Truth News

අනීතිකව නිදහස් වූ අතුල සොයා පුළුල් විමර්ශනයක්.

යසංග මහවිතාන අනුරාධපුර බන්ධනාගාරයෙන් අනීතිකව නිදහස් කළ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව කියමින් නීති විරෝධී ලෙස නිදහස ලත් එම පුද්ගලයා මේවන විට පදිංචි ප්‍රදේශයෙන් පලාගොස් සැගවී සිටින බව වාර්තා වේ.  අනුරාධපුර මහාධිකරණය මගින් […]

අනීතිකව නිදහස් වූ අතුල සොයා පුළුල් විමර්ශනයක්. Read More »

රනිල්  අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

යසංග මහවිතාන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  ඔහු සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ මෙරටට ඖෂධ ගෙන්වීම සම්බන්ධව කරන ලද ප්‍රකාශයකට අනුව ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙසේ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණයට කැඳවා ඇති බව වාර්තා වේ. කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට

රනිල්  අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට Read More »

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහැර වීදි සංචාරය කෙරේ 

හේවාහැට-චම්පික දසනායක  ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහැර අද  (ජූනි 10) සන්ධ්‍යාවේ වීදි සංචාරය කරනු ලැබීය  චිරාගත සම්ප්‍රදායානුකූලව පොසොන් පුර පසළොස්වක පොහොය දින වීදි සංචාරය කරනු ලැබූ මෙවර පොසොන් පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීම සිදු කරන ලද්දේ  ශ්‍රී දළදා මාලිගා ඇත්ගාලේ සිංහරාජ  ඇතු විසිනි .

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහැර වීදි සංචාරය කෙරේ  Read More »

“සුමේධ” ඇවිල්ලා 

සංජීවනී පද්මසේන අද පිංබර පොසොන් පොහොය දිනයේ වනලෝලී සහෘද හිතවතුන් වෙත ප්‍රීතිදායක පුවතක් රැගෙන එන්නේ හද පිරි සතුටිනි.  පසුගිය මාර්තු මස හත් වෙනි දින හබරණ මරදන්කඩවල මාර්ගයේ ගලපිටමඩ ප්‍රදේශයේ දී ලොරියක ගැටී දළයක් කඩා ගත් සුමේධ සියලු දෙනාගේම සිත්වලට රැගෙන ආවේ දැඩි කම්පනයකි.  සුමේධට ප්‍රතිකාර කිරීම පිණිස වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් කණ්ඩායමක්ම රිටිගල වනය

“සුමේධ” ඇවිල්ලා  Read More »

විචිත්‍රවත් මිහින්තලේ මිහිඳු මහ පෙරහැර  වීථි සංචාරය කෙරේ.

සමන් පෙරේරා   පොසොන් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වන මිහිදු මහ පෙරහැර ඊයේ (09) රාත්‍රියේ  වීථි සංචාරය කළේ ය. අලි ඇතුන්ගෙන් සහ විවිධ සංස්කෘතිකාංග වලින් පෙරහැර අලංකාරවත් විය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට වැඩම කිරීමෙන් පසුව පවත්වනු ලබන 2333 වන පොසොන් පින්කමට සමගාමීව මෙම පෙරහැර මංගල්‍යය පවත්වනු ලැබී ය.අලි ඇතුන් දහයක පමණ සංඛ්‍යාවක් ද සමගින් මෙම පෙරහැර

විචිත්‍රවත් මිහින්තලේ මිහිඳු මහ පෙරහැර  වීථි සංචාරය කෙරේ. Read More »

මිහින්තලේ විහාරාධිපති හිමියන්ගෙන් ජනපතිවරයාට ගෞරව නාමයක්.

