පාපැදියෙන්  සවාරි  යන්නෝ

සමන් පෙරේරා  

සමාජයට ධනාත්මක පණිවිඩ ලබාදිමේ අරමුණින් වසර 30කට අධික කාලයක සිට පාපැදියෙන් ශ්‍රීලංකාවේ විවිධ ස්ථාන වෙත වන්දනා ගමන් යන පාපැදිකරුවන් පිරිසක් පොසොන් වන්දනාවේ පැමිණි අවස්ථාවේ දි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා මුණගැසීමට පැමිණියහ.

මේ වන විට ගමන් වාර 100කට අසන්න සංඛ්‍යාවක් මෙලෙස පා පැදියෙන් සංචාරය කර ඇති බව ඔවුහු කීහ.මේ ආකාරයට ඔවුන් පාපැදියෙන්ම ගමන් කරමින් ශරීර නිරෝගීතාවය, සමගිය, හා සහජීවනය ආදිය පවත්වා ගැනිමට මෙවන් දෑ කළ යුතු බවට සමාජයට පණිවිඩයක් ලබාදීමට උත්සාහ කරයි. එමෙන්ම පාපැදි ක්‍රීඩාව ප්‍රචලිත කිරිම ද මෙම පිරිසෙහි තවත් අරමුණකි. 

බස්නාහිර පළාතේ සිටින පාපැදි ක්‍රිඩාවේ දැනටත් නිරත වන හා එම ක්‍රීඩාවේ නිරත වී විශ්‍රාම ගත්  පිරිසක් මෙලෙස පැමිණියහ. මෙම පිරිසෙහි වැඩි දෙනෙකු හමුදා සේවයේ නිරත වන රණවිරුවන් වන අතර තරුණ  පිරිසක් ද මේ සඳහා එක්ව සිටිති. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *