සබරගමුවේ උසම ගමට යන නන්පෙරියල් පාරේ  ජීප්රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.                                                  

(අජිත්ලාල් ශාන්තඋදය)

බළංගොඩ බෙලිහුල්ඔය ප්‍රකට සංචාරක කලාපයක් වන නන්පෙරියල් මාර්ගයේ නන්පෙරියල් වතුයාය දෙසට ගමන් කළ දේශීය සංචාරකයන් රැගත් ජීප් රථයක් බේකර්ස් වංගුවට ඉහළදි 10දා පෙරවරුවේ පහළ ප්‍රපාතයකට පෙරලීමෙන් තුවාල ලැබු තිදෙනෙක් බළන්ංගොඩ මුලික රෝහලට ඇතුළත් කළබව සමනලවැව පොලීසියේ ප්‍රකාශකයෙන් පැවසීය.

එම තිදෙනා රෝහලට ඇතුළත් කර ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.

ජීප් රථයේ පිරිමින් පස් දෙනෙක් පැමිණ ඇති බවත් දෙදෙනෙකු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන  බවත් සමනලවැව පොලිසිය පැවසුවේය. ජීප් රථය කොපමණ බෑවුමකට පෙරලී ඇද්දැයි පොලිසිය සදහන් කළේ නැත.

ජීප් රථය පෙරලුනු ස්ථානයට පහළින් එම මාර්ගයේ සංචාරක නැරඹුම් ස්ථානයක් වු බේකර්ස් වංගුව පිහිටා ඇති බවද පොලීසිය කිවේය. එම ප්‍රදේශය අධික බෑවුම් සහිත බව ද පොලිසිය සදහන් කළේය. තුවාල ලැබුවන් කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි බවට තොරතුරු ඇතැයිද පොලිසිය සදහන් කළේය.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය, ගලගම පසුකර ටිකදුරක් යනවිට හමුවන නන්පෙරියල් හන්දියෙන් වමට ඇති වතු මාර්ගයේ කිලෝමිටර්  දහ තුනක් පමණ ගිය පසු මෙම අනතුර සිදුව ඇති බව ද පොලීසිය කියයි.

මෙම මාර්ගය ඇත්තේ නන්පෙරියල් වත්තට සහ සබරගමු පළාතේ උසම ගම වන නැග්රැක් වෙත යාමටය. මෙම මාර්ගයෙන් ලෝකාන්තයට යන නිල නොවන මාර්ගයක්ද ඇත.

මාර්ගයේ ඇති දියඇලි සහ පහළ නිම්නයේ දර්ශනයන්ද ශීත දේශගුණික පරිසරය නිසාද මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදිසයක් බවට නන්පෙරියල් පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *