Truth News

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත සිරදඬුවම්

(ලක්මිණි නදීෂා) හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවමක් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20ක සිර දඩුවමක් නියම කිරීමට අද(29) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළහ. ඒ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා […]

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත සිරදඬුවම් Read More »

කොත්තු විකුණන ඇතැම් තැන්වල හොදි වෙනුවට කසිප්පු පැකැට් එකක්

    (අජිත්ලාල් ශාන්තඋදය) අලුත් ආණ්ඩුව පැමිණි පසු රත්නපුර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය පැතිරයාම වැඩි වී ඇතැයි ජනතාව තුළ වැරදි අදහසක් පැතිර යන බව  රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා කීවේය. දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස්ථානාධිපතිවරුන්ගේ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ක්‍රියාකලාපය ගැන සතුටු විය නොහැකි බව රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව 28දා රැස්වු අවස්ථාවේ ඔහු අවධාරණය කළේය.

කොත්තු විකුණන ඇතැම් තැන්වල හොදි වෙනුවට කසිප්පු පැකැට් එකක් Read More »

වසර තිස්පහක් තිස්සේ අභාවයට යන නිට්ටෑව වැව

(සමන් පෙරේරා)   අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්නිමඩුව ප්‍රදේශයේ තිබෙන නිට්ටෑව වැව වසර 35කින් පමණ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණපා ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති. මේ වනවිට එම වැවෙහි රොන්මඩ තැන්පත්වීමද, පොතුකොල, සැල්වීනියා හා ජපන් ජබර ආදී ආක්‍රමණික ජලජ ශාක සීග්‍ර ලෙස ව්‍යාප්තවීමද සිදුව ඇතැයි  ගොවීහු පෙන්වා දෙති. නිට්ටෑව වැව යටතේ කුඹුරු අක්කර

වසර තිස්පහක් තිස්සේ අභාවයට යන නිට්ටෑව වැව Read More »

දුම්රියේ ගැටළුවලට හේතුව පරිපාලනයේ අකාර්යක්ෂමතාවයයි – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

  ( මොහොමඩ් ආසික්) දුම්රිය වර්ජනය ඇතුළු දුම්රියේ ගැටළුවලට  හේතුව එහි පරිපාලනයේ අකාර්යක්ෂම  බව යැයි  ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය. අද 28 වනදා මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් මාර්ග අනතුරු සිදුවීමට බලාපාන හේතු සොයා ඒවා සඳහා විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවත් මේ වන

දුම්රියේ ගැටළුවලට හේතුව පරිපාලනයේ අකාර්යක්ෂමතාවයයි – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති Read More »

සුළඟින් ප්‍රවේශම් වන්න

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින (29)  සවස් කාලයේ සිට දිවයියේ නිරිත දිග  කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා  කරයි.   බස්නාහිර, සබරගමුව, මධ්‍යම  සහ  වයඹ  පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.     බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75

සුළඟින් ප්‍රවේශම් වන්න Read More »

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට 2025 වර්ෂය සඳහා නව නිලධාරීහු පත්වෙති.

(බුද්ධික වීරසිංහ, චම්පිකා මුතුකුඩ) මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය සංවිධානයක් වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ  (FMM) වාර්ෂික මහා සභාව ඊයේ (27)  කොළඹ දී පැවැත්වුණි. ඒ කොළඹ පහ බර්නාඩ් සොයිසා මාවතේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී (SLPI) ය. එහිදී 2025 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක්ද තෝරා පත් කරගන්නා ලදී. මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා මහතා කැඳවුම්කරු ලෙසත් ,මාධ්‍යවේදීමේ

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට 2025 වර්ෂය සඳහා නව නිලධාරීහු පත්වෙති. Read More »

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන රජය නිල වශයෙන් ඉල්ලීමක් කර නෑ –  මුස්ලිම් කොන්ග්‍රසය

 (මොහොමඩ් ආසික්)                                                               පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් රජය තවමත් නිල වශයෙන් ඉල්ලීමක් කර නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කීය. අද 28 වනදා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හකීම් මහතා මේ බව කීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ හකීම් මහතා මෙසේද කීය. සමගි ජන

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන රජය නිල වශයෙන් ඉල්ලීමක් කර නෑ –  මුස්ලිම් කොන්ග්‍රසය Read More »

ඩෙංගු අධි වසංගත තත්ත්වයෙන් මහනුවර මුදා ගැනීමට ඩෙංගු ග්‍රාමීය කමිටු

  (නිමල් කොළඹිස්ස – මහනුවර)   ඉදිරියේදී සිදුවිය හැකි ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කය තුළ  ග්‍රාමීය ඩෙංගු කමිටු බලාත්මක කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා පවසයි. ඉකුත් 2023 සහ 2024 වර්ෂ වලට සාපේක්ෂව මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තියේ මන්දගාමී ස්වාභාවයක් නිරීක්ෂණය වන නමුත් ගතවූ ඉකුත් සතියේදී රෝගීන් හමුවීමේ යම්

ඩෙංගු අධි වසංගත තත්ත්වයෙන් මහනුවර මුදා ගැනීමට ඩෙංගු ග්‍රාමීය කමිටු Read More »

හෙට දිවයින පුරා ලංකා බැංකු සේවකයන් වර්ජනයේ

(කිත්සිරි වනසිංහ)  2024 ලංකා බැංකු ලාභය පදනම්ව අනුමත කරන ලද දිරි දීමනා  පාරිතෝෂිකය මුදල් අමාත්‍යංශය මගින් කප්පාදු කිරීමට එරෙහිව හෙට (29) පෙරවරු 10.30 පසු ලංකාව පුරා ලංකා බැංකු සේවකයින් සේවයෙන් බැහැර වීමට තීරණය කර ඇත. අද (28) දහවල් කෑම පැයේ දීප ව්‍යාප්ත සංකේත විරෝධතාවක නිරත වු ලංකා බැංකු සේවකයින් සිය ඉල්ලීම් ඉටු වෙන තෙක් තම

හෙට දිවයින පුරා ලංකා බැංකු සේවකයන් වර්ජනයේ Read More »

අඩු ආදායම්ලාභී හා අසරණ වූ පවුල්වල දරුවන්ට උපකාර කරන විදේශිකයෙක්

(වැලිගම  තරංග ගුණරත්න)  එංගලන්ත ජාතිකයෙකු විසින්  වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  අඩු ආදායම්ලාභී පවුල්වල  අධ්‍යාපනය ලබන දු දරුවන්ට , පියා අහිමි වූ දරුවන්ට, සහ  ආබාධ සහිත දරුවන්ට  රුපියල් 5000 බැගින්  බෙදා දී ඇත. මෙසේ බෙදා දෙන ලද මුදල රුපියල්  ලක්ෂ  විස්සකට ආසන්න වන බව පැවසේ. වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පදිංචි   පියා අහිමි

අඩු ආදායම්ලාභී හා අසරණ වූ පවුල්වල දරුවන්ට උපකාර කරන විදේශිකයෙක් Read More »