලිගමින් හසුවේ.හිමිකරු පළායයි. Read More »

අයවැය තෙවැනිවර කියවීම සම්මතයි

යසංග මහවිතාන අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2025 අය-වැය තෙවැනිවර කියැ­වීම වැඩි ඡන්දයෙන් සම්මත  වී තිබේ. අයවැයට පක්ෂව ඡන්ද 159ක් ද, විපක්ෂව  ඡන්ද සංඛ්‍යාව 45ක්ද ප්‍රකාශ විය. 2025 වසර සඳහා වන අය-වැය  තෙවැනි වර කියැ­වීම හෙවත් කාරක සභා අව­ස්ථා­වේදී වන ඡන්ද විම­සීම ආරම්භ වූයේ අද පස්වරුවේදීය. ජාතික ජන බලවේග රජය මගින් ඉදිරිපත් කළ පළමු අයවැය වූ

අයවැය තෙවැනිවර කියවීම සම්මතයි Read More »

විදෙස් රැකියාසොයා අතුරේ යන මිනිස්සු

මොහොමඩ් ආසික් 1977 බලයට පත්වූ  එක්සත්  ජාතික පක්ෂ රජයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමඟ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා විදේශ  රටවල  රැකියා දොරටු විවෘත විය. එතෙක් ප්‍රභූන්ට පමණක් සීමාවී  තිබූ ශ්‍රී ලංකාවේ  ගුවන් ගමන් බලපත්‍රය සාමාන්‍ය පුද්ගලයින්ටද කිසිදු බාධාවකින් තොරව ලබා ගැනීමේ හැකියාව  එතැන් පටන් ජනතාවට හිමි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා රටවලට අපේ තරුණ  තරුණියන්ගේ සේවාවන්  ලබා ගැනීමට

විදෙස් රැකියාසොයා අතුරේ යන මිනිස්සු Read More »

රජයෙන් සහන මිලට “රජ ලුණු” ඉදිරියේදී නික්කි රණසිංහ  “රජ ලුණු” සන්නාමයෙන් සහන මිලට මේස ලුණු වෙළඳපලට නිකුත් කිරීමට ඉදිරියේදී  බලාපොරොත්තු වන බව ජාතික ලුණු සමාගම පවසයි. අප්‍රේල් මස 29 වන දා විවෘත කිරීමට නියමිත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව හරහා මෙම මේස ලුණු වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත වේ .

Read More »

අදත් වැසි

ය් බස්නාහිර, සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන  වැසී ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් පනහට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.     නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති

අදත් වැසි Read More »

වාහන ආනයන නීතියේ වෙනසක් ලක්මිණි නදීෂා – කොළඹ  මින් ඉදිරියට සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය කර තිබේ. මේ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ(19) නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්’ථික සංවර්’ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන

Read More »

ආහාර සුරක්‍ෂිතතාවය ඇතිකිරීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය

ලක්මිණි නදීෂා – කොළඹ  ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්‍ෂිතතාවය ඇතිකිරීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්‍ෂිතතාවය ඇති කිරීම උදෙසා කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රට තුළ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබයි. සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් පසුගිය වර්ෂයේ මහ කන්නයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට අයත් අක්කර

ආහාර සුරක්‍ෂිතතාවය ඇතිකිරීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය Read More »