Truth News

කෝටියකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ රැසක් රේගු භාරයට

ලක්මිණි නදීෂා  රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා නවීනතම ජංගම දුරකථන , සුවද විළවුන් සහ රූපලාවන්‍ය ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (23) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ . මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංච් අවුරුදු 37 සහ 25 යනු වයස් වල පසු වන ව්‍යාපාරිකයන් දෙදෙනෙකි . […]

කෝටියකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ රැසක් රේගු භාරයට Read More »

අද දළදා දැක්මට  පෝලිම් තුනේ සැදැහැවතුන් ලක්ෂ හතරකට වැඩියි.

                      මොහොමඩ් ආසික් සිරි දළදා දැක්මේ හය වන දිනය වන අද 23 වනදාද මහනුවර නගරයට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක්  පැමිණ පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබෙයි. මහනුවර ඩී.එස්.සේනාානයක වීදිය දිගේ යන පෝලිම අද  සවස වන විට කටුගස්තොට නගරයද පසු කර තිබූ අතර ලැබෙන දත්ත අනුව පස්වරු 3.00 වන විට එම පෝලිමේ රැඳී සිටින සැදැහැවතුන් සංඛ්‍යාව 1,11,600 ක් වන

අද දළදා දැක්මට  පෝලිම් තුනේ සැදැහැවතුන් ලක්ෂ හතරකට වැඩියි. Read More »

මාතර බන්ධනාගාරයේ තත්වය සම්පූර්ණයෙන් පාලනය කර අවසන්

වැලිගම  තරංග ගුණරත්න  මාතර බන්ධනාගාරයේ කලහකාරි තත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදු වී බන්ධනාගාරය සතු ලිපි ලේඛන ඇතුළු භාණ්ඩ රැසකට හානි සිදුව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. මාතර බන්ධනාගාරය තුළ රඳවා සිටි  රැඳවියන් දෙදෙනෙකු  අගුණු⁣කොලපැලැස්ස බන්ධනාගාරය වෙත  රැගෙන යාමට උත්සාහ ගැනීමේදී ඊට  විරෝධය පල කරමින් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක්  ඊයේ  (22)  රාත්‍රි 8.00

මාතර බන්ධනාගාරයේ තත්වය සම්පූර්ණයෙන් පාලනය කර අවසන් Read More »

පොහොර සහනාධාරය තවමත් නෑ. ගොවීන් අසීරුතාවයක-ගොවි සංවිධාන

 සමන් පෙරේරා   මහකනදරාව ගොවි ව්‍යාපාරයේ මෙවර යල කන්නයට අදාළ වී වපුරා ගොයමට මාසයක කාලයක් ගත වී ඇතත් තවමත් ගොයම් සඳහා පොහොර සහනධාරය ලැබී නොමැති බව මහකනදරාව ඒකාබද්ධ ගොවි ව්‍යාපාරයට අයත් රණමයුර ගොවි සංවිධානයේ සභාපති සුභසිංහ රත්නායක මහතා පවසයි. ඔහු මෙසේ ද කීය. “…අපි රූපවාහිනියෙන් දැක්කා පොහොර සහනාධාරය නෙවෙයි වගා සහනාධාරයක් ලබා දෙන බවට නියෝජ්‍ය කෘෂිකර්ම

පොහොර සහනාධාරය තවමත් නෑ. ගොවීන් අසීරුතාවයක-ගොවි සංවිධාන Read More »

අද තද වැසි ඇතිවෙන ප්‍රදේශ දැනගන්න

චම්පිකා මුතුකුඩ අද නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ  බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.   බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ  උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැකි බව එම වාර්තාව පවසයි    බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ  පුත්තලම දිස්ත්‍රික්කවලත්

අද තද වැසි ඇතිවෙන ප්‍රදේශ දැනගන්න Read More »

ඩෑන්  අද අලුයම ජීවිතක්ෂයට

යසංග මහවිතාන සමාජ ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් මහතා අද අලුයම ජීවිතක්ෂයට පත් වූබව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ (22) රාත්‍රියේ වැල්ලම්පිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් සමාජ ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් බරපතල  තුවාල ලබා තිබුණි. ඩෑන් ප්‍රියසාද් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර සඳහන් කර තිබුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව

ඩෑන්  අද අලුයම ජීවිතක්ෂයට Read More »

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්

චම්පිකා මුතුකුඩ අද (22) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙන යාමට උත්සාහ කිරීමේ දී මෙම උණුසුම් තත්ත්වය හටගෙනතිබේ. එම රැඳවියා රැගෙන යාමට උත්සාහ කරන විට එක් වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත. නොසන්සුන්තාවය පාලනය

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් Read More »

සංචාරක හා මගී ප්‍රවාහනයට බෝට්ටු සේවයක්

එස්. රත්නායක      ජලාශ්‍ර හා ජල ධාරා භාවිතයෙන් සංචාරක හා මගී ප්‍රවාහන ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීම – රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ලබාදීමට කැබිනට් අනුමැතිය  ලැබී තිබේ. ශ්‍රී ලංකාව දූපතක් මෙන්ම ජලාශ්‍ර හා ජල ධාරා පිරුණු රටක් බැවින් මෙම ජල සම්පත් සංචාරක කර්මාන්තය සහ නගර මගී ප්‍රවාහනය වර්ධනය කිරීම සඳහා ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමේ හැකියාවක් පවතින අතර,

සංචාරක හා මගී ප්‍රවාහනයට බෝට්ටු සේවයක් Read More »

සිරි දළදා දැක්මට අදත් ලක්ෂ ගණනක ජන ගඟක් – පෝලිම් කිලෝමීටර් හතරත් ඉක්මවයි

  මොහොමඩ් ආසික් මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේදී වසර 16 කට පසුව පැවැත්වෙන සිරි දළඳා දැක්මේ පස් වන දිනය වූ අද (22වනදා) ද මහනුවර නගරයට ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව නගරයෙන් පිට ප්‍රදේශ පවා  සැදැහැවතුන්ගෙන් පිරී ගොස් තිබිණි. ශ්‍රී දන්ත ධාතූන් වැඳ පුදා ගැනීම සඳහා පවතින පෝලිම් තුනේ දිග අද වන විට කිලෝ මීටර් හතරද ඉක්මවා තිබෙනු දැකිය හැකි විය.

සිරි දළදා දැක්මට අදත් ලක්ෂ ගණනක ජන ගඟක් – පෝලිම් කිලෝමීටර් හතරත් ඉක්මවයි Read More »

මීළඟ පාප්වහන්සේ තනතුරට  වූ යෝජනා අතරට මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නමත්.

ලක්මිණි නදීෂා  ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අභාවය සමඟ බොහෝ දෙනෙක්ගේ අවධානය ලක්ව ඇත්තේ ඊළඟ පාප් වහන්සේ කවුරුන්ද යන්නයි. නමුත් මීළඟ පාප්වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා වන සමුළුව පවත්වන දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. ඒ අනුව ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කරන කාදිනල්වරු අතරට කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නමද ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් නම් කර

මීළඟ පාප්වහන්සේ තනතුරට  වූ යෝජනා අතරට මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නමත්. Read More »