උතුරේ කාන්තා අයිතිය සහ සැඟවුනු ප්‍රචණ්ඩත්වය

                     වන්නි, රොමේෂ් මධුෂංක

           

 මෙරට බහුතර පිරිසකට කාන්තා අයිතිය කුමක්දැයි යන්න විධිමත් අවබෝධයක් නෙමැතිවීම බොහෝ ගැටලුවලට මග විවර කර තිබේ. ඒ පිළිබඳව අවබෝධයක් ලබාදීම, දැනුවත් කිරීම සියලු දෙනාගේ වගකීමක් සේ සලකා ක්‍රියාකරන්නේ නම් බොහෝ ගැටලු වෙනුවෙන් විසඳුම් ලැබේයැයි හැඟේ.  

මේ වෑයම වසර 30 කට අධික කාලයක් පැවති මානුෂීය මෙහෙයුම හේතුවෙන් උතුරේ සිංහල, දෙමළ හ මුස්ලිම් කාන්තාවන් පිළිබඳව බොහෝ දෙනෙකු නොදන්නා පැතිකඩක් පිළිබඳව විවිරණයක යෙදීමය.       

උතුරු පළාතේ ක‍්‍රියාකාරි කාන්තා ජාලය හා මඩකලපුව කාන්තා එකමුතුව විසින් උතුරේ දිස්ත්‍රීක්ක වන වව්නියාව , මන්නාරම, කිලිනොච්චිය යන දිස්ත්‍රීක්කයන්හි පසුගියදා පැවති විරොධතා පාගමනකදී හෙලිදරව් වූවේ 2009 වසරේ යුද්ධය අවසන් වී පුද්ගලයින් නැවත පදිංචි වීමෙන් අනතුරුව සෑම වසරකදීම උතුරේ (වව්නියාව, මුලතිව්, මන්නරම, කිලිනෙච්චිය සහ යපනය)  කාන්තාවන්ට ලිංගික අපචාර, ස්ත‍්‍රී දූෂණ හා මිනී මැරීම්, ස්ත‍්‍රී දූෂණයට තැත්කිරීම්, ෂ්ත‍්‍රී දූෂණ, බාලවයස්කාර ගැහැණු ළමුන් දූෂණය සහ බාලවයස්කාර ගැහැණු ළමුන්ට සිදුකල ලිංගික අපචාර පිළිබඳව 300කට  ආසන්න ප්‍රමාණයක් ප්‍රදේශ භාර පොලිස් ස්ථානයන් වෙතට පැමිණිලි ලැබෙන බවය.

මෙලෙස වූ කාන්තා ප්‍රචණ්ඩත්වයන් 1000 කට ආසන්න ප්‍රමාණයක් කිසිදු පොලිස් ස්ථානයක හෝ කිසිදු කාන්තා සංවිධනයකට වාර්තා නොවන තත්වයක් උද්ගතව පවතින බවට උතුරු නැගෙනහිර කාන්තා සංවිධාන මගින් පෙන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන උතුරු පළාත් ක්‍රියාකාරී  කාන්තා එකමුතුව විසින් කියා සිටියේ මෙවැන්නකි.

‘යුද්ධය අවසන් වුනත් මේ කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ යුද්ධය බොහොම අවදානම් වෙලා. එදා යුධ සමයේදී උතුරේ එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයන්හි පැවති වාතාවරණය සොයා බලන්න කව්රුත් හිටියේ නැහැ. නමුත් එවකට සිටි ජාත්‍යන්තර රතුකුරුස කමිටු මගින් හෝ මෙම ප්‍රදේශයන්හි ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර සංවිධාන මගින් සැලකිය යුතු කාන්තා හිංසනයක් වාර්තා  කර තිබුනේ නැහැ. එය මානුෂීය මෙහෙයුම් පැවතීම නිසා වෙන්නත් පුලුවන්.

නමුත් බියවිය යුතු කාරණයනම් මානුෂීය මෙහෙයුම අවසන් වෙලා දැන් වසර 15 කට අධිකයි. කාන්තාවගේ අයිතිය ආරක්ෂාව වලපල්ලටම ගිහින්. කාන්තාවන්ට කුඩා කල දැරියකගේ අවස්ථාවේ සිට වයෝවෘද්ද සමය දක්වාම බියෙන් ජීවත්වීමට සිදුවෙලා. මෙය මූලිකවම ආරම්භ වෙලා තියෙන්නේ පවුල් සංස්ථාව මගින්. පවුල තුලින් කාන්තාවට හිමිවිය යුතු සමබරතාවය අහිමි වීම තමයි මෙයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. ඒකට උතුරු පළාතේ මත් උවදුර වැඩි වශයෙන්ම බලපාලා තියෙනවා.  

මත්ද්‍රව්‍ය පානය නිසාවෙන් උතුරේ තරුණ පරම්පරාව වගේම වැඩිහිටි පරම්පරාවත් විනාශ වෙමින් යන්නේ. මෙහි වැඩිම අවදානමක් ඇත්තේ තරුණ පරම්පරාව. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතාවල සිට පවුල් ජීවිතයේදී අඹුසැමි සම්බන්ධතා දක්වා තරුණියන්, කාන්තාවන් දැඩි සේ පීඩා විඳින බව දැනගන්නට ලැබෙනවා. නමුත් මේ සිදුවීම් වාර්තා වශයෙන් අපට ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ මෙකද මේ කිසිම කාන්තාවක් මේ සඳහා සෘජුව ඉදිරිපත් නොවීම නිසා.

‘උතුරු පළාතේ බොහෝ දුෂ්කර ගම්මානයන්හි කුඩා දැරියන් බොහෝ අවස්ථාවන්හි ලිංගික අපයෝජනයන්ට මෙන්ම දූෂණයන්ට ලක්වනවා. නමුත් මේ සිදුවීම් වලින් 95% ක්ම විවිධ හේතූන් නිසා සැඟවිලා යනවා. ඉතාම සූලු ප්‍රමණයක් තමයි ලෝකය දැනගන්නේ. ඒකෙන් වෙන්නේ වරදකරුවන් තවත් සමාජයේ සැරිසරමින් අපරාධ කරන එක.

කාන්තාවට උපන්දා සිට බියෙන් ජීවත්වීමට පරිසරයක් දැන් දැන් උතුරේ නිර්මාණය වෙලා. යාපනය ගත්තහම විවිධ  ආයුධ කණ්ඩායම් කොයි වෙලාවෙද දන්නෙ නැහැ පහරදීමක් වෙන්නේ .මේ පහරදීම ඇතුලේ කාන්තාවන්ද එක් හේතූවක් වූ අවස්ථා එමටයි. හරියට යුද්දේ කාලේ වගේ දැන් යාපනේ.

ඒ එක පැත්තක් අනිත් පැත්තෙන් උතුරු පළාතේ බහුතරයක් වූ දමිළ ජනතාවගේ බොහෝ සෙයින් කුල ගැටලුව හේතුවෙන් කාන්තාවන්ට විවිධ පීඩාවන්ට ලක්වීමට සිදුව තිබෙනවා.

උත්පත්තියේ සිට විවාහයක් දක්වාම එසේත් නැතිනම් මියයන තුරුම මේ කුල මාන්නයට යටවෙලා ජීවත්වීමට උතුරේ බහුතර කාන්තාවන්ට සිදුවෙලා. ප්‍රේම සම්බන්ධයක් ගත් විට කුලය මුල් වෙයි. කාන්තා පාර්ශවයට අසාමාන්‍ය ලෙසින් දෑවැද්දක් එකතු කිරීමට සිදුවෙයි. දියණියක් යම් පවුලකට බිහි වූ දා සිටම දෙමාපියන්ගේ එකම අරමුණ වන්නේ සිය දියණිය හොඳ දෑවැද්දක් සමගින් විවාහ කරදීමය. එයටද හේතුවක් ඇත. කුලයෙන් අඩු කාන්තාවන් විවාහ කිරීමේදී ඉතා වැඩි දෑවැද්දක් පිරිමි පාර්ශවය වෙතට ලබාදිය යුතුය. එවැනි ඒකාධිපති සමාජයක ජීවත් වීමට උතුරේ කාන්තාවට සිදුවී ඇත.

දමිළ ජනතාවගේ බලවත්ම කුලය ලෙසින් සලකන්නේ දෙමළ වෙල්ලාලවරුය (Vellalar) ..ඔවුන්ගේ අණසකට යටත් සෙසු දෙමළ කුල වන්නේ කෝවියර් (Koviar), පල්ලර් (Pallar) ,නලවාර් (Nalavar), කරායියර් (Karaiyar) ,තිමිලර් (Thimilar) ,මුක්කුවර් (Mukkuvar) යන පහත් බව කියන කුලහීනයෝය. 

මේ හේතුව නිසාම උතුරේ කාන්තාවන් වැඩි පිරිසක් විවාහ ජීවිතයක් ගතකරන අතරවාරයේ විවිධ පීඩාවන්ට ලක්වන්නේ ඇතැම් අවස්ථාවන්හි සිය සැමියාගෙන්, නැන්දම්මාගෙන් මෙන්ම ඥාතීන්ගේද අතිනි.

මේ හේතුන් නිසාම මේ කාන්තාවන් කිසිදු අයෙකුට තම අසාධාරණය කියාපෑමට නොහැකිව ලත් තැනම ලොප් වී ඇත. අප වෙනස් කළ යුත්තේ මෙයයි.. සෑම කාන්තාවකගේම සිතෙහි යම් එඩිතර බවක් නිර්මාණය කළ යුතුය. අයුක්තියට එරෙහිව හඩක් නැගීමට වාතාවරණයක් ගොඩ නැගිය යුතුය. එය ගොඩ නැගීමේදී පවුල් සංස්ථාවද ආරක්ෂා කරගත හැකි අයුරින් සිදුකළ යුතුය. අප මේ උත්සාහ කරන්නේ ඒවැනි දෙයකි..

උතුරේ කාන්තා ගැටලුව සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ මඩකලපුව කාන්තා එකමුතුව සංවිධානය විසින් පෙන්වා දුන්නේ මෙවැන්නකි.

“ උතුරු නැගෙනහිර කියන්නේ යුද්ධය උපරිමයෙන් පැවති පළාත් දෙක. එයිනුත් උතුරු පළාත තමයි වැඩිම. ඉතින් අපේ මේ වෑයම උතුරේ කන්තාවන්ට සිදුවන අසධාරණයන් පිළිබඳව ලෝකයාට පෙන්වාදීමයි.

උදාහරණයක් වශයෙන් උතුරේ එක් ගම්මනයක් ගතහොත් එහි ජීවත්වන කන්තාවක් තමන්ට සිදු වූ අපයෝජනයක් හෝ දූෂණයක් ගැන පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කිරීමට පැමිණෙන්න බොහෝ පසුබට වෙලා. එහි ප්‍රධානම ගැටලුව වී ඇත්තේ උතුරේ බොහෝ පොලිස් ස්ථානවල තිබුණු භාෂා ගැටලුව. සෑම පොලිස් ස්ථානයකම ඉන්නේ සිංහල පොලිස් නිලධාරීන් . ඉතින් බහුතරයක් වූ දමිළ ජනතාව සිංහල කතා කරන්න දන්නෙනැහැ. අනිත් පැත්තෙන් පැමිණිල්ල ලියාගන්න හිටියේ පිරිමි පොලිස් නිලධරීන්. ඉතින් අසාධරණයට ලක් වූ කාන්තාවන් බොහෝ දෙනෙකු සිය සිදුවීම කියන්න ලැජ්ජා වීම හෝබ් යම් බියක් දැක්වීම නිසා පොලිස් පැමිණිල්ලක් දැමීම ගැන දෙවරක් හිතනව.

දැන්නම් උතුරේ බොහෝ පොලිස් ස්ථාන වෙතට දමිළ පොලිස් නිලධාරීන් හා නිලධාරිනණියන් බඳවාගෙන යම් සාධාරණයක් වෙලා තියනවා. නමුත් අසාධාරණයක් වෙන කාන්තාවන් නීතිය වෙනුවෙන් පෙනී සිටීමට සැලැස්වීම තමයි නියම සාධාාරණය වෙන්නේ.

