Truth News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත

 යසංග මහවිතාන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු  උන් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව මෙම  26 වනදා සිදු කිරීමට නියමිතය.උන් වහන්සේ සිය අවසන් කැමති පත්‍රය සකස් කර තිබුණේ 2022 වර්ෂයේය. සාමාන්‍යයෙන් පාප් වරයෙකුගේ අවමංගල කටයුතු වඩාත් විචිත්‍රවත්ව සාම්ප්‍රදායිකව සිදුකෙරුණත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පළකළ අභිමතය පරිදි උන් වහන්ගේ අවමංගල කටයුතු වඩාත් සරලව සිදුකිරීමට සැලසුම් කර […]

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත Read More »

කනදරාව ගල් පාලම විනාශ වෙන්න ඇරලා

සමන් පෙරේරා  ශ්‍රී ලාංකේය උරුමය ලොවට කියාපාමින් දෙස් විදෙස් පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක් වූ ඓතිහාසික නිර්මාණයක් ලෙස පිළිගැනෙන මිහින්තලේ මහ කනදරාව ගල්පාලම වසර කිහිපයක සිට වල් බිහිවෙමින් විනාශයට පත්වන බව ප්‍රදේශවාසීහු පවසති. මිහින්තලේ මහ කනදරාව වැවට නුදුරින් කනදරා ඔය හරහා පුරාණයේ ඉදිකර තිබෙන මෙම ගල් පාලම දිගින් අඩි 78ක් වන අතර පළල අඩි අට හමාරක් පමණ වේ.

කනදරාව ගල් පාලම විනාශ වෙන්න ඇරලා Read More »

ත්‍රස්ත ලේබල් රැඳවියන් නිසා GSP+ තීරු බදු සහනය අනතුරේ

ලක්මිණි නදීෂා මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වමින් සිටින නොසැලකිලිමත් හා වල්මත් වූ ප්‍රවේශය, යුරෝපා සංගමයේ GSP+ තීරු බදු සහනය අහිමිවීමේ අවදානමකට ලක්වෙමින් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්’ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ක්‍රියා නොකොට, තවදුරටත් එම පනත යටතේ සිදු කරන අත්අඩංගුවට

ත්‍රස්ත ලේබල් රැඳවියන් නිසා GSP+ තීරු බදු සහනය අනතුරේ Read More »

රත්නපුර ඩෙංගු වසංගතයක්.විශේෂඥ වෛද්‍යවරයෙකු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයටත් වැළඳිලා

  අජිත්ලාල් ශාන්තඋදය රත්නපුර මහ නගර සභා සීමාව ඩෙංගු රෝග වසංගත තත්ත්වයකට පත්ව ඇති බව රත්නපුර ප්‍රාදේශිය සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනොජ් රොඩිරිගෝ මහතා පැවසුවේ ය. රත්නපුර ළය රෝහල, ශීක්ෂණ මහ රෝහල සහ ඒ ආසන්නයේ ඉදිකෙරෙමින් පවතින යෝජිත වෛද්‍ය විද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානම වැඩි බව ප්‍රාදේශිය සොඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. විශේෂඥ වෛද්‍යවරයෙකුට

රත්නපුර ඩෙංගු වසංගතයක්.විශේෂඥ වෛද්‍යවරයෙකු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයටත් වැළඳිලා Read More »

පරිසරයට ආදරය කරන්නන්ගෙන් පෙත්සමක්

කොලින් හරිශ්චන්ද්‍ර මහනුවර දළදා වීදියේ අකාලයේ රූස්ස ගස් වනසා දැමීම හා අලි ඝාතනයට එරෙහි මහජන පෙත්සමක් අත්සන් කරන ලදී.   රූස්ස ගස් අකාලයේ විනාශ කර දැමීම හා අලි ඇතුන් ඝාතනයට එරෙහිව මහජන පෙත්සමක් පසුගිය 20 දින මහනුවර දළදා වීදියේ සම්පත් බැංකුව ඉදිරිපිටදී අත්සන් කරන ලදී. වන අලි සංරක්ෂණ සංසදය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට අති

පරිසරයට ආදරය කරන්නන්ගෙන් පෙත්සමක් Read More »

පොලිසියට පන්දාහක්

යසංග මහවිතාන ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි. පොලීස් ස්ථානාධිපතිවරුන් ඇතුලු පොලිස් නිලධාරීන් අතර මාර්ගගතව පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය. ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත් කඩිනමින් බඳවා ගැනීමටත් ඉතිරි 3,000ක ප්‍රමාණය දෙසැම්බරයේ දී බඳවා ගැනීමටත් කටයුතු සකස් කරමින් පවතින

පොලිසියට පන්දාහක් Read More »

වැසි තත්ත්වය තව දුරටත් වර්ධනය වේ.

චම්පිකා මුතුකුඩ අද දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්නිකුත් කරණ ලද කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ  උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැක.    බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ 

වැසි තත්ත්වය තව දුරටත් වර්ධනය වේ. Read More »

මීළඟ පාප් වහන්සේ පත්කර ගැනීම දින 15 කට පසුව

එස්.රත්නායක අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ එම ධූරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරා ගැනීමට දින 15ක් ගතවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නව පාප් වහන්සේ තෝරා ගන්නා තෙක් කතෝලික පල්ලියේ වැඩ බලන  ප්‍රධානියා ලෙස පාප්තුමාගේ මූල්‍ය ලේකම් භාණ්ඩාගාරික කාදිනල් කෙවින් ෆැරල් පියතුමන් කටයුතු කරනු ඇත. පාප් වහන්සේ තෝරා

මීළඟ පාප් වහන්සේ පත්කර ගැනීම දින 15 කට පසුව Read More »

දළදා වන්දනාවට සමගාමීව මහනුවර දන්සල් 820ක්

  නිමල් කොළඹීස්ස – මහනුවර   සිරි දළදා වන්දනාවට සමගාමීව මහනුවර නගර සීමාව තුළ දන්සැල් 820ක් මේ වන විට ලියාපදිංචිවී ඇතැයි මහනුවර මහ නගර සභාව පවසයි. සැදැහැවතුන්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ දන්සැල් ක්‍රියාත්මකවීම ඉහළ ගොස් ඇතැයි මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා පැවසීය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,

දළදා වන්දනාවට සමගාමීව මහනුවර දන්සල් 820ක් Read More »

ශ්‍රී දළදා වන්දනා  බැතිමතුන්ගේ සුව ආරක්ෂාවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් මාලාවක්

  එස් රත්නායක   ශ්‍රී දළදා දැක්මට නන්දෙසින් පැමිණෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන  කාර්‍යාංශයේ අධ්‍යක්ෂවරයා විසින් පහත සඳහන් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙස මහජනතාව දැනුවත් කර ඇත. අප්‍රේල් 21 නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ. 1.  නිතර නිතර ජලය පානය කරන්න. ජල බෝතල විටින් විට පුරවා ගන්න.   2. ගෙදරින් ගෙන

ශ්‍රී දළදා වන්දනා  බැතිමතුන්ගේ සුව ආරක්ෂාවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් මාලාවක් Read More »