Truth News

වැලිගම කර්මාන්ත ශාලාවක නොසන්සුන්තාවයක්.

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම  උඩුකාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක  සේවක සේවිකාවන් පිරිසක්  විරෝධතාවයක නිරත වෙති.මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවෙි සේවක සේවිකාවන්  එක්දහස් හාරසියයක් පමණ සේවය කරන අතර  මෙම කර්මාන්ත ශාලාවේ  දෛනික නිෂ්පාදන කටයුතු සමාන්‍ය  පරිදි  8 දින සිදු කළ බවත්  මෙවර වාර්ෂික ⁣බෝනස්  සහ මාර්තු මස වැටුප 10 දිනට ලබාදිමට නියමිතව  තිබිණි .කෙසේ නමුත් මෙවර   බෝනස් […]

වැලිගම කර්මාන්ත ශාලාවක නොසන්සුන්තාවයක්. Read More »

ජන ක්‍රීඩා රකින්න ඒවා ගැන ඉගෙන ගන්න

 සමන් පෙරේරා   අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංස්කෘතික නිලධාරීන් සඳහා පාරම්පරික ජන ක්‍රීඩා පිළිබඳ දැනුම වර්ධනය කරගැනීමේ  වැඩසටහනක් පසුගිය දා මිහින්තලේ උතුරු – දකුණු මිතුරු සෙවන මධ්‍යස්ථානයේ දී පැවැත්විය. පාරම්පරික ජන ක්‍රිඩා හා සම්බන්ධ ස්වකීය දැනුම වර්ධනය කරගැනිම සඳහාත්,  සංස්කෘතික නිලධාරින් අතර ජනක්‍රීඩා තොරතුරු හුවමාරු කරගැනීමත් අරමුණින් මෙය සංවිධානය කර තිබුණි. මෙම වැඩසටහන සමාජයට මහත් ආයෝජනයක් වන්නාසේම, සමාජයෙන්

ජන ක්‍රීඩා රකින්න ඒවා ගැන ඉගෙන ගන්න Read More »

රාහුල සිසුන් ජනපති කාර්යාලයට

  බෙලිහුල් ඔය එස්.‍රත්නායක මාතර  රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය, වර්තමාන ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතාගේ සම්බන්ධීකරණයෙන් රාහුල විද්‍යාලයේ දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය දැකබලා ගැනීමට අවස්ථාව උදාවිය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන, පාර්ලිමේන්තු ඉතිහාසය, විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගී වීමටත් ඔවුනට අවස්ථාව

රාහුල සිසුන් ජනපති කාර්යාලයට Read More »

සතිපොළ ළග මහපාරේ කානුවට  කසළ බැහැර කිරිම ජනතාවට වදයක්

  අජිත්ලාල් ශාන්තඋදය කුරුවිට සතිපොළේ ඉවතලන මාලු කොටස් අඩංගු පාර්සල් කුරුවිට පොලිස්ථානය සහ ප්‍රධාන පාර අතර තාප්පයේ පහළ කාණුවට බැහැර කරන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති ප්‍රාදේශීය සභාවේ කසළ එකතු කිරිමේ දී කාණුවල ඇති කසළ එකතු කිරිමක් සිදු නොවේ. ඒ නිසා මෙලෙස කාණුවලට කසළ බැහැර කිරිම සතිපොළ දිනට පසුදින සිට දකින්නට ලැබෙන බව ද ඔවුහු කියති.

සතිපොළ ළග මහපාරේ කානුවට  කසළ බැහැර කිරිම ජනතාවට වදයක් Read More »

සවස හෝ රාත්‍රියේ ගුරුම් සහිත වැසි

චම්පිකා මුතුකුඩ අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සෙසු ප්‍රදේශ  වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.    බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසී ඇති වියහැක   සබරගමුව දකුණු මධ්‍යම නැගෙනහිර සහ

සවස හෝ රාත්‍රියේ ගුරුම් සහිත වැසි Read More »

අවිස්සාවේල්ලේ චිකන්ගුන්යා වැඩිවෙලා

සංජීවනී පද්මසේන අවිස්සාවේල්ල නගර සභාවට අයත් සීතාගම A ප්‍රදේශයේ නිවෙස්වල නිවැසියන් බොහෝ දෙනෙකුට “චිකන්ගුන්යා” නැමැති උණ රෝගය වැළඳී තිබෙන බව වාර්තා වේ. මෙම ප්‍රදේශයේ සෑම නිවෙසකම පාහේ චිකන්ගුන්යා රෝගියෙකු හෝ රෝගීන් කිහිපදෙනෙකු සිටින බව ප්‍රදේශවාසීහු පවසති. “ඊඩීස්” නම් මදුරු විශේෂය නිසා මිනිසාට සම්ප්‍රේෂණය වන මෙම රෝගයේ දී ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්වයි. නමුත් උණත්

අවිස්සාවේල්ලේ චිකන්ගුන්යා වැඩිවෙලා Read More »

අක්කර පනහක කැලයක් ඩෝසර් දාලා හොරෙන් කපලා

සමන් පෙරේරා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අමුනිච්චිය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මකර වැව රක්ෂිතයේ අක්කර 50ක පමණ රජයේ ඉඩමක් ඩෝසර් දමා විනාශ කරමින් සිටිය දී ඩෝසර් යන්ත්‍රයක් සමඟ සැකකරුවෙකු අද (08) දහවල් අත් අඩංගුවට ගත් බව තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කේ.පි. කේ.එල්.පී. මධුවන්තී මහත්මිය ලද තොරතුරක් මත ඉඩම් නිලධාරී, පරිපාලන

අක්කර පනහක කැලයක් ඩෝසර් දාලා හොරෙන් කපලා Read More »

මන්ත්‍රී චාමර සම්පත් ඇප මත මුදා හැරේ

යසංග මහවිතාන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය චාමර සම්පත් මහතා බන්ධනාගාර ගත කරන ලද්දේ ඌව පළාත් සභාවට රුපියල් ලක්ෂයක් 173 කට අධික පාඩුවක් සිදු කළේ යැයි යන චෝදනාව මතය. 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන්

මන්ත්‍රී චාමර සම්පත් ඇප මත මුදා හැරේ Read More »

කඳුකරයේ සුන්දරත්වය විඳින්න කැලිප්සෝ දුම්රියෙන් රවුමක් යමු

ලක්මිණි නදීෂා  දුම්රිය දෙපාර්’තමේන්තුව විසින් අලුතින් නිර්’මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය අද(08) ගමන් ආරම්භ කළේය. ඒ උදෑසන 8.10ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වාය. නානුඔය සිට දෙමෝදර දක්වා එම දුම්රිය සෑම අඟහරුවාදා දිනකම ධාවනය කෙරේ. එම දුම්රියෙන් ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ට දුම්රිය මාර්’ගයට දිස්වෙන සුන්දර දියඇළි ඇතුළු ආකර්’ෂණිය ස්ථාන දැකබලා ගෙන ඡායාරූප

කඳුකරයේ සුන්දරත්වය විඳින්න කැලිප්සෝ දුම්රියෙන් රවුමක් යමු Read More »

පැලෑනේ ඉදි කෙරෙන හෝටල් බිමක ඩෙංගු වගාවක්

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම පැලෑන ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සංචාරක හෝටලයක සේවය කරනු ලබන සේවකයන් පිරිසකට ඩෙංගු රෝගය හට ගැනීම නිසා  එම පරිශ්‍රය  අවට    ක්‍රමවත් ලෙස පිරිසිදුව පවත්වාගෙන යාමට උපදෙස් ලබා දුන් බවත් එසේ නොමැති නම් අදාල ඉදිකිරීම් ආයතනයට එරෙහිව  අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල

පැලෑනේ ඉදි කෙරෙන හෝටල් බිමක ඩෙංගු වගාවක් Read More »