අපි ඔක්කොම කළ යුත්තේ අනාරක්ෂිතව සිටින සෑම කාන්තාවක්ම ධෛර්යමත් කිරීමයි.  සාධාරණයක් වෙනුවෙන් කියන තැනට අපි සෑම කාන්තාවක්ම ගෙන ආ යුතුයි.

මේක ආරම්භ වෙන්න ඕන පවුල තුලින් මේ දේවල් කන්තවන්ට විතරයි. මේ දේවල් කාන්තාවන් විතරයි කළ යුත්තේ කියා වර්ග කිරීමක් නොකොට පිරිමි කාන්තා දෙපාර්ශවයම එක්ව සියලු දේ ඉටුකරගන්නවානම් බොහෝ ගැටලු වෙනුවෙන් විසඳුම් සොයාගන්න පුලුවන්.

දැන් පවතින්නේ දියුණු ආර්ථික ක්‍රමයක් වහේම තාක්ෂණික සමාජයක්. මේ සමාජයත් සමග අද වෙනකොට බොහෝ රටවල කාන්තාව ශක්තිමක් ස්ථානයක ඉන්නවා. ඒ් ගැන අපි අවබෝධ කර යුතුයි. එවිට මේ හැංගිලා ඉන්න කාන්තාවන් සමාජය ඉදිරියට ගේන්න පුලුවන්.

අද වෙනකොට උතුරේ වැන්ඳඹු කාන්තාවන් බොහෝ සෙයින් අසරණ වෙලා ඉන්නවා. ඔවුන්ට වෙන ලිංගික අඩන්තේට්ටම් එමටයි. නමුත් මේ ගැන කියන්න  කෙනෙක් නැහැ. මොකද තමන්ගේ ප්‍රතිරූපයට තවත් හානිවෙයි කියන හැඟීම නිසා.

“උතුරු පළාතේ මෙහෙම කන්තාවන් බොහෝ පිරිසක් ජීවත් වෙනවා. අපිට පුලුවන් උපරිමයෙන් වීදි සංචාරය කරමින් අපි කාන්තාවන් දැනුවත් කරන්න පියවර ගන්නවා. පුලුවන් විදිහට රැස්වීම් තියලා හැකි අයුරින් යම් අවබෝධයක් කරන්න උත්සහ කරනවා. නමුත් මේ දෙය සිදුකල යුත්තේ රාජ්‍ය මැදිහත් වීමකින් කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. මොකද යුධ මනසිකත්වයෙන්  පෙලුණු මේ කන්තාවන්ගේ මානසිකත්වය තවත් විනශ වී යන්නට නොදිය යුතු නිසා.;අපි සියලු දෙනා එක්ව මේ අයව බේරාගත යුතු නිසා.

මෙවැනි වැඩසටහන් හේතුවෙන්ම මේ වන විට උතුරේ තැනින් තැන කාන්තා අයිතීන් වෙනුවෙන් හඬක් නැගීමට  යම් යම් පිරිස් හිස එසවීම ධනාත්මක ලකුණකි. බොහෝ ස්ථානයන්හි විවිධ වූ විරෝධතාවයන් පවත්වමින් කන්තාවන් වැඩි වශයෙන් ඉල්ලා සිටින්නේ තම අයිතිය එසේ නැත්නම් තම නිදහස තමන්ට ලබා ගැනීමය. සියලු දෙනා මේ පිළිබඳව දෙවරක්, තෙවරක් සිතන්නේ නම් මැනවි.

 

වව්නියාව නගර මධ්‍යයේ කාන්තා දූෂණයන් පිළිබඳව ජනතාව දැනුවත් කරමින් පා ගමන් කළ උතුරු නැගෙනහිර කාන්තා සංවිධාන සාමාජිකාවන්

මන්නාරම් දිස්ත‍්‍රීක්කයේ කාන්තා හිංසනය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් වීධී නාට්‍ය රඟදක්වන කාන්තා සංවිධාන සාමාජිකාවන්

යාපනය නගරයේ කන්ත අයිතිය ඉල්ලා පැවති විරෝධතා පාගමනක්

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *