උතුරු මැද පළාතට අපරාධ විමර්ශන කොට්ඨාසයක්

සමන් පෙරේරා  

අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරිම අරමුණින් උතුරු මැද පළාත තුළ අපරාධ විමර්ශන කොට්ඨාසයක්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ හා වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පොලිස් ස්ථානය තුළ  අද (08) දින විවෘත කෙරිණි.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරිම උදෙසා පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ආරම්භ කිරිමේ එක් පියවරක් ලෙස උතුරු මැද පළාත තුළ මෙම කාර්යාලයක් ආරම්භ කර ඇත.

කොළඹට පැමිණ තම පැමිණිලි ඉදිරිපත් කිරිම වෙනුවට මෙම කොට්ඨාසය ආරම්භ කිරිමෙන් පසුව ජනතාවට වඩාත් පහසුවෙන් තම පැමිණිලි ඉදිරිපත් කිරිමේ හැකියාව මෙයින් උදාවේ. මෙම සියලු කටයුතු පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ සිදු කිරීම විශේෂත්වයකි.

මේ අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවි සෙනවිරත්න මහතා සහ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් සහභාගී වූහ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *