Truth News

මෝටර් රියක් මතට ගල්  පෙරළෙයි

චම්පිකා මුතුකුඩ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීමෙන් දැඩි හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. සිදුවීම සිදුව ඇත්තේ ඊයේ(ඊයේ) උදෑසන 7.30ට පමණය.කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මෙම අනතුරට ලක්ව තිබේ. මෙම මෝටර් රථයේ සිව් දෙනකු ගමන් කර ඇතත් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත. […]

මෝටර් රියක් මතට ගල්  පෙරළෙයි Read More »

තරමක යහපත් කාලගුණයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව මධ්‍යම, සබරගමුව, ඌව සහ  නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව,  හම්බන්තොට සහ  මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැක. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ  පුත්තලම දිස්ත්‍රික්කවලත්

තරමක යහපත් කාලගුණයක් Read More »

දළදා දැක්මට තවත් දුම්රිය දෙකක්

චම්පිකා මුතුකුඩ ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට  මහනුවර දක්වා ගමන් කරන  සැදැහැවතුන්ගේ  ගමනාගමන පහසුව තකා තවත් විශේෂ දුම්රිය දෙකක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව, අද (19) සිට  28 වැනිදා දක්වා මෙම විශේෂ දුම්රිය දෙක ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඉන් එක් දුම්රියක්  සෑම දිනකම පස්වරු 07.55ට කොළඹ

දළදා දැක්මට තවත් දුම්රිය දෙකක් Read More »

ටියුෂන් ගුරුවරියක් පොලිස් ආරක්ෂාව සහිතව ගමන් කරන වීඩියෝව පිළිබඳ විමර්ශනයක්

චම්පිකා මුතුකුඩ  සමාජ මාධ්‍ය ජාලා වල මේ දිනවල සංසරණය වන උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් ආරක්ෂාව සමග ගමන් කිරීමේ ආන්දෝලනාත්මක  වීඩියෝව පිළිබඳව  විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි. ඔහු තවදුරටත් සඳහන් කළේ අදාල ගුරුවරිය විසින් සිසුන් අටදාහක් සහ දෙමව්පියන් තිස්පන්දහසක් පමණ සහභාගීත්වයෙන්  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන

ටියුෂන් ගුරුවරියක් පොලිස් ආරක්ෂාව සහිතව ගමන් කරන වීඩියෝව පිළිබඳ විමර්ශනයක් Read More »

දළදා දැක්මට පෝලිම් කිලෝමීටර් තුනත් ඉක්මවයි

  මොහොමඩ් ආසික් වසර 16 කට පසුව පැවැත්වෙන ඓතිහාසික සිරි දළඳා දැක්මට එක්වී  ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටි අයුරුයි මේ. 2025.04.18 වන ඊයේ දින සිට ලබන 27 වන දින දක්වා  සිරි දළඳා දැක්ම ඓතිහාසික ශ්‍රී දළදා  මාලිගාවේදී පැවැත්වෙයි.  ශ්‍රී දන්ත ධාතුන්

දළදා දැක්මට පෝලිම් කිලෝමීටර් තුනත් ඉක්මවයි Read More »

මීලඟ විගණකාධිපති ?

යසංග මහවිතාන විගණකාධිපති ධූරයට සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන (22) වැනිදා රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. විගණකාධිපති තනතුර රාජ්‍ය සේවයේ ඉහළම  තනතුරකි.රාජ්‍ය අංශයේ ආයතනවල ගිණුම් විගණනය කිරීම සඳහා වූ මූලික අධිකාරී බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවෙන් විගණකාධිපති වරයා වෙත පැවරී ඇත. විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියළුම දෙපාර්තමේන්තුවල ගිණුම්ද, අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ, අධිකරණ සේවා කොමිෂන්

මීලඟ විගණකාධිපති ? Read More »

ග්‍රාම නිලධාරී වසම් දාහක් අංග සම්පූර්ණ සංවර්ධනයට  රජයෙන් සැලසුම්

සමන් පෙරේරා   ප්‍රායෝගික හා තිරසර පදනමක් සහිතව දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 1000 ක්  අංග සම්පූර්ණ සංවර්ධනයකට රැගෙනයාම අරමුණ කර වත්මන් රජයේ මගින් 2025 – 2029 ග්‍රාම සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ග්‍රාමීය සංවර්ධනය සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.ඒ සඳහා එම අමාත්‍යංශය යටතේ ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයක්ද පිහිටුවීමට

ග්‍රාම නිලධාරී වසම් දාහක් අංග සම්පූර්ණ සංවර්ධනයට  රජයෙන් සැලසුම් Read More »

මිහින්තලේ ආයුර්වේද රෝහල රැක දෙන්න

කිත්සිරි වනසිංහ  හෙළ වෙදකමට නව පනක් දෙන  අරමුණින් ඉදි කෙරුන මිහින්තලේ  මෛත්‍රීපාල සේනානායක අනුස්මරණ පාරම්පරික පර්යේෂණ රෝහල අද වන විට මිහින්තලේ ඉපැරණි නටබුන් අතරට එක් වීමේ අවදානමක් පවතී. 2013 වර්ෂයේ  අප්‍රේල් මස 05 දින මුල්ගල් තබා ආරම්භ කෙරුණු  මෙම රෝහල් සංකීර්ණය මැකී යන පාරම්පරික වෙදකම පාරම්පරික  වෛද්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් නව පර්යේෂණ ඔස්සේ පවත්වාගෙන යමින්

මිහින්තලේ ආයුර්වේද රෝහල රැක දෙන්න Read More »

අදත් තැන තැන වැසි

චම්පිකා මුතුකුඩ අද කාලගුණ වාර්තාවෙන් කියැවෙන පරිදි සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ  ඌව පළාත්වලත් පොළොන්නරුව  සහ   හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.   බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ  පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී  වැසි ඇති

අදත් තැන තැන වැසි Read More »

ශ්‍රී දළදා ප්‍රදර්ශනය ,තිරය පිටුපස

  නිමල් කොළඹිස්ස – මහනුවර   වාහන ගාල් කිරීම, පෝලිම්වල දිග ඇතුලුව සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය තොරතුරු රැසක් www.police.lk වෙබ් පිටුවේ සිරි දළදා වන්දනා කොටස තුළ අන්තර් ගත කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි. දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව සඳහා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ

ශ්‍රී දළදා ප්‍රදර්ශනය ,තිරය පිටුපස Read More »