Truth News

වැලිගම දානපතියෙකුගෙන්  සත් ක්‍රියාවක්

(වැලිගම  තරංග ගුණරත්න)  අසිරිමත් වෙසක් තෙමගුල සිහිපත්කොට  වැලිගම  තරුණ ව්‍යාපාරිකයෙකු ඇතුළු  පිරිසක් එක්ව  ප්‍රදේශයේ මහා සංඝරත්නයට, දසසිල් මෑණිවරුන්ට, මව්ලිවරු, සහ කන්‍යා සොයුරියන් සහ දසසිල් උපාසකවරුන්ටත් දානය පිළිගැන්වීමෙන් අනතුරුව   දිවා රාත්‍රී  පවත්වන දන්සල මෙවරත්   වැලිගම වෙරළ තීරයේදී  පැවැත්වේ. වැලිගම  ”  SEA   HUNTER ” ධීවර යාත්‍රාවේ හිමිකරුවන  තරුණ ව්‍යාපාරිකයෙකු වන කේ.කේ ඒ විරාජ් රංගනාත් මහතාගේ  සංකල්පයක්  මත […]

වැලිගම දානපතියෙකුගෙන්  සත් ක්‍රියාවක් Read More »

තවත් බස් රථ අනතුරක්

(යසංග මහවිතාන) ඊයේ රාත්‍රී (12) සිදු වූ තවත් බස් රථ අනතුරක් පිළිබඳව මහනුවරින් වාර්තා වේ. මෙම අනතුර සිදුව ඇත්තේ මහනුවර අලදෙණිය යටිහලගල ප්‍රදේශයේදී ය. විනෝද චාරිකාවක යෙදුණු පිරිසක් රැගත් බස් රථයක්  මෙසේ මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස්  අනතුර සිදුව ඇති බව කියැවේ. ඉන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අනතුරින් තුවාල ලත් පුද්ගලයින්

තවත් බස් රථ අනතුරක් Read More »

ප්‍රදේශ කිහිපයකට හැර අනෙක් පළාත්වලට යහපත් කාලගුණයක්

(චම්පිකා මුතුකුඩ) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ..   මධ්‍යම සහ  ඌව පළාත්වලත් අම්පාර සහ  මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැක.   උතුරු, උතුරු මැද,

ප්‍රදේශ කිහිපයකට හැර අනෙක් පළාත්වලට යහපත් කාලගුණයක් Read More »

බස් එකට නැඟල වීඩියෝ කෝල් එකකින් උදේ ගෙදර එනව කිව්ව අමිල  එළි වෙන කොට අපි අත් ඇරල ගිහින්

ගැරඩිඇල්ල  බස් අනතුරින් මිය ගිය   පන්විල අමිලගේ බිරිඳ රෝසි  හැඩූ කඳුලින් කියයි. (මොහොමඩ් ආසික් ) “ නිවාඩුවට ගෙදර එන මහත්තයා බස් රථයට නැඟලා රෑ 9.45 ට විතර වීඩියෝ කෝල් එකක් අරන් උදේ වෙන කොට ගෙදර එනව කිව්වා. ඒත් උදේ කතා කරන කොට ෆෝන් එකට පිළිතුරක්වත් තිබුණේ නෑ “ … යැයි කොත්මලේ ගැරඩිඇල්ලේදී සිදු වූ  රිය අනතුරින් මිය ගිය මහනුවර පන්විල ගල්පිහිල්ලේ

බස් එකට නැඟල වීඩියෝ කෝල් එකකින් උදේ ගෙදර එනව කිව්ව අමිල  එළි වෙන කොට අපි අත් ඇරල ගිහින් Read More »

පන්සල්වලට පනින හොරු

සංජීවනී පද්මසේන පානදුර හා කළුතර අවට ප්‍රදේශවල විහාරස්ථානයන් සතු රන්වැටවල්, ඝණ්ටාර, දොලොස්මහේ පහන් ආදිය ගලවා සොරකම් කරන දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පිංවත්ත පොලිස් නිලධාරීන්ට හැකිවී තිබේ.  මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ අවුරුදු 42 ක් සහ අවුරුදු 35ක් වන අඹුසැමි යුවලකි.  මෙම යුවල විසින් සොරාගෙන කඩවලට අලෙවි කර තිබූ දොලොස්මහේ පහනක්, ඝණ්ටාර 03ක්, දේවාල පහනක්, රන්වැටවල් 02ක්, රන්

පන්සල්වලට පනින හොරු Read More »

අස්ගිරි මහ විහාර පාර්ශවයේ වෙසක් සුභාශිංසන පණිවුඩය

  (නිමල් කොළඹිස්ස – මහනුවර)   තමන් ජීවත්වන දේශය පමණක් නොව  සමස්ත ලෝකය දෙසම කල්පනාකාරීව බැලිය යුතු මෙම වකවානුවේදී විනාශකාරී යුද්ධයෙන් ලෝ වැසියන් මුදවා ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපයෝගී කර ගැනීම වඩාත් කාලෝචිත යැයි අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ පවසති. ලෝ වැසි ජනතාව විනාශකාරී යුද්ධයන්ගෙන් මුදවා ගැනීම සඳහා බුදුන්ගේ ධර්මය උපයෝගී කර

අස්ගිරි මහ විහාර පාර්ශවයේ වෙසක් සුභාශිංසන පණිවුඩය Read More »

වෙසක් පොහොය නිමිත්තෙන් අනුරපුරය සැදැහැවතුන්ගෙන් පිරී යයි

කිත්සිරි වනසිංහ සම්බුදු තෙමඟුල සමරනු වස් අදට යෙදී තිබුණු වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලිමහාසෑය ප්‍රධාන අනුරාධපුර අටමස්ථානයට අයත් වෙහෙර විහාර දිවයිනේ සිව් දෙසින් පැමිණි සැදැහැවත් ජනතාවගෙන් පිරී පැවතිණි. ජය ශ්‍රී මහා බෝ මළුව හා මහමෙව්නා උයන මෙන්ම රුවන්වැලි මහා සෑ පුදබිම සුදු වතින් සැරසි උවැසි උවැසියන්ගේ සාධුනාදයෙන්

වෙසක් පොහොය නිමිත්තෙන් අනුරපුරය සැදැහැවතුන්ගෙන් පිරී යයි Read More »

විදුලිසැර වැදී දැරියක් මරුට

(සංජීවනී පද්මසේන) මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේ නිවසක වෙසක් සැරසිලි සඳහා ආලෝකවත්  කිරීමට යොදාගත් විදුලි බුබුළු වැලක විදුලිය කාන්දුවක් නිසා නව හැවිරිදි දැරියක් මරුමුවට පත් වී තිබේ. පාදුක්ක, වටරැක විදුහලේ පහ වසරේ ඉගනුම ලබන දැරිය නිවසේ වෙනත් හෝල්ඩරයක් මගින් සම්බන්දතාවය ලබාගෙන තිබූ විදුලි  බුබුළු වැල ස්පර්ශ කිරීමේදී විදුලි සැර වැදී ඇත. නිවසේ භූගත වයරය කැඩී තිබීමෙන් විදුලිය

විදුලිසැර වැදී දැරියක් මරුට Read More »

නිරිත දිගට කාලගුණයේ වෙනසක්.

( චම්පිකා මුතුකුඩ) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (12)  සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරයි.  බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.   මධ්‍යම, ඌව සහ  නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය 

නිරිත දිගට කාලගුණයේ වෙනසක්. Read More »

මිහිරි රසැති තල්කුරුම්බා වාරය ඇවිත්

(සමන්  පෙරේරා )  තල් කුරුම්බා රසවත් මෙන් ම ගුණ පිරි ස්වාභාවික පානයකි. වසරකට එක් වරක් සීමිත දින ගණනාවකට තල් වාරය පැමිණේ. ගත නිවන පානයක් නිසා වියළි කලාපයේ බොහෝ පිරිස් තල් කුරුම්බා පානය කිරීමට ප්‍රිය කරති.  පොල් ගෙඩියේ මුල් අවධිය කුරුම්බා ලෙස හඳුන්වනවා සේම තල් ගෙඩිය ද මේරීමට පෙර තල් කුරුම්බා ලෙස හඳුන්වයි. පොල් කුරුම්බා තුළ ඇත්තේ

මිහිරි රසැති තල්කුරුම්බා වාරය ඇවිත් Read More »