විචිත්‍රවත් මිහින්තලේ මිහිඳු මහ පෙරහැර  වීථි සංචාරය කෙරේ.

සමන් පෙරේරා  

පොසොන් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වන මිහිදු මහ පෙරහැර ඊයේ (09) රාත්‍රියේ  වීථි සංචාරය කළේ ය. අලි ඇතුන්ගෙන් සහ විවිධ සංස්කෘතිකාංග වලින් පෙරහැර අලංකාරවත් විය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට වැඩම කිරීමෙන් පසුව පවත්වනු ලබන 2333 වන පොසොන් පින්කමට සමගාමීව මෙම පෙරහැර මංගල්‍යය පවත්වනු ලැබී ය.අලි ඇතුන් දහයක පමණ සංඛ්‍යාවක් ද සමගින් මෙම පෙරහැර ඉතා විචිත්‍රවත්  ලෙස සංවිධානය කර තිබුණි. උඩරට, පහතරට නර්තනාංග රැසකින් වර්ණවත් වූ පෙරහැර රජරට විශ්වවිද්‍යාලය අසලට සිට වීථි සංචාරය ආරම්භ කර එතැන් සිට කටු සෑය දක්වා පෙරහැර ගමන් කෙරිණි. 

මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන සහය ඇතිව මෙම පෙරහර සංවිධානය කර තිබුණි

විදේශීය පිරිසක් ද පෙරහැර අවස්ථාවට හා පෙරහැර අංග සඳහා එක්ව සිටීම විශේෂත්වයකි. 

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේන නානායක්කාර , සුසන්ත කුමාර , භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය , මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් අනුරුද්ධ නායකබණ්ඩාර , නාච්චාදූව ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු  නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *