කොරියානු සංස්කෘතික සැමරුම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී..

 

නිමල් කොළඹිස්ස – මහනුවර

 

කොරියානු සංස්කෘතික සැමරුම් උත්සවයක් කොරියානු තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  පැවැත්විණි.

කොරියානු සංස්කෘතිය හා පාරම්පරික අනන්‍යතාව විදහා දක්වමින් සිත් ඇද ගන්නා සුළු අංශවලින් මෙම සැමරුම සමන්විත විය.

කොරියාවේ සංස්කෘතික අනන්‍යතාව ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීම සහ දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පැවැති මෙම උළලේදී කොරියානු ආහාර රස බැලීමේ අවස්ථාවක් ද සංවිධාන කොට තිබිණි.

කොරියානු ක්‍රීඩා, නාට්‍ය, නර්ථන, සිතුවම් දැක්ම  ආදී සංස්කෘතික ප්‍රසංග ආදියෙන් මෙම උත්සවය සමන්විත විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, කොරියාවේ ශ්‍රී ලංකා තානාපති මියන් ලී මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *