Truth News

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට වැඩි කාලයක්

චම්පිකා මුතුකුඩ දළදා ප්‍රදර්ශනය සඳහා වෙන්කර ඇති කාලය තවත් පැයකින් දීර්ඝ කිරීමට අදාල බලධාරීන් විසින් තීරණය කර ඇත. ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීම සඳහා මහනුවර ඓතිහාසික  දළදා මැදුරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍ර සිටියි. සංශෝධිත නව […]

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට වැඩි කාලයක් Read More »

ශුද්ධෝත්තම පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති

චම්පිකා මුතුකුඩ ලක්ෂ සංඛ්‍යාත කිතුනු ජනතාවගේ සිත් සංවේගයෙන් කම්පා කරමින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. උන්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ, කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය. ස්වර්ගස්ථ වන විට ෆ්‍රැන්සිස්  පාප් වහන්සේ 88 වන වියෙහි පසුවිය. ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මසකට වැඩි කලක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව

ශුද්ධෝත්තම පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති Read More »

කාබනික පොහොර කිලෝ ලක්ෂ ගණනක් අපතේ

සමන් පෙරේරා   ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ක්‍රියාත්මක කළ කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා නිෂ්පාදනය කළ කාබනික පොහොර කිලෝ ලක්ෂ 50කට අධික ප්‍රමාණයක් තවමත් තැන තැන ගොඩ ගසා ඇතැයි රජරට පොහොර සමාගමේ පොහොර නිෂ්පාදකයෝ  පවසයි. එමෙන් ම අධික පිරිවැයක් දරමින් පොහොර නිෂ්පාදනයට ගෙනා අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වනවිට කැලෑවලින් වැසී විනාශ වන බව ද ඔවුහු අනාවරණය කරති.

කාබනික පොහොර කිලෝ ලක්ෂ ගණනක් අපතේ Read More »

නීති විරෝධිව වැලි ගෙන ගිය ටිපර් රථයකට වෙඩි.සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

වවුනියාව මාධව කුලසූරිය. නීති විරෝධිව වැලි පටවාගෙන ගිය ටිපර් රථයක රෝදයකට වෙඩි තබා නවත්වා නීති විරෝධි වැලි ජාවාරම සිදුකළ දෙදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව මන්නාරම අඩම්පන් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ නීති විරෝධි වැලි ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි ජාවාරම්කරුවන් නීති විරෝධි වැලි පැටවු ටිපර් රථයකින් වැටලීමට ගිය පොලිස් නිළධාරීන් අනතුරට ලක්කොට

නීති විරෝධිව වැලි ගෙන ගිය ටිපර් රථයකට වෙඩි.සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට. Read More »

මම කිව්වේ අපේ නොවෙන ආයතනවලට මුදල් දෙන්නෙ නෑ කියල නෙවෙයි- ජනපති

චම්පිකා මුතුකුඩ පළාත් පාලන ආයතන සඳහා අරමුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් තමා මෑතක දී සිදුකළ ප්‍රකාශය විපක්ෂය විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. තමා ඉන් අදහස් කළේ මධ්‍යම රජය විසින් ප්‍රවේශමෙන් එකතු කරන ලද අරමුදල් දූෂිත පළාත් පාලන ආයතන සඳහා වෙන් නොකරන බව පමණක්ම බව ජනපතිවරයා ප්‍රකාශ කරයි. නුවරඑළිය

මම කිව්වේ අපේ නොවෙන ආයතනවලට මුදල් දෙන්නෙ නෑ කියල නෙවෙයි- ජනපති Read More »

වැසි තත්ත්වයේ වර්ධනයක්

චම්පිකා මුතුකුඩ අද උදෑසන නිකුත් කරන ලද ඉදිරි පැය විසි හතර සඳහා වූ කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.   මධ්‍යම,  සබරගමුව සහ  ඌව පළාත්වලත් , හම්බන්තොට, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැකි බවත් කාලගුණ

වැසි තත්ත්වයේ වර්ධනයක් Read More »

මහනුවර නගරයට පැමිණෙන සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීමට විශේෂ අවධානය

  නිමල් කොළඹිස්ස – මහනුවර   මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවතින සම්පත් සමඟ ප්‍රාදේශීය ලේකම්වරුන් හා එම කාර්යාල මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරන බව ද ඒ

මහනුවර නගරයට පැමිණෙන සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීමට විශේෂ අවධානය Read More »

අපේ එකම අරමුණ  බුදුන්  ජීවමානව දැක වැඳ පුදා ගැනීමයි – දළදා දැක්මට පැමිණයෝ කියති .

  මොහොමඩ් ආසික් වසර 16 කට පසුව පැවැත්වෙන ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා දැක්මේ තෙවෙනි දිනය වන  අද 20 වනදාත් දිවයිනේ නන් දෙසින් සිට ලක්ෂ ගණනක බැතිමතුන් පිරිසක් පැමිණ සිටියහ. අද දිනයේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ පෝලිම් කිලෝ මිටර් තුනකට වඩා වැඩි දුරක් දක්වා විහිදී තිබිණ. මහනුවර කටුගස්තොට මාර්ගයේ පෝලිම මහයියාව දක්වා කිලෝ මීටර්

අපේ එකම අරමුණ  බුදුන්  ජීවමානව දැක වැඳ පුදා ගැනීමයි – දළදා දැක්මට පැමිණයෝ කියති . Read More »

කිතුණුවෝ උත්කර්ෂවත් ලෙස පාස්කු සමරති

සමන් පෙරේරා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියලු ලෝ වැසි දනන් පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුසය තුළ සිය ජීවිතය පූජා කිරීමෙන් දින 03කට පසු උත්ථානය ලැබීම සිහිපත් කරමින් ලොව පුරා වෙසෙන කිතුණු බැතිමත්හූ අද (20) පාස්කු මංගල්‍යය උත්සවශ්‍රීයෙන්  සමරනු ලබති. මේ අනුව කිතුණු බැතිමතුන් විවිධ වත් පිළිවෙත් සිදු කරමින් ගත කළ දින 40ක චතාරික සමය ද මෙම

කිතුණුවෝ උත්කර්ෂවත් ලෙස පාස්කු සමරති Read More »

පාතහේවාහැට ගම්වැද සිටින රිලවුන් වනගත ප්‍රදේශවලට මුදා හැරීම ආරම්භ කෙරේ 

හේවාහැට-චම්පික දසනායක  මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන ගණනාවක භව භෝග හා පොදු දේපල වලට හානි කරන රිලවුන් අල්ලා ආරක්ෂිතව  වනගත ප්‍රදේශයකට මුදා හැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත මහනුවර දිස්‌ත්‍රික්‌කයේ කෘෂිකාර්මික ප්‍රදේශ අතරින් ප්‍රමුඛතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වන පාතහේවාහැට ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ රිලා උවදුරෙන් දැඩි පීඩාවට පත්ව සිටියහ  මුල්

පාතහේවාහැට ගම්වැද සිටින රිලවුන් වනගත ප්‍රදේශවලට මුදා හැරීම ආරම්භ කෙරේ  Read More »