Truth News

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පැවැති ක්‍රමය අත්හිටුවීමට පියවර

නිමල් කොළඹිස්ස – මහනුවර   සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ  පැවැති ක්‍රමය  අත්හිටුවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි. පැවැති ක්‍රමවේදය මගින් ඉඩම් ‍කැබැලි බවට පත්වීම සහ ඔප්පුලාභියා විසින් සෙසු ප්‍රතිලාභීන්ගේ අදහස් නොවිමසා ඉඩම් අලෙවි කිරීම වැනි සිද්ධීන් වැළැක්වීම සඳහා නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව ඒ මහතා කීවේය. විසල් […]

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පැවැති ක්‍රමය අත්හිටුවීමට පියවර Read More »

රාවණා ඇල්ල රක්ෂිතය තවමත් ගිනිගනී.

සංජීවනී පද්මසේන බදුල්ල, රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු තවමත් සිදු කෙරෙයි. පොලිසිය, හමුදාව, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා එක් වී සිටින අතර සිවිල් ජනයාගේ නොමද සහය ද ලැබී ඇත. ඇල්ලෙහි සංචාරක ආකර්ශණය නොමදව දිනා ගත් “ඇල්ල ගැප්” නැරඹුම් ස්ථානය ආශ්‍රිතව එම ගින්න හටගෙන ඇති අතර මේ වන විට

රාවණා ඇල්ල රක්ෂිතය තවමත් ගිනිගනී. Read More »

වායුසමනය කළ දුම්රියක කාර්යාලයට යමු ද?

සංජීවනි පද්මසේන වායුසමනය කල කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරයි.  ඒ අනුව ගාල්ල සිට කොටුව දක්වා දුම්රිය දෙකක්, අවිස්සාවේල්ල සිට කොටුව දක්වා එක් දුම්රියක්, හා මීගමුව සිට කොටුව දක්වා එක් දුම්රියක් එලෙස යෙදවීමට සැලසුම් කර ඇත.  ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර එම දුම්රියන් ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වේ. දැනට

වායුසමනය කළ දුම්රියක කාර්යාලයට යමු ද? Read More »

වික්ටෝරියා ජලාශයේ  ජල මට්ටම අඩු වීම ඇරඹෙයි

මොහොමඩ් ආසික් මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර සඳහා ජලය සපයන ප්‍රධාන  ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබෙන අයුරු දැකිය හැකිය. පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් ජලවිදුලි බලාගාර වෙත ජලය සපයන ප්‍රධාන ජලාශ සියල්ලම වාගේ පිරී ඉතිරී ගොස් තිබූ නමුත් මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා

වික්ටෝරියා ජලාශයේ  ජල මට්ටම අඩු වීම ඇරඹෙයි Read More »

ජපාන තානාපතිවරයා උතුරේ සංචාරයක.

වවුනියාව මාධව කුලසූරිය මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමෝතා මහතා 11 දින යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි සංචාරයක නිරතවිය. ජපාන රජයේ මුදල් ප්‍රතිපාදන මත, යාපනය,මුහමාලෙයි ප්‍රදේශයේ සිදුකරන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු  නිරීක්ෂණයටද  ජපාන තානාපතිවරයා එක්විය. යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ හෙලෝ ට්‍රස්ට් ආයතන විසින් සිදුකරන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු හා බිම්බෝම්බ ඉවත් කිරීමේ භූමි සීමාව නිරීක්ෂණයටද තානාපතිවරයාගේ අවධානය යොමු

ජපාන තානාපතිවරයා උතුරේ සංචාරයක. Read More »

ලුණු හිඟයෙන් කරවල නිෂ්පාදනයට දරුණු පහරක්,, “1200 තිබුණු කිලෝ 50 මිටිය 7000,8000 ට ගිහින්,

ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ පසුගිය කාලය පුරාවට පැවති අයහපත් කාලගුණ තත්වය හමුවේ නැවතී ගිය ලුණු නිෂ්පාදනය හේතුවෙන් මේ වන විට දරුණු පහරක් එල්ල වී ඇත්තේ කරවල කර්මාන්තයේ නිරත තමන්ට  බව එම කර්මාන්තයේ නිරතව සිටින පුත්තලම දිස්ත්‍රික්කයේ 1000 කට ආසන්න සුළු හා මහා පරිමාන ව්‍යාපාරීකයෝ පවසති. ධීවර කර්මාන්තයෙන්  ලබා ගන්නා මත්ස්‍ය අස්වැන්නෙන් කොටසක් කරවල සදහා යොදා

ලුණු හිඟයෙන් කරවල නිෂ්පාදනයට දරුණු පහරක්,, “1200 තිබුණු කිලෝ 50 මිටිය 7000,8000 ට ගිහින්, Read More »

නොරෝච්චෝල තුන්වන ජනන යන්ත්‍රය යළි  ජාතික පද්ධතියට,,

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ  තුන්වන ජනන යන්ත්‍රයේ විදුලිය නිෂ්පාදනය 14 වන දින අලුයම වන විට ආරම්භ කල බව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීයකු පැවසිය. පසුගිය 9 දින ජාතික පද්ධතියේ සිදුවු බිඳ වැටිමක් සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර වල විදුලිය නිෂ්පාදනය නැවතීමත් සමඟ ජනන යන්ත්‍ර තුනම ක්‍රියා විරහිත වීමෙන් රටපුරා විදුලි කප්පාදුවකට

නොරෝච්චෝල තුන්වන ජනන යන්ත්‍රය යළි  ජාතික පද්ධතියට,, Read More »

කුරුවිට සංස්කෘතික බල මණ්ඩලයෙන් කුරුවිට මිණි කිරුළ..

වර්ෂා අමරජිත්- එරත්න කුරුවිට සංස්කෘතික බල මණ්ඩලයේ.කුරුවිට ‘මිණි කිරුළ’ කලා උළෙල 2025.02.07.වන දින කුරුවිට  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරය දී  පැවැත්විය . ප්‍රථම වරට පවත්වනු ලැබූ මෙම කලා මංගල්‍යයෙහි ශ්‍රාස්ත්‍රෝධය කලායතනයේ  අධිපති චූලානන්ද මහතාගේ සිසු සිසුවියන් ., සගීත්මා කලායතනයේ කලායතනාධිපති මංජුල ප්‍රසාද් ගූරු තුමන්ගේ සිසුවියන් සහ යසවතී චන්ද්‍රසේකර ගුරුතුමිය ගේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ නර්ථන

කුරුවිට සංස්කෘතික බල මණ්ඩලයෙන් කුරුවිට මිණි කිරුළ.. Read More »

පේරාදෙණිය ආදි විද්‍යාර්ථයින්ගෙන් “Clean pera”

රන්ජන් මඩගම්මන ,ඇහැලියගොඩ Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය 86/87 ශාස්ත්‍ර පීඨ ආදි විද්‍යාර්ථියින්ගේ “දරුවන්ට රටක්  ජාතික එකමුතුව”  හා විශ්වවිද්‍යාලයීය “පාරිසරික තිරසාරත්ව කෙන්ද්‍රය” එක්ව  “Clean Pera”  පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා විශ්වවිද්‍යාලය අවට පිරිසිදු කිරීමේ පරිසර පවිත්‍රතා වැඩසටහනක්   සංවිධානය කර තිබිණි. මෙම පරිසර පවිත්‍රතා වැඩසටහන සඳහා විශ්වවිද්‍යාලය අවට රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල ආදී විද්‍යාර්ථයින්, මහා ශිෂ්‍ය

පේරාදෙණිය ආදි විද්‍යාර්ථයින්ගෙන් “Clean pera” Read More »

අලි අනාථාගාරයේ පනස්වන සැමරුම 

ඇහැලියගොඩ – රංජන් මඩගම්මන  රඹුක්කන, පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර වසර 50 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් වැඩ සටහන් රාශියක් ක්‍රියත්මක කිරීම සැලසුම් කර ඇති බව පින්නවල අලි අනාථාගාරය පවසයි.හෙට  දින (14) සිට 16 වන දින දක්වා එහි දී අලින් පිලිබදව හා පරිසරය පිලිබදව තොරතුරු ඇතුලත්  ප්‍රදර්ශන කුටි  කිහිපයක්  ජනතාව වෙනුවෙන් පැවැත්වෙයි.16 වන දින පෙරවරුවේ අලි

අලි අනාථාගාරයේ පනස්වන සැමරුම  Read More »