චම්පිකා මුතුකුඩ මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ගෞරව නාමයක් පිරිනමා තිබේ. මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට මෙම ගෞරව නාමය ප්‍රධානය කර තිබේ. ඒ අනුව අනුව අද දින සිට අනුර කුමාර දිසානායක මහතා “මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි” යන ගෞරව නාමයෙන් පිදුම් ලබයි. ජාතික පොසොන් උත්සවය

මිහින්තලේ විහාරාධිපති හිමියන්ගෙන් ජනපතිවරයාට ගෞරව නාමයක්. Read More »

සබරගමුවේ උසම ගමට යන නන්පෙරියල් පාරේ  ජීප්රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.                                                  

(අජිත්ලාල් ශාන්තඋදය) බළංගොඩ බෙලිහුල්ඔය ප්‍රකට සංචාරක කලාපයක් වන නන්පෙරියල් මාර්ගයේ නන්පෙරියල් වතුයාය දෙසට ගමන් කළ දේශීය සංචාරකයන් රැගත් ජීප් රථයක් බේකර්ස් වංගුවට ඉහළදි 10දා පෙරවරුවේ පහළ ප්‍රපාතයකට පෙරලීමෙන් තුවාල ලැබු තිදෙනෙක් බළන්ංගොඩ මුලික රෝහලට ඇතුළත් කළබව සමනලවැව පොලීසියේ ප්‍රකාශකයෙන් පැවසීය. එම තිදෙනා රෝහලට ඇතුළත් කර ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.

සබරගමුවේ උසම ගමට යන නන්පෙරියල් පාරේ  ජීප්රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.                                                   Read More »

තිරප්පනේ කාර්මික සේවා දන්සල

 සමන් පෙරේරා   පොසොන් වන්දනාවේ ගමන් කරමින් තිබූ කාර්මික දෝෂයන්ට ලක් වූ රථවාහන නොමිලේ අලුත්වැඩියා කරදීමේ “ කාර්මික සේවා” දන්සලක් පොසොන් පෝය දින අද (10) තිරප්පනේ නගරයේ දී පැවැත්විණී. තිරප්පනේ ලක්ෂ්මන් මෝටර්ස්’හි අධිපති ප්‍රසන්න ලක්ෂ්මන් මහතා විසින් සංවිධානය කරනු ලබන මෙම කාර්මික සේවා දන්සැල පවත්වනු ලැබූවේ හයවන වරටය. ප්‍රදේශයේ මෝටර් කාර්මික ශිල්පීන් 15 දෙනෙකුගේ කාර්මික සහය

තිරප්පනේ කාර්මික සේවා දන්සල Read More »

විසිපන්දහසක් උවැසි උවැසියන්ට  උදෑසන දානය පීපල්ස් බැංකුව හා ලීසින් සමාගමෙන්

 කිත්සිරි වනසිංහ  පොසොන් පුර පසළොස්වක පොහොය යෙදුණු අද( 10) දිවයිනේ නන් දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන්ගෙන්  අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධී මළුව සහ රුවන්වැලි මහා සෑ පුදබිම ඇතුළු අටමස්ථානයට අයත් සියලු වෙහෙර විහාරස්ථාන  පිරී පැවතුණි. මහමෙව්නා පුදබිම අතුරු සිදුරු නොමැතිව සීල සමාදානයේ යෙදුණ බැතිමතුන්ගෙන් පිරී යද්දී දසත ඇසෙන සාධුනාදයෙන් මහමෙව්නාව ඒකාලෝකමත් විය.හේවිසි බෙර හඬින්

විසිපන්දහසක් උවැසි උවැසියන්ට  උදෑසන දානය පීපල්ස් බැංකුව හා ලීසින් සමාගමෙන් Read More »

මුස්ලිම් ප්‍රජාවගෙන් බෞද්ධ වන්දනාකරුවන්ට දන්සැලක්

සමන් පෙරේරා   සියලූ ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීමේ පණිවිඩිය ලබාදිම අරමුණු කරගනිමින් අනුරාධපුර වන්දනාවේ එන බැතිමතුන් සඳහා  බනිස් හා තේ පැන් දන්සලක් මුස්ලිම් ජනතාව එක්ව දුම්රිය ස්ථානය අසල දි පැවැත් වීය. ඒ අනුව දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් සඳහා බනිස් සමඟ තේ පැන් සංග්‍රහයක් ලබාදීම මෙහිදී සිදු විය. දෙදහසක පමණ පිරිසක් දන්සල ආරම්භක අවස්ථාවේ දී ම පැමිණ සිටිනු

මුස්ලිම් ප්‍රජාවගෙන් බෞද්ධ වන්දනාකරුවන්ට දන්සැලක් Read More »