ඇත් ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

සංජීවනී පද්මසේන

හක්මන ජයසුමනාරාම පුරාණ විහාරස්ථානයේ ගසක බැඳ සිටි ඇතෙකු විසින් පහර දීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හක්මන ජයසුමනාරාම විහාරස්ථානය සංවිධානය කළ හක්මන මිහිඳු පෙරහැර වීදි සංචාරය කර අවසානයේ කරඬුව රැගෙන ගිය මහනුවර දළදා මාලිගාවේ “මිගාර” ඇතා විහාර භූමියේ අඹ ගසක ගැටගසා සිට ඇත. එම අවස්තාවේදී පෙරහැරේ ගමන් ගත් කාවාඩි ශිල්පියෙකු වූ මියගිය පුද්ගලයා ඇතාට ආහාර ලබා දීමට උත්සාහ කිරීමේ දී මෙම ප්‍රහාරයට ලක්වී ඇත. 

මෙහිදී ඇද වැටීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත් වී සිටි බව පොලිසිය පවසයි. 

මෙලෙස මියගොස් සිටින්නේ මුරුතමුර නැගෙනහිර පදිංචි ඒ.එම්.එස්.අසංක නැමැති හතලිස් හතර වියැති පියෙක් වන අතර ඔහු ගුවන් හමුදා ප්‍රධාන බලලත් නිලධාරීවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ගත් තැනැත්තෙකි. 

සිද්ධිය පිළිබඳව හක්මන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *