Truth News

බෞද්ධ ගී ආමිස පූජාව පාතගම මහා විදුහලෙන්

    (අජිත්ලාල් ශාන්තඋදය) කුරුවිට අධ්‍යාපන කොට්ඨාසයේ පාතගම මහා විද්‍යාලයේ වෙසක් ”දැහැන ගී සරණිය” විද්‍යාලයීය දරුවන්ගේ සහ ගුරුභවතුන්ගේ බෞද්ධ ගී ගායනාවලින් පැවැත්විණි. වත්මන් විදුහල්පති රුවන් සේනාධීර මහතාගේ ආරාධනයෙන් රත්නපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික සහ පෝෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ එච් විජේසිරි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්ව සිටියේය. වසර අසුහයක් පැරණි පාතගම විද්‍යාලයේ පළමුවන ශ්‍රේණියේ සිය අපොස උසස් […]

බෞද්ධ ගී ආමිස පූජාව පාතගම මහා විදුහලෙන් Read More »

කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනෙකු  අත්අඩංගුවට

(ලක්මිණි නදීෂා) රුපියල් කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක් , වාහන අමතර කොටස් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ  Red Channel  ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු  ඊයේ(15) අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොවුන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනෙකු  අත්අඩංගුවට Read More »

උසස් පෙළ සිසුවෙක් සාමාන්‍ය පෙර සිසුවෙකුගේ ගෙල කපලා

(නිපුණ නිර්මාල්) පුල්මුඩේ ප්‍රදේශයේ පාසලක සා/පෙළ හා උ/පෙළ හදාරන සිසුන් දෙපිරිසක් අතර ඊයේ (15) දින පාසල් පරිශ්‍රයේදී ගැටුමක් හටගෙන තිබේ. එහිදී උ/පෙළ සිසුවෙකු තියුණු ආයුධයකින් 16 හැවිරිදි සා/පෙළ සිසුවෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති අතර තියුණු ආයුධ ප්‍රහාරයෙන් ගෙලෙහි බරපතල තුවාල ලද සිසුවා පුල්මුඩේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. ප්‍රහාරය සිදුකළ සිසුවා

උසස් පෙළ සිසුවෙක් සාමාන්‍ය පෙර සිසුවෙකුගේ ගෙල කපලා Read More »

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙවීම් ඩිජිටල් වේ.

(නිපුණ නිර්මාල්) ශ්‍රේෂ්ඨාධිකරණය තුළ මුදල් ගෙවීමේ කටයුතු සදහා ‘govpay’ ඩිජිටල් ක්‍රමවේදය එක් කිරීම ඊයේ (15 ) දින සිදු කෙරුණි ඒ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සංකීර්ණයේ පැවති උත්සවයකදීය. මේ හරහා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු පැවරීම,වන්දි ලබා ගැනීම,දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම හා සහතික කළ පිටපත් ලබාගැනීම යන සේවා සදහා ගෙවීම් සිදු කළ හැකි වේ. මේ ‘govpay’ ඩිජිටල්

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙවීම් ඩිජිටල් වේ. Read More »

වෙඩි බෙහෙත් දැමූ බටයක් පිපිරීමෙන් දරුවෙකු මරුට

(සංජීවනි පද්මසේන)  කෑගල්ල, පිංදෙණිය ජාතික පාසලේ නවය වසරේ ඉගනුම ලබන දාහතර හැවිරිදි පිරිමි දරුවෙකු වෙඩි බෙහෙත් දැමූ යකඩ බටයක් දැල්වීමට යාමේ දී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙම දරුවා සිංහල අලුත් අවුරුද්දට ගෙනවිත් ඉතිරි වී තිබූ රතිඤ්ඤා කිහිපයක් කඩා වෙඩි බෙහෙත් ටික යකඩ බටයකට දමා ගිනි දල්වා ඇත. එවිට පුපුරා ගිය බට කැබැල්ල වැදී හිස

වෙඩි බෙහෙත් දැමූ බටයක් පිපිරීමෙන් දරුවෙකු මරුට Read More »

සංස්කෘතික ඇමති සහ කලා අනුමණ්ඩල සභාපතිවරුන් අතර හමුවක්.

(මොහොමඩ් ආසික්) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයට අයත් අනුමණ්ඩල සභාපතිවරු අතර හමුවක්  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයීය විෂය පථයට අයත් ශ්‍රී ලංකා කලා මණ්ඩලයට අනුබද්ධ අනුමණ්ඩලවල සභාපතිවරු ඊයේ (15) පස්වරුවේ බත්තරමුල්ල අමාත්‍යාංශ පරිශ්‍රයේදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

සංස්කෘතික ඇමති සහ කලා අනුමණ්ඩල සභාපතිවරුන් අතර හමුවක්. Read More »

වැසි වැඩිවන පළාත් දැනගෙන ගමන් යන්න.

(චම්පිකා මුතුකුඩ) අද නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වලත්, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.   දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.   මධ්‍යම, නැගෙනහිර, ඌව, උතුරු සහ  උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75

වැසි වැඩිවන පළාත් දැනගෙන ගමන් යන්න. Read More »

පූජා නගරය සංදර්ශන බිමක් කර නොගන්නැයි අටමස්ථානාධිපති හිමියෝ ඉල්ලති.

(සමන් පෙරේරා)   එළඹෙන ජුනි මස 07 සිට 13 දක්වා ජාතික පොසොන් සතිය ලෙස ප්‍රකාශට පත් කෙරේ. අද (15) දින රැස්වූ පොසොන් කමිටුවේදී මේ බව තීරණය කෙරිණ.අනුරාධපුර පූජා නගරය පන්තිරි මලය හා මිහින්තලය පුදබිම් කේන්ද්‍ර කරගැන මෙන් පොසොන් සතිය පැවැත්වීමට නියමිතය. ජාතික පොසොන් සතිය තුළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස සලකා කටයුතු කරනවා

පූජා නගරය සංදර්ශන බිමක් කර නොගන්නැයි අටමස්ථානාධිපති හිමියෝ ඉල්ලති. Read More »

යතුරුපැදි අනතුරෙන් තරුණයෙකු මරුට

(සංජීවනි පද්මසේන) අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට වව්නියාව විශ්වවිද්‍යාලය දක්වා යතුරු පැදියකින් ගමන් කළ තරුණයින් දෙදෙනෙක් මැදවච්චිය සංගිලිකනදරාව ප්‍රදේශයේ දී අනතුරට ලක්වී ඇත. යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරේ දී එය පැදවූ 24 හැවිරිදි තරුණයා මිය ගොස් තිබේ.ඔහු බදුරලිය ප්‍රදේශයේ පදිංචි සරසවි සිසුවෙකි. යතුරු පැදියේ පසුපස ගමන් කළ තරුණයා ද තුවාල ලබා මැදවච්චිය රෝහලට

යතුරුපැදි අනතුරෙන් තරුණයෙකු මරුට Read More »

ලුණු ගෙන්වීමේ ආනයන සීමා ලිහිල් කෙරේ.

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට රජය තීරණය කර තිබේ. අද (2025/05/15) දින රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත. ජූනි 10 වන දින දක්වා ලුණු ආනයනය කිරීම සදහාඅවසර ලබා දීමටද එහිදී තීරණය විය. . කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු මෙන්ම ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද

ලුණු ගෙන්වීමේ ආනයන සීමා ලිහිල් කෙරේ. Read More »