Truth News

ඇඟලුම් කම්හලක් ගින්නෙන් විනාශ වෙයි

(වැලිගම  තරංග)  වැලිගම  උඩුකාව ප්‍රදේශයේ  ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (23 )  අළුයම ගින්නක් හට ගෙන  තිබු බව වැලිගම  පොලිසිය පවසයි . වැලිගම  උඩුකාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය  නිමිඇදුම් අපනයන ඇඟලුම් කර්මාන්ත ශාලාවක  ⁣අද අළුයම කාලයේ මෙම ගින්න හටගෙන තිබිණි .සිද්දිය පිළිබඳව  තොරතුරු සැලවීමත් සමග  වැලිගම  මුලස්ථාන පොලිසිය  ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ  උපදෙස් මත නිලධාරීන් […]

ඇඟලුම් කම්හලක් ගින්නෙන් විනාශ වෙයි Read More »

තහනම් දැල් එලූ හය දෙනෙකු අත්අඩංගුවට.

(වවුනියාව මාධව කුලසූරිය) මුලතිව්,කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලු පුද්ගලයින් හය දෙනෙකු බෝට්ටු පහක් සමඟින් ඊයේ(22) අත්අඩංගුවට ගත් බව මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි. මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය පැවසූවේ කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී සිදුකළ හදිසි වැටලීමකදී අදාළ සැකකරුවන් හා බෝට්ටු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා බෝට්ටු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්,සැකකරුවන්

තහනම් දැල් එලූ හය දෙනෙකු අත්අඩංගුවට. Read More »

දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව නඩු දෙකක් දහවෙනිදා නැවත කැඳවේ

(වැලිගම  තරංග)  වැලිගම w-15 හෝටලයේ වෙඩි තැබිමේ සිදුවිමට අදාළව මාතර අධිකරණයේ විභාග වන නඩුවට පෙනි සිටිම සඳහා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (22 ) දින   මාතර අධිකරණයට පැමිණ සිටි අතර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක ⁣⁣සොලිස්ටර් ජෙනරාල් යොහාන් අබෙිවික්‍රම මහතා පෙනි සිටි අතර දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුලු අනෙකුත් සැකකරුවන් වෙනුවෙන් එස්.රත්නායක මහතා ඇතුලු කණ්ඩායම

දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව නඩු දෙකක් දහවෙනිදා නැවත කැඳවේ Read More »

අද වැසි සමග තද සුළං ඇතිවන ප්‍රදේශ

(චම්පිකා මුතුකුඩ) බස්නාහිර, සබරගමුව, වයඹ සහ  මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.     ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ  පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය  හැක.   බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත්

අද වැසි සමග තද සුළං ඇතිවන ප්‍රදේශ Read More »

රාජ්‍ය බැංකු දෙකක් වාර්තාගත ලාභයක් ලබයි.

(චම්පිකා මුතුකුඩ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු දෙකක් වාර්තාගත ලාභයක් වාර්තා කර ඇති බව කියැවේ. මෙසේ ලාභයක් වාර්තා කර ඇත්තේ ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි. අද (22)  එම බැංකු වල 2024 වාර්ෂික වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායකමහතා වෙත පිළිගන්වනු ලැබිණ.ඒ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදීය. ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා සහ ජාතික ඉතිරි කිරීමේ

රාජ්‍ය බැංකු දෙකක් වාර්තාගත ලාභයක් ලබයි. Read More »

අනියත බියක් එපා. කොවිඩ් අවදානමක් ලංකාවේ නැහැ 

(ලක්මිණි නදීෂා)  ශ්‍රී ලංකාව තුළ නව COVID-19 ප්‍රභේදයක් පැතිරීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත උපුටා දක්වමින් පැවසීය. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය, ආසියාවේ සමහර ප්‍රදේශවල COVID-19 රෝගීන් ඉහළ යාම පිළිබඳ මෑත කාලීන මාධ්‍ය වාර්තා පිළිගත්තේය. ජනගහන ප්‍රතිශක්තිය අඩුවීම වැනි සාධක ඊට දායක විය

අනියත බියක් එපා. කොවිඩ් අවදානමක් ලංකාවේ නැහැ  Read More »

වොෂින්ටනයේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

(ලක්මිණි නදීෂා ) වොෂින්ටනයේ යුදෙව් කෞතුකාගාරයක් අසලදී ඊයේ (21) පස්වරුවේ ඊශ්‍රායල තානාපති කාර්’යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් පවසයි. එක්සත් ජනපද අගනුවර FBI හි ක්ෂේත්‍ර කාර්යාලයෙන් තරමක් දුරින් පිහිටි කැපිටල් යුදෙව් කෞතුකාගාරයෙන් පිටත මෙම වෙඩි තැබීම සිදුව ඇත. ඉන්පසු නොයෙම් X ගිණුමේ සටහනක් තබමින්

වොෂින්ටනයේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ Read More »

වවුනියාව සැළලිහිණිගම ගම්මානයේ නිවසකින් පතුරම් තොගයක් හා තවත් යුධ උපකරණ තොගයක් සොයාගනියි.

(වවුනියාව මාධව කුලසූරිය). වවුනියාව,සැළලිහිණිගම ගම්මානයේ නිවසක තිබි පතුරම් තොගයක් හා තවත් යුධ උපකරණ තොගයක් ඊයේ (21) සවස සොයාගත් බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ වවුනියාව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත සිදුකළ හදිසි වැටලීමකදී පතුරම් තොගය හා යුධ උපකරණ තොගය සොයාගත් බවයි. ටි 56 වර්ගයේ ගිනි අවි වෙනුවෙන් යොදාගන්නා පතුරම් 296 ක්,ටි 56

වවුනියාව සැළලිහිණිගම ගම්මානයේ නිවසකින් පතුරම් තොගයක් හා තවත් යුධ උපකරණ තොගයක් සොයාගනියි. Read More »

වවුනියාව පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපති අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට.

(වවුනියාව මාධව කුලසූරිය) වවුනියාව පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ (21) සවස අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව ආරක්ෂක අංශ පවසයි. වවුනියාව ආරක්ෂක අංශ පැවසූවේ ඉඩම් ආරවුලක් එක් පාර්ශවයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගැනීමට ගිය අවස්ථාවේ අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයේ නිළධාරීන් ගොස් අත්අඩංගුවට ගෙන ඇති

වවුනියාව පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපති අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට. Read More »

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු  වර්ජනය අත් හිටුවති.

(යසංග මහවිතාන) පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින්  අද පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් සංකේත වැඩවර්ජනයක් කැඳවා තිබිණි.තම ගැටළු සම්බන්ධයෙන්   පසුගිය දෙමස පුරාම  සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සාකච්ජාවන් ඉල්ලා සිටියද ඊට ඉඩ නොලැබුණු බැවින් මෙම

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු  වර්ජනය අත් හිටුවති. Read More »