Truth News

පෙරදිග දේශපාලන විද්‍යායතනයේ සහතිකපත් පාඨමාලාවේ නව කණ්ඩායම බඳවා ගැනේ.

සංජීවනී පද්මසේන නොමිලේ පවත්වනු ලබන ඉහත පාඨමාලාව සඳහා 2025 වසරේ පාඨමාලා ආරම්භය, ලියාපදිංචිය, හා දේශන ආරම්භ කිරීම පෙබරවාරි 15 වන සෙනසුරාදා උදෑසන 9 ට බොරැල්ල සුඝීශ්වර ශාලාවේදී සිදු කෙරේ. ලාංකීය ජනතාවගේ දේශපාලන, ආර්ථික හා සන්නිවේදන සාක්ෂරතාවය වැඩි කිරීම සඳහා පවත්වනු ලබන මෙම පාඨමාලාව සඳහා වයස් සීමාවකින් තොරව ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක. එමෙන්ම කිසිදු පාඨමාලා […]

පෙරදිග දේශපාලන විද්‍යායතනයේ සහතිකපත් පාඨමාලාවේ නව කණ්ඩායම බඳවා ගැනේ. Read More »

රජයේ විශ්‍රාමිකයින් උද්ඝෝෂණයක

මොහොමඩ් ආසික් රජයේ විශ්‍රාමිකයින්ගේ නොවිසඳුනු ගැටළු ඉතා ඉක්මනින් විසඳන ලෙස රජයට බල කරමින් මහනුවර පාතදුම්බර විශ්‍රාමික සංගමය අද 11 වන දින වත්තේගම නගරයේදී  විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීය.   රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ සංගමයේ  මහනුවර  පාතදුම්බර ශාඛාවේ  24 වන සංවත්සර රැස්වීම  අද (11) වනදා  වත්තේගම නගර සභා ශ්‍රවනාගාරයේදී  පෙරවරු 9.00 ට පැවැත්විණි.  එයට  සමගාමීව ඔවුහු,  රාජ්‍ය විශ්‍රමිකයින්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින්, වත්තේගම නගර සභාව ඉදිරිපිටදී ඉල්ලීම්

රජයේ විශ්‍රාමිකයින් උද්ඝෝෂණයක Read More »

නාමල් කුමාරගේ සහ අසේල නුවන් රක්ෂිත බන්ධනාගාරයට

විමුක්ති එස් රුද්‍රිගු කොළඹ අතිඋතුම් කාදිනල් මැල්කම්  රංජිත් හිමිපාණන්ට අවමානයක් වන පරිද්දෙන් හා කතෝලික ජනතාව කැළඹෙන ආකාරයේ ප්‍රකාශ කළා යැයි චෝදනා එල්ල වී තිබෙන නාමල් කුමාරගේ සහ අසේල නුවන් යන චූදිතයන් එළැඹෙන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(11) නියෝග කළාය. සිදුවීමට අදාළ නඩුකරය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කොළඹ

නාමල් කුමාරගේ සහ අසේල නුවන් රක්ෂිත බන්ධනාගාරයට Read More »

අලි එලවන ගමන් පොල් පැළ බෙදා දෙයි.

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ  වල් අලි තර්ජන බහුලව ඇති කරුවලගස්වැව ,නෙල්ලිවැව,සියඹලාවැව ඇතුළු ගම්මාන රැසක ජනතාව වෙත නොමිලේ පොල් පැළ බෙදා දීමට කරුවලගස්වැව වනජීවි නිළධාරීහු  කටයුතු කළහ. පසුගිය දින කිපය පුරාම කරුවලගස්වැව ගම්මාන රැසක ජනතාව වෙත පොල් පැළ 500 කට අධික සංඛ්‍යාවක් බෙදා දීමට වනජීවි නිළධාරීන් විසින් කටයුතු කර තිබුණි. මෙම එක් පවුලක් සඳහා පොල් පැළ

අලි එලවන ගමන් පොල් පැළ බෙදා දෙයි. Read More »

රත්නපුරේ රාජකීය ගැමිගෙදරක්. ගමහැර ආ පරපුරේ බාලයන්ට ඉගෙන ගන්න තියන තැනක්

අජිත්ලාල් ශාන්තඋදය පාසල් දරුවන්ට අතීතයේ පැවති ගැමි ජීවන රටා, වෛද්‍ය ක්‍රම, කෘෂිකාර්මික කටයුතු, ආහාර කල්තබාගත් ක්‍රම, පෝෂණය සහ සෞඛ්‍ය පවත්වාගෙන ආ ආකාරය ඇතුලු සාම්ප්‍රදායික සමාජ රටා ගැන අවබෝධයක් ලබාදීමේ තුන්දින ප්‍රදර්ශනයක් රත්නපුර, ගැටන්ගම, රාජකීය විද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා  පැවැත්විණි. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන්ට මෙන්ම, වර්තමානයේ ජීවත්වන අතීත ගම

රත්නපුරේ රාජකීය ගැමිගෙදරක්. ගමහැර ආ පරපුරේ බාලයන්ට ඉගෙන ගන්න තියන තැනක් Read More »

හැරමිටි වලට වැනසෙන සමනල රක්ෂිතය

  අජිත්ලාල් ශාන්තඋදය සිරිපා වන්දනාවේ යන පිරිස් අත්වාරු (හැරමිටි) වෙනුවෙන් සමනල ස්වභාව රක්ෂිතයේ වැඩීගෙන එන පැල වර්ග විසි දහසකට වැඩි ප්‍රමාණයක් වසරකදි කපා දමන බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම රත්නපුර  ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් සහ කුරුවිට එරත්න මාර්ගයෙන් සිරිපා වන්දනාවේ එන බැතිමතුන් මෙම විනාශය සිදුකරන බවද කියති. හැටන් නල්ලතන්නිය මාර්ගයේ එන බැතිමතුන්ට පාර දෙපස යකඩෙන් අත්වාරු

හැරමිටි වලට වැනසෙන සමනල රක්ෂිතය Read More »

පාරට කුණු දැම්මාට නඩු…

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම නගරයේ ප්‍රධාන මාර්ග දෙපසට  කැලි කසල ගෙනවිත් දැමු  පනස් තුන්දෙනෙකු අතරින් දහ අට දෙනකුට එරෙහිව  අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් තිස්පස් දෙනෙකු සඳහා අවවාද කොට රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගත් බව වැලිගම පොලිසිය පවසයි. වැලිගම බල ප්‍රදේශය තුළ නිවාස සහ ව්‍යාපාරක ස්ථාන තුළින් බැහැර කරනු ලබන විවිධ අපද්‍රව්‍ය ක්‍රමවත්ව  ඉවත් කිරීම  

පාරට කුණු දැම්මාට නඩු… Read More »

භූමි තෙල් මගින් බඹර වේගයෙන් දුවන මගී ප්‍රවාහන බස් රථ

කිත්සිරි වනසිංහ අනුරාධපුර  මගී ප්‍රවාහන දුර සේවා බස් රථ බොහොමයක් භූමි තෙල් වලින් ධාවනය කෙරෙන බව අනුරාධපුර ඉන්ධන පිරිවුම් හල් මගින් ලැබෙන තොරතුරු අනාවරණය කරයි.  අනුරාධපුරයෙන් පිට පළාත් වලට ධාවනය වන හා පිට පළාත් වලින් අනුරාධපුරයට පැමිණෙන දුර සේවා මගී ප්‍රවාහන බස් රථ දීර්ඝ කාලයක සිට මෙම ක්‍රියාවේ නිරතව සිටින බවද එම තොරතුරු පෙන්වා දෙයි. 

භූමි තෙල් මගින් බඹර වේගයෙන් දුවන මගී ප්‍රවාහන බස් රථ Read More »

මහ සයුරේ අතරමං වූ විදේශ යුවළ නිරුපද්‍රිතව මුදා ගැනේ.

ප්‍රසන්න ප්‍රදීප් කුමාර යාපනය ඩෙල්ෆ් දුපතේ සංචාරයක් සඳහා ගොස් තිබු විදේශීය යුවළක් රැගත් ටෝලර් යාත්‍රාවක් ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඩෙල්ෆ්ට් දූපත සහ කුරිකඩ්ඩුවාන් අතර මුහුදේ ක්‍රියාවිරහිතව පාවෙමින් තිබියදී නාවික හමුදාවේ මැදිහත් වීමෙන් නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. ඩෙල්ෆ්ට් දූපත නැරඹීමට පැමිණි සංචාරක යුවළක් රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් ඉකුත් 09 දින සන්ධ්‍යාවේ, ඩෙල්ෆ්ට් සිට කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත යාත්‍රා කරමින්

මහ සයුරේ අතරමං වූ විදේශ යුවළ නිරුපද්‍රිතව මුදා ගැනේ. Read More »

කුලමුරිප්පුවී දැව ජාවාරමක් හෙළි වේ.

ප්‍රසන්න ප්‍රදීප් කුමාර    2025-02-11 මුලතිව් ඔඩ්ඩුසුඩාන් කුලමුරිප්පුවී ප්‍රදේශයේ නීති විරෝධිව තේක්ක දැව ප්‍රවාහනය කිරීමට සුදානම්ව තිබු කුඩා කැබ් රථයක් රියදුරෙකු සමග අත්අඩංගුවට ගත් බව ඔඩ්ඩුසුඩාන් පොලිසිය සඳහන් කරයි. මෙම ප්‍රදේශයේ වනාන්තර ආශ්‍රිතව දැව ජාවාරමක් සිදු වන බවට පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය මෙම වැටලීම සිදු කොට තිබේ. මෙහිදී තේක්ක කඳන් 11 ක් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයට ප්‍රවාහනය

කුලමුරිප්පුවී දැව ජාවාරමක් හෙළි වේ. Read More »