Truth News

සෙව්වන්දි සොයා ගිය පොලිසියට මත්ද්‍රව්‍ය, හමුදා නිල ඇඳුම්…සමග  මේජර්වරයෙකු කොටුවේ

තිරප්පනේ සමන් පෙරේරා   සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතනය සැකකාරියක ලෙස හඳුනාගෙන ඇති ඉෂාරා සෙව්වන්දිගේ හැඩරුවට සමානකම් ඇති කාන්තාවක් අනුරධපුර නගරයේ හෝටලයක් වෙත පැමිණ ඇතැයි යන ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද පරික්ෂාවක දී මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලංකා යුධහමුදා මේජර්වරයෙකු කාන්තාවක් සමඟ නවාතැන් ගෙන සිටිය දී අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉෂාරා සෙව්වන්දිගේ […]

සෙව්වන්දි සොයා ගිය පොලිසියට මත්ද්‍රව්‍ය, හමුදා නිල ඇඳුම්…සමග  මේජර්වරයෙකු කොටුවේ Read More »

දෙහිවල ගල්කිස්ස රත්මලාන හා වැල්ල වත්ත මුහුදු තීරවල කිඹුල් අවදානමක්

නිපුණ නිර්මාල් මෑත දිනක සිට දෙහිවල,ගල්කිස්ස,රත්මලාන හා වැල්ලවත්ත යන මුහුදු ප්‍රදේශවල මේ දිනවල.කිඹුලන් සැරිසන බවට ධීවරයෝ පවසති. 2025/03/25 දින බෙල්ලන්විල අත්දෙනිය වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් හා ධීවරයින් කිහිප දෙනෙකු එක්ව අඩි 16ක් එනම් වැඩුනු මිනිසුන් දෙදෙනෙකුගේ උසට වඩා දිගකින් යුතු කිඹුලෙකු අල්ලාගෙන ඇත. කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ තවත් කිඹුලෙකු අවට සැරිසරන බවයි. මෙම දෙහිවල,ගල්කිස්ස,රත්මලාන හා වැල්ලවත්ත

දෙහිවල ගල්කිස්ස රත්මලාන හා වැල්ල වත්ත මුහුදු තීරවල කිඹුල් අවදානමක් Read More »

වැසී තිබුණු පාසල යළි ඇරුණත් මූලික පහසුකම්වත් නෑ.

වැලිගම  තරංග ගුණරත්න  මිදිගම නාකන්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කොට වසර  කීපයක් ගතවී  ඇතත්  මෙම පාසලේ  අධ්‍යාපනය ලබන දරුවන්ට අවශ්‍ය  මූලික පහසුකම්වත්  මෙතෙක් ලැබි   නොමැති බව දෙමව්පියෝ  පවසති වැලිගම  අධ්‍යාපන කොට්ඨාසයට අයත් මිදිගම නාකන්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය  වසර කිහිපයකට ඉහතදී    වසර ගණනාවක් තිස්සේ විවිධ හේතු මත   වසා දමා තිබූ පාසලක් ලෙස පැවතිණි.  පසුව  ගමට පාසලක

වැසී තිබුණු පාසල යළි ඇරුණත් මූලික පහසුකම්වත් නෑ. Read More »

ඇතැම් ප්‍රදේශ වලට මි.මී.100ට වැඩි තද වැසි.

අද දින දකුණු සහ  නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  මධ්‍යම, වයඹ සහ  උතුරු-මැද පළාත්වලත් මන්නාරම  සහ  වවුනියා  දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති

ඇතැම් ප්‍රදේශ වලට මි.මී.100ට වැඩි තද වැසි. Read More »

හත්කෝටියක් වංචා කළ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවකයින් තුන් දෙනෙක් රිමාන්ඩ්

අජිත්ලාල් ශාන්තඋදය පාරවල් සහ ක්‍රීඩා පිටි සංවර්ධනය කළ බවට ව්‍යාපෘති හැත්තෑ හතකින් රුපියල් හත් කෝටි දාසය ලක්ෂ හතළිස් පන්  දහස් දෙසිය විසි හයයි ශත තිස් දෙකක (71645226.32) සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කර වැඩ තහනමට ලක්වු ලේකම්වරයෙකු, තාක්ෂණ නිලධාරියෙකු සහ විෂය ලිපිකරුවෙකු මේ මස 08දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන

හත්කෝටියක් වංචා කළ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවකයින් තුන් දෙනෙක් රිමාන්ඩ් Read More »

කිරි තේ ගණන් උස්සයි

සංජීවනී පද්මසේන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක මිල රු.10කින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය විසින් නිවේදනය කර ඇත.  පසුගිය 18 වනදාත් කිරිපිටි ආනයන කරුවන් විසින් ඊයේ රාත්‍රියේ සිට කිරිපිටි මිල ගණන් 4.7%කින් ඉහළ දමන බවට දැනුම් දී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කිරි තේ ගණන් උස්සයි Read More »

දළදා මාලිගාවේ නිලමෙවරයාගේ ධුර කාලය වසර පහක් කරන්න.-  මිහින්තලේ නායක හිමි

තිරප්පනේ  සමන් පෙරේරා   ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් නිලමේවරයා මේ වන විට වසර විස්සක පමණ කාලයක් පුරා සිය ධුරයෙහි රැඳී සිටින බැවින් නිලමේවරයාට පවතින ධූර කාලය වසර පහකට සීමා කළ යුතු බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංඟුණුවැවේ ධම්මරතන නායක හිමියෝ පවසති. නාහිමියන් මේ බව පැවසූවේ අද (01) මිහින්තලේ පුදබිමේ දී පැවති මාධ්‍ය හමුවකට

දළදා මාලිගාවේ නිලමෙවරයාගේ ධුර කාලය වසර පහක් කරන්න.-  මිහින්තලේ නායක හිමි Read More »

මියන්මාර ජනතාවට සහන සේවා සැපයීමට මෙරටින් වෛද්‍ය කණ්ඩායමක්  

ලක්මිණි නදීෂා – කොළඹ පසුගිය සිකුරාදා ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පීඩාවට පත් මියන්මාරයේ ජනතාවට සහන සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර යැවීමට සූදානම්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ජයතිස්ස මහතා පැවසුවේ වෛද්‍ය කණ්ඩායම ශ්‍රී ලාංකික වෛද්‍ය විශේෂඥයින් සහ හෙද කාර්’ය මණ්ඩලයෙන් සමන්විත බවයි. වෛද්‍ය

මියන්මාර ජනතාවට සහන සේවා සැපයීමට මෙරටින් වෛද්‍ය කණ්ඩායමක්   Read More »

මතකය මට දී…

වර්ෂා අමරජිත් ඈත ක්ෂිතිජ ඉමේ.. දේව දූතියක් වගේ..මට පෙනුනා.. නිසසල සද රේඛා අතරේ… ඈ නිල් නුවන් සලා. රෑ අදුරු අහසේ.. සද මඩල අතරින් තරු කැට රිංගා.. මා නෙත් අසරණ වූ තරම්.. නුඹ සිහිවී… ආයෙත් නොඑන්නම  නුඹ යන්න ගිහින්.. මතකය..මුළු ජිවිතයක් මට දී. ආදර මගේ අම්මා..

මතකය මට දී… Read More »

කීරගල ඇලේ ජල පෝෂක රැකීමට ළමයි කුඹුක් පැල සිටුවති.

කීරගල ඇලේ ජල පෝෂක රකින්න ළමයි කුඹුක් පැල සිටුවති       අජිත්ලාල් ශාන්තඋදය කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කීරගල වසමෙන් ගලා එන කීරගල ඇලේ ජල පෝෂක ප්‍රදේශයේ කුඹුක් පැල සිටුවීමේ වැඩසටහනක් 31දා සිදුවිය. සිංහල සහ දෙමළ දරුවන්ගෙන් සැදුම්ලත් කීරගල දිලෙනතරු ළමා සමාජයේ දරුදැරියෝ මෙම සත්කාර්යය කළහ. වසමේ ආර්ථික සංවර්ධන නිලධාරිණී දුසානි මොදිතා මහත්මිය පැවසුවේ කුඹුක්

කීරගල ඇලේ ජල පෝෂක රැකීමට ළමයි කුඹුක් පැල සිටුවති. Read More »