Truth News

දළඳා දැක්ම වෙනුවෙන් සියලු කටයුතු සූදානම්

  නිමල් කොළඹිස්ස – මහනුවර   ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට මෙම මස 18 වන දින සිට දින දහයක කාලයක් තිස්සේ පැවැත්වෙන දළදා දැක්ම සඳහා මේ වන විට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතී. ලක්ෂ 20ක පමණ සැදැහැවතුන් පිරිසක් මහනුවරට එතැයි අපේක්ෂා කරන අතර ඔවුන් දළඳා වන්දනාව වෙනුවෙන් රැදී සිටින මාර්ග සකස් කිරීමේ කටයුතු මේ වන […]

දළඳා දැක්ම වෙනුවෙන් සියලු කටයුතු සූදානම් Read More »

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයා ගැන මානව හිමිකම් සංවිධාන පරීක්ෂණයක් ඉල්ලයි.

ලක්මිණි නදීෂා  අප්‍රේල් 01 වන අඟහරුවාදා වැලිකඩ බන්ධනාගාරයේදී 26 හැවිරිදි තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ. පොලිස් නිවේදනයකට අනුව, නාවල නිවසකට පුද්ගලයෙකු ඇතුළු වූ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව වැලිකඩ පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා එදිනම අත්අඩංගුවට ගෙන ඇත. නිවසේ ප්‍රශ්න කරමින් සිටි පුද්ගලයාගේ හැසිරීම

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයා ගැන මානව හිමිකම් සංවිධාන පරීක්ෂණයක් ඉල්ලයි. Read More »

සතොස භාණ්ඩ හතක මිල පහළ හෙලයි

යසාංග මහවිතාන ලංකා සතොස ආයතනය උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සතුටුදායක ආරංචියක්  ලබා දී තිබේ.එළඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල පහළ දැමීමට  සතොස තීරණය කර ඇත. ඒ අනුව මිල පහත හෙලා ඇත්තේ ලොකු ලූනු, ටින් මාලු, දුඹුරු සීනි, රතු පරිප්පු, නාඩු සහල්, පාන් පිටි සහ රතු කැකුළු සහල් යන භාණ්ඩවලය.

සතොස භාණ්ඩ හතක මිල පහළ හෙලයි Read More »

ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අධිකරණයෙන් නියෝග 

ලක්මිණි නදීෂා  ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) නියෝග කළේය. ඒ සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුවය. මෙහිදී අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු

ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අධිකරණයෙන් නියෝග  Read More »

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් සිරිමා බෝ සමිඳු අභියසදී

කිත්සිරි  වනසිංහ – අනුරාධපුර  පනස් අට(58)වන වරටත්  පවත්වන ලද ජාතික අලුත් සහල් මංගල්‍යය  ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස දී   ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (04) පෙරවරුවේ  සිදු කෙරිණි . අටමස්ථානාධිපති  අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්  වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස තැන්පත් කර ඇති රන් ආලේපිත පාත්‍රයට

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් සිරිමා බෝ සමිඳු අභියසදී Read More »

CHAIN OF CARE වෙතින් දරුවන්ට ඉගෙනීමට අතහිත

තිරප්පනේ සමන් පෙරේරා   තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය මූලික කරගනිමින් තෝරාගනු ලැබූ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය සඳහා උනන්දුවක් දක්වන දරුවන් 41 දෙනෙකු සඳහා මාසිකව රුපියල් 3000 බැගින් වසරක් පුරා ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත. එම ශිෂ්‍යත්ව‍ ප්‍රදානය කිරීම හ එම දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අවශ්‍ය ආහාර ලබාදීමේ වැඩසටහනක් පසුගිය දා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේ දී 

CHAIN OF CARE වෙතින් දරුවන්ට ඉගෙනීමට අතහිත Read More »

අනතුරක් වීමට පෙර පිළියමක් යොදන්න

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම නගරයේ  දුම්රිය හරස් මාර්ගවල  දුම්රිය ගේට්ටු වෙනුවට යොදා ඇති බෙල් ඇන් ලයිටි  සිස්ටම් පද්ධති  කිහිපයක්ම  දින ගණනාවක් තිස්සේ  බිඳ වැටීමට ලක්ව ඇති බවත් එය නිවැරදි කිරීමට බලධාරීන් කටයුතු නොකරන බවට ජනතාව පවසති . වැලිගම නගරයේ   දුම්රිය හරස් මාර්ග කීපයක් ඇති අතර  එම මාර්ග කිහිපයක   යොදා ඇති  බෙල් ඇන් ලයිටි පද්ධති දින ගණනාවක

අනතුරක් වීමට පෙර පිළියමක් යොදන්න Read More »

ට්‍රම්ප්ගේ නව බද්දෙන් ආර්ථිකයට විය හැකි බලපෑමට පිළියම් සෙවීමට ජනාධිපති කමිටුවක්

යසංග මහවිතාන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යොන්‍ය තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ බරපතල ගැටළු මතුවිය හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්‍රය කෙරෙහි මෙම බදු පැනවීම අහිතකර ලෙස බලපානු ඇතැයි අනාවැකි පළ කෙරේ. එසේ පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා

ට්‍රම්ප්ගේ නව බද්දෙන් ආර්ථිකයට විය හැකි බලපෑමට පිළියම් සෙවීමට ජනාධිපති කමිටුවක් Read More »

කාලගුණය යළි වෙනස් වේ

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි  දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේදී  හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, දකුණු  සහ  වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය  හැක.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ  උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය  හැකි

කාලගුණය යළි වෙනස් වේ Read More »

බැකෝ පතලෙන් මතුවු පැරණි තට්ටු පතල කම්කරු ජීවිත දෙකක් බිලි ගනී.                                            

    අජිත්ලාල් ශාන්තඋදය බැකෝ යන්ත්‍රයකින් පතලක් කපද්දී පැරණි තට්ටු පතලක් මතුවී එම තට්ටු පතලට වැටුණු කම්කරුවන් දෙදෙනෙක් අද දහවල් ජීවිතක්ෂයට පත්වු බව ඇලපාත පොලීසිය පැවසුවේය. අනතුර සිදුව ඇත්තේ රත්නපුර දම්බුලුවන වතුරාව නැමැති ඉඩමේ කපන බැකෝ පතලකය. ජිවිතක්ෂයට පත්ව ඇත්තේ දම්බුලුවන බඩාමුව ලිපිනයේ පදිංචිව සිටි දිමියාව මුදියන්සෙලාගේ ලක්ෂමන් ප්‍රසාන්ත රණවීර (42) සහ දම්බුලුවන, දම්බුලුවනගම ලිපිනයයේ.

බැකෝ පතලෙන් මතුවු පැරණි තට්ටු පතල කම්කරු ජීවිත දෙකක් බිලි ගනී.                                             Read More »