Truth News

ගජමුතු තුනක් එක්කෝටි හැට පන් ලක්ෂයකට විකිණීමට 17 හැවිරිදි තරුණයා යෙදූ සැලසුම අතේ පත්තු වෙයි

  (මොහොමඩ් ආසික්) වයස අවුරුදු 17 ක තරුණයෙකුගේ ප්‍රධානත්වයෙන් රුපියල් එක් කෝටි හැට පන් ලක්ෂයකට ගජ මුතු තුනක් විකිණීමට සැලසුම් කළ කණ්ඩායමක්  කටුගස්තොට පොලීසියේ දූෂණ මර්ධන අංශය විසින් විශේෂ මෙහෙයුමක් සිදු කර අත්අඩංගුවට ගෙන තිබේ.  පොල්ගොල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටිමින් යම් පිරිසක්  ගජමුතු තුනක් විකිණීමට සූදානම් වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරින් මෙම  ගජමුතුවල ගැනුම්කරුවන් […]

ගජමුතු තුනක් එක්කෝටි හැට පන් ලක්ෂයකට විකිණීමට 17 හැවිරිදි තරුණයා යෙදූ සැලසුම අතේ පත්තු වෙයි Read More »

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය

සමන් පෙරේරා   පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් ද එක්කරමින් දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජුනි 09,10 හා 11 යන දිනයන් හි දී විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වේ. ඒ අනුව එළඹෙන ජුනි 09 වන දින පෙරවරු 5.30 සිට පස්වරු 9.00 දක්වා කාලයේ දී දුම්රිය 09 ක් අනුරාධපුරය

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය Read More »

කෝවිලේ පූජා භාණ්ඩ වෙන්දේසියේදී අඹ ගෙඩි දෙකක් ලක්ෂ අටකට ආසන්න මුදලකට

                                       වන්නි රොමේෂ් මධුෂංක                   යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසීන්හීදි ඉදිරිපත්කළ අඹගෙඩි දෙකක් රුපියල් 775,000 ක  මුදලකට වෙන්දේසි වූ බව කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි. මෙම වෙන්දේසි 05 වන දින රාත්‍රියේ  පැවැත්විණි.යාපනය වන්නාර් පන්නෙයි මාර්ගයේ පිහිටි සිරිසිව සුබ්‍රමණියම් හින්දු කෝවිලේ පැවති විශේෂ දේව මෙහෙයකින් අනතුරුව පූජා

කෝවිලේ පූජා භාණ්ඩ වෙන්දේසියේදී අඹ ගෙඩි දෙකක් ලක්ෂ අටකට ආසන්න මුදලකට Read More »

වල් වී මර්ධනය කිරීම සඳහා සතියක් මෙම මස අග භාගයේදී

  නිමල් කොළඹිස්ස – මහනුවර   වී වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් ව්‍යාප්තවූ වල් වී මර්ධනය කිරීම සඳහා, වල් වී මැඩලීමේ සතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සහ එම දෙපාර්තමේන්තුව  විසින් සැලසුම් කොට තිබේ. බිත්තර වී සමඟ වල් වී විශාල වශයෙන්  පැළවී ඇති අතර මේ හේතුවෙන් සැලකිය යුතු අස්වනු අහිමිවීමක් සිදුවී ඇති බවට ගොවියන් රැසක් පැමිණිලි කොට ඇත. මහනුවර දිස්ත්‍රික්

වල් වී මර්ධනය කිරීම සඳහා සතියක් මෙම මස අග භාගයේදී Read More »

පරිත්‍යාගයන් රැසක් සිහි කරන‘හජ්’ උත්සවය

ජූනි 07 වන දිනට යෙදුණු හජ් උත්සවය නිමිත්තෙනි   (මොහොමඩ් ආසික්) ලොව පුරා වෙසෙන ඉස්ලාම් ධර්මය අනුගමනය කරන බැතිමතුන් අනිවාර්යෙන් ඉටු කළ යුතු ප්‍රධාන වගකීම්  පහ අතුරින් අවසන් වගකීම  ලෙස හජ් වන්දනය ඉටු කිරීම සඳහන් කර තිබේ. මෙයින් අදහස් වන්නේ ඉස්ලාම් ධර්මය අදහන සියලු දෙනාම හජ් වන්දනය අනිවාර්යෙන්ම ඉටු කළ යුතු බවයි. එසේ වුවද හජ්

පරිත්‍යාගයන් රැසක් සිහි කරන‘හජ්’ උත්සවය Read More »

කෙමෙන් පහව යන නිරිත දිග මෝසමේ බලපෑම.

(චම්පිකා මුතුකුඩ) බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ වාර්තාව පවසයි.   ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ  මුලතිව්  දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැක.   මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ  දකුණු පළාතේ විටින් විට  

කෙමෙන් පහව යන නිරිත දිග මෝසමේ බලපෑම. Read More »

මත්පෙති විකුණූ තරුණයා දැලේ

  (සමන් පෙරේරා)   ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දි නිවසක් තුළ සූක්ෂම ලෙස සගවා තිබූ මත්පෙති  අඩංගු කාඩ් 09ක්, එම කාඩ්වල අඩංගු මත්පෙති 88 ක් සහ හිස් මත්පෙති කාඩ් 16 සමග එම ප්‍රදේශයේ තරුණයෙකු ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත්

මත්පෙති විකුණූ තරුණයා දැලේ Read More »

සබරගමු පළාත් සභාවේ කෝටි හතේ වංචාව-  #සැකකරුවන්ට ඇපදිම ප්‍රතික්ෂේප කරයි.                                            #දේශපාලන සහ ඉහළ නිලධාරින්ගේ  බලපෑමක්  තිබුණාදැයි සොයන්නැයි සිඅයිඩියට නියෝගයක්                                                                

  (අජිත්ලාල් ශාන්තඋදය) දේශපාලන අධිකාරියේ  හෝ සබරගමු පලාත් සභාවේ ඉහළ නිලධාරින්ගේ යම් බලපැමක් සබරගමුව පළාත් සභාව මගින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට දුන් සංවර්ධන අරමුදල් වලින් රුපියල් කෝටි හතකට වැඩි ප්‍රමාණයක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුව තිබේදැයි විමර්ශනය කරන්නැයි ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්  තිළිණ මහේෂ් පීරිස් මහතා 04දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ

සබරගමු පළාත් සභාවේ කෝටි හතේ වංචාව-  #සැකකරුවන්ට ඇපදිම ප්‍රතික්ෂේප කරයි.                                            #දේශපාලන සහ ඉහළ නිලධාරින්ගේ  බලපෑමක්  තිබුණාදැයි සොයන්නැයි සිඅයිඩියට නියෝගයක්                                                                 Read More »

පේරාදෙණිය දුම්රිය ස්ථානයේත් පරිසර වැඩසටහන්

  (නිමල් කොළඹිස්ස – මහනුවර)   ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් මධ්‍යම පළාතේ දුම්රිය ස්ථාන පරිසර හිතකාමී දුම්රිය ස්ථාන බවට පත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර කටයුතු අමාත්‍යංශය මගින් දියත් කොට තිබේ. එහි සමාරම්භය පේරාදෙණිය දුම්රිය ස්ථානයේදී අද (05) ක්‍රියාත්මක වූ අතර  “ පරිසරය හිතැති දුම්රිය ස්ථානයක් ” සංකල්පය යටතේ

පේරාදෙණිය දුම්රිය ස්ථානයේත් පරිසර වැඩසටහන් Read